|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    කාටද මචං ගූ ගිහිං තියෙන්නේ ? කුඩු ටීවී එකේ රේනොර් සිල්වාට රෙවිලද?

    kudu newei ganja wikkath apita moko bung. api nam hiru balanneth na. mama meka dakke fb eke page ekak daala thibba. monawa unath un kiyapu dewal atta.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    මටනම් හිතෙන්නේ මැච් දෙකම සල්ලි වලට වික්කා කියලා , නැත්නම් මුන්ට ඕක ගහගන්න බැරි නෑනේ

    team eka athule awlak kiyalath hithenawa :confused:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    1996 අවුරුද්දෙ කෙන්යාවෙ නයිරෝබි වල තිබ්බා සිව්කොන් තරඟාවලියක්..
    ලංකාව, දකුණු අප්‍රිකාව, පකිස්ථානය සහ කෙන්යාව තමයි ටීම් 4..
    ගෲප් ස්ටේජ් එකේ අන්තිම මැච් එක වෙද්දි 95%ක් ෆයිනල් ටීම් දෙක තේරිලා ඉවරයි..
    ඒ ලංකාවයි දකුණු අප්‍රිකාවයි.. පකිස්ථානයට ෆයිනල් එන්න නම් ලොකු මාජින් එකකින් මැච් එක දිනලා
    නෙට් රන්රේට් එකෙන් ඉස්සරහට එන්න ඕන වෙලා තිබ්බා.. ඒක කරන්න මාර අමාරු වැඩක්..
    මොකද පක්කො ගොඩක් පස්සෙන් හිට්යෙ අනික අපි ඒ වෙනකොට වර්ල්ඩ් කප් දිනලා මාස ගානයි..
    කොහොමහරි පක්කො මුලින් බැට් කරලා 381ක් ගැහුවා, අපිට ෆයිනල් යන්න ගහනන් තිබ්බෙ 290යි..
    ඒත් අපි 289ට ඕල් අවුට් වෙනවා වකාර් වාස්ට දාපු සුපිරි යෝකර් එකකින්..
    අපි ෆයිනල් එකෙන් එලියට විසි වෙනවා නොහිතපු විදියට..
    අන්තිම ඕවර් එකේ වාස් ගහන හතරෙ එකක් ගහක වැදිලා වටුනා කියලා හාහූවක් යනවා..
    ඒ දවස් වල ෆේස්බුක් ගොසිප් මුකුත් නැහැ.. ලංකාවම පැය ගානක් බලන් හිටියා අර 4පාර 6ක් වෙලා අපි
    ෆයිනල් ගිහිල්ලා ඇති කියලා.. ඒ දවස් වල සිරස එෆ් එම් ආපු මුල් අවුරුදු 2-3.. හරිම ජනප්‍රියයි..
    ඉතිං මට අද වගේ මතකයි කැලුම් ශ්‍රීමාල් ප්‍රවෘත්ති වලට පස්සෙ විශේෂ ක්‍රීඩා ප්‍රවෘත්ති කියලා මේ නිව්ස් එක කිව්වා..
    ඒක තමයි අපි ෆයිනල් සිලෙක්ට් වෙලා නැහැ, 4 පාර 6 කියලා කියපු එක වැරදි ආරංචියක් කියලා..
    මගේ හදවත කඩා වැටුන විදිය අදවගේ මතකයි.. අදත් මැච් පැරදුනාම එන්නේ ඒ හා සමාන දුකක්මයි..
    ඊයෙ රෑත් එහෙමයි..
    අපි විදවන මේ දුක අපේ ක්‍රීඩකයෝ ඇත්තටම දන්නව නම්..... මීට වඩා කැපවෙලා සෙල්ලම් කරයි..
    අවසාන වශයෙන් කියන්න ඕන 90 ගනන් වල වගේ ක්‍රිකට් වලට ආදරෙන් ගහපු රට ගැන හිතපු/ කැක්කුමක්
    තිබ්බ ටීම් එකක්, අර්ජුන වගේ නායකයෙක්, ආනා පුංචිහේවා වගේ පරිපාලකයෙක්, ගාමිණී දිසානායක වගේ
    ඇමතිවරයෙක් හිටපු සමයක ක්‍රිකට් බලන්න අපි වාසනාවන්ත උනා..
    ආයෙ මැරෙන්න කලින් ඒ වගේ කාලයක් එයි කියලා බලාපොරොත්තු සහගතව බලාගෙන ඉන්නවා..
    එදා කැලුම් ඒ ප්‍රවෘත්තිය කියලා ඉවර කරලා දැම්මේ මෙ සිංදුව.. ඒක දාලා මමත් ඉවර කරන්නම්..


    Sirawara macho Adenna dila thiynwa
    Mama hithuwa mata witharai me wedanawa danenne kiyala
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම ඒ දවස්වල ඉදන්ම ඒක කිව්වා... මේ ස්කොඩ් එකම එක්ක යනවානම් මැතිව්ස් ඒ 15 ඉන්නවා...
    owa kiyala wadak na ban dan
    kusal perera open enna ona tharanga ekka
    one down hoda ekek hadaganan ona api nathuwa ba meka dinanna
    :(