මිනිස්සු කවුරැහරි කියන ඕනම දෙයක් අහනවා නමුත් නිසි අවබෝධයකින් නෙමෙයි. ඔය ඩොලරය ඉහල යන්නේ අපේ රටේ තියන කළමණාකාරීත්වයේ තියෙන අඩුපාඩු නිසයි.
අපේ රටේ තියෙන්නේ ඍන වෙළද ශේෂයක්. ඒ කියන්නේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩියි. ඒ කියන්නේ ලැබෙන ආදායමට වඩා ගෙවන්න තියෙන වියදම වැඩියි. එහෙනම් කොහොමද ඒක අපිට වාසි වෙන්නේ. අපි තෙල් ටික, වාහන, ස්පෙයිර් පාර්ට්ස්, කිරිපිටි, ආහාර ... මෙකී නොකී හැමදේම රටින් ගේන එක තමයි කරන්නේ. වැඩිය ඕන නෑ දැන් ලණු කැරැල්ල පවා රටින් ගේන ඒවා තමයි තියෙන්නේ. එහෙව් තත්ත්වයක් තුල ඩොලරය ඉහල යෑම කොහොමද අපිට වාසි වෙන්නේ?
අනික තමයි සමහරැ කියනවා දේශීය කර්මාන්ත නගා සිටුවන්න පුලුවන්නලු මේකෙන් කියලා. දේශීය කර්මාන්ත නගා සිටුවන්නනම් කරන්න ඕන ආනයන සීමා කිරීම, ඒ මත පනවන බදු වැඩි කිරීම, දේශීය ව්‍යවසායකයා දිරිමත් කිරීම වගේ දේවල් මිසික් මේ වගේ පෙරලුනු පිට හොදයි කියන දේවල් නෙමෙයි. හොදයි අපි තවත් උදාහරණයක් අරන් බලමු කෙනෙක් දේශීය නිශ්පාදනයක් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒකට අවශ්‍යවෙන අමුදව්‍ය ගේන්නේ රටින්. දැන් මොකද වෙන්නේ?. අනික් අපිට අවශ්‍ය කරන හැමදේම අපිට හදාගන්න පුලුවන්ද? අපිට තෙල් නිපදවාගන්න පුලුවන්ද? වාහන, ස්පෙයාර් පාර්ට්ස්, බෙහෙත් වර්ග, ආහාර වර්ග.... ඔය කියන හැම දෙයක්ම අමුදව්‍යයේ පටන් මෙහෙ නිශ්පාදනය කරගන්න පුලුවන්නම් අපිට වාසියක් තියේවි.
අනික රැපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ රටේ සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ඉහල යනවා කියන එකයි. දැන් ඔය වෙන්නේ ඕක තමයි. දැන් ඕක වාසිද, හොදයිද?