අම්බලන්තොට වාදුරුප්ප මාර්ගයේ අද (24) සවස කුඩා ලොරි රථයක් මාර්ගයේ ගමන්ගත් මගියෙකුගේ ගැටී සිදුවූ රිය අනතුරකින් අදාල මගියා බරපතල තුවාල ලබා හම්බන්තොට මහා රෝහලට ඇතුලත් කර තිබේ.
රිය අනතුර සිදුවන අවස්ථාවේ අදාළ මගියා මාර්ගයේ අයිනෙන් ගමන්ගන්නා අයුරු අසල නිවසක තිබු CCTV කැමරාවක සටහන් වී ඇති අතර පසුපසින් අදික වේගයෙන් පැමිණෙන කුඩා ලොරි රථයක් අදාළ මගියාගේ ගැටෙන අයුරුද එහි සටහන් වී තිබේ.
මෙසේ අනතුරින් තුවාල ලබා ඇත්තේ අම්බලන්තොට වාදුරුප්ප ප්රදේශයේම පදිංචි වයස අවුරුදු 64 ක පමණ අයෙකු වන බව වාර්තා වේ.
ඔහු කතරගම කිරිපිඩු දානමය පින්කමක් සඳහා සහබාගිවී නැවත නිවසට පැමිණෙමින් සිටින අතර මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුකල ලොරි රථය හුංගම ප්රදේශයට අයත් එකක් බව අම්බලන්තොට පොලිසිය අනාවරනය කරගෙන තිබේ .
කෙසේනමුත් අනතුර සිදු වීමෙන් පසු අදාළ ලොරි රථයේ රියදුරු ලොරි රථය එම ස්ථානයේ දමා ගොස් ඇති අතර අම්බලන්තොට පොලිසිය ලොරිරතය පොලිස් බාරයට ගෙන තිබේ.
අනතුර සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පරීක්ෂණයක් ආරම්බ කර තිබේ .





