නිවට රජය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113


    https://www.facebook.com/100005716380057/videos/960659294134608/UzpfSTEwMDAwMTQxNzQ3OTA2OToyMDI0NzY5NTE0MjQ2OTQ1/

    රියර් අද්මිරාල් සරත් වීරසේකර ජගත් මානව හිමිකම් සංගමයේ මහා සමුළුව අමතා නොවැම්බර් 24 වන දින කරනලද කතාව

    මිචෙල් මැතිනියනි ඔබ කතා කල යුත්තේ අප සමග මිස මේ නිවට රජය සමග නොවෙයි .

    ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා පක්ෂග්‍රාහී වන අතර ඇයගේ හැසිරීමෙන් වන්නේ කොටි ඩයස්පෝරාවේ චිත්ත දහිරිය වැඩිවීමයි .

    ගරු සභාපතිතුමියනි ,

    ලංකාව පිළිඹදව ඔබලාගේ සමාලෝචන වාර්තා කොටි ත්‍රස්තවාදය පරාජය කල අපේ හමුදාවට විරුද්ධව පලි ගැනීමේ චේතනාවෙන් කරන ලද්දක් බවයි අප දකින්නේ . ලෝකයාට ආදර්ශයක් ලෙස ත්‍රස්තවාදීන්ට දඬුවම් කරනු වෙනුවට ඔබලා ඉලක්ක කරන්නේ උන් පරාජය කල අපේ හමුදාවයි .

    අපේ ජේෂ්ඨ යුධ හමුදා ජනරාල්වරයෙක්, රහස් පොලිසිය භාරව සිටි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු ඇතුලු නිලධාරින් රැසකට අද ඔස්ට්‍රලියාව , බ්‍රිතාන්‍ය වැනි රටවලට වීසා දෙන්නේ නැහැ .ඔවුන්ට විරුද්ධව යුධ හෝ වෙන කිසිම අපරාධ චෝදනාවක් නැහැ. නමුත් මාතෘභූමිය ආරක්ෂා කිරීමේ වරදට ඔවුන්ට දඬුවම් දෙනවා .

    ලංකාවේ මානව හිමිකම් කොමිසම, යුධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන්ට යාමට අවශ්‍ය නිෂ්කාශන වාර්තා දීමෙන් වැලකී සිටිනවා . වීර පදක්කම් 7ක් ලබා ගෙන ඇති කර්නල් හේවගේ , යුධ හමුදා නිලදාරීන් 101 ක් සහ පොලිසේ නිලදාරීන් 11 ක් මාර්තු මාසයේ සිට වීසා ලැබිලත් යාමට නොහැකිව බලා සිටිනවා . ඔවුන් කර ඇති එකම අපරාධය ත්‍රස්තවාදය තුරන් කිරීමයි .රටකට සාමය උදා කරදුන් පුද්ගලයන්ටම එ ජා ස යේ සාමය රැකීමේ ක්‍රියාවලියට සහභාගී වීමට නොහැකි වීම හාස්‍ය ජනක හෝ පිළිකුල් සහගත හෝ නොවේද ?

    ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා පක්ෂග්‍රාහී වන අතර ඇයගේ හැසිරීමෙන් වන්නේ කොටි ඩයස්පෝරාවේ චිත්ත දහිරිය වැඩිවීමයි .

    ත්‍රස්තවාදීන් හා සටන් කරන ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය සෙබළුන්ට අපට වගේ සලකන්නේ නැහැ .ඔබ " අපක්ෂපාති " ප්‍රතිපත්තිය කඩ කරනවා නොවේද ? ඔබ විසින් ගව්රව කලයුතු අපේ රටේ ස්වයිරීත්වයට ඔබ අපහාස කරනවා නොවේද ?

    මිචෙල් මැතිනියනි , ඔබ කියා සිටියා ඔබ සැමවිටම රජයේ කරුණු වලට සවන් දෙන බව .නමුත් කොටි ඩයස්පෝරාවේ සහ ඇමෙරිකාවේ සහයෙන් රට බෙදීමේ පොරොන්දුව මත බලයට පැමිණි වර්තමාන රජය සමග කතා කිරීමෙන් කිසිදු පලක් නැහැ . ඔබ ඔබේ රටට විරුද්ධව ගෙනෙන යෝජනාවකට සම අනුග්‍රහය දක්වනවාද ? කොහෙත්ම නැහැ . නමුත් මේ රජය කළා .ඒ නිසා ඔබ කතා කල යුත්තේ එය හෙලා දකින අප සමග මිස මේ නිවට රජය සමග නොවෙයි . ස්තුතියි ! 2018-09-24
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    රියර් අද්මිරාල් සරත් වීරසේකර මහත්මය සෑහෙන සටනක් කරනව අපේ රටට එල්ල වෙලා තියෙන බොරු චෝදනා වලට විරුද්දව. ඒත් මේ රටේ ඉන්න නයට කහින දේශපාලුවො ඔක්කොම වගේ නිදි. හෙට අනිද්දට හමුදාපතිව UN එකෙන් උස්සන් ගිහින් හිරේ දැම්මත් මුන් නිදි. රටකට ඕන කියපු අර අපමණ අගය නම් ලැබෙනව මදි නොකියන්න දැන්. :angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රියර් අද්මිරාල් සරත් වීරසේකර මහත්මය සෑහෙන සටනක් කරනව අපේ රටට එල්ල වෙලා තියෙන බොරු චෝදනා වලට විරුද්දව. ඒත් මේ රටේ ඉන්න නයට කහින දේශපාලුවො ඔක්කොම වගේ නිදි. හෙට අනිද්දට හමුදාපතිව UN එකෙන් උස්සන් ගිහින් හිරේ දැම්මත් මුන් නිදි. රටකට ඕන කියපු අර අපමණ අගය නම් ලැබෙනව මදි නොකියන්න දැන්. :angry:

    :yes::yes::yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,938
    113
    රජයට හපන් ජෙප්පෝ..දිය යටින් ගින්දර...:rofl:



    20.jpg