සිංහල සංස්කෘතිය කියන්නේ පිදුරංගල ගල උඩ මිනිස්සු හෙලුවෙන් හිටියහම, පස්ස පෙන්නලා ෆොටෝ ගැහුවහම, කෙල්ලෙකුයි කොල්ලෙකුයි කිස් එකක් දුන්නහම, කොල්ලා කෙල්ලව කරේ තියන් හිටියහම හෝ ගල උඩ ලිංගික සංසර්ගය කරහම නැතිවෙලා යන දෙයක් නෙමෙයි. සිංහල සංස්කෘතිය කියන්නේ ලිංගිකත්වය, නිරුවත වගේ කාරණා බොහෝම උසස් මනසකින් රස විඳපු ලෝකයම මවිත කල සංස්කෘතියක්. ගෑනු සීයක් දෙසීයක් හෙලුවෙන් නටනකොට ඒක අතෑරලා ඇවිත් බුදු වුණ මිනිහෙක්ගේ දර්ශණයක් බුද්ධ දර්ශණය. අන්තප්පුරේ කෙල්ලෝ 1000 - 2000 තියන් ඉදලා බුද්ධ ධර්මය පිළිපැඳපු රජවරු හිටපු රටක් මේ රට.
යකෝ සීගිරිය පේන දුරින් තියන පිදුරංගල රජමහා විහාරේ හාමුදුරුවො මෙච්චර කාලෙකට ගෑනු හෙලුවෙන් ඉන්න චිත්ර තියනවා කියලා සීගිරි සිතුවම් වල කලු තෙල් ගාන්න ගියේ නෑ. ඉවසා වදාරළා රහත් ඵලය හොයන් ගියා.
උඹලට ඔය තියෙන්නේ ඇරියර්ස් එකක්. එක්කො එක්කන් යන්න කෙල්ලෙක් නෑ. නැත්නම් ඔහොම ගමනක්වත් යන්න කතා කරන්න යාලුවෙක් නෑදෑයෙක් නෑ.
ඉතින් මේක අස්සට වෙලා කොට කොට රටේම ඉන්න උන්ට බැණ අඬ ගහ ගහ ඉන්නවා. ඕවා කරුම ජීවිත.
හෙට අටමස්ථානේ, දළදා මාලිගාවේ, ගමේ පන්සලේ බුදු මැදුරේ හෙළුවෙන් ඉන්න දෙන්න කියන එක නෙමේ මේ කියන්නේ. හුඳකලාවේ තිබ්බ ගලක් උඩ දැන් මිනිස්සු හිනා වෙලා සන්තෝසෙන් ඉන්නකොට ඒකට වෛර කරන්න එපා.
බුද්ධ ධර්මය කියන්නේ බුද්ධියේ ධර්මය. බුද්ධිය නැත්නම් ඒක වැළඳ ගන්න එපා. එහෙම උනහම බිහි වෙන්නේ විකෘතියක්.
~උපුටා ගැනීමකි.