මචං මේකට ක්ෂණික විසදුම් නැහැ..
මම කලින් පෝස්ට් එකකත් කිව්වා.. දහතුනෙන් පහල ඉදන් ඉස්කෝල ක්‍රිකට් හදන්න ඕන..
මහේලලා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ක එකතුවෙලා ඉස්කෝල ක්‍රිකට් හදනවා..
බෝලෙ සයිස් එක පවා පහුගිය කාලෙ වෙනස් කරලා තියෙන්නේ..
මහේල මේ අවුරුද්දෙ ඉදන් ඒක වෙනස් කරා, කලින් 13න් පහල උන් ගහලා තියෙන්නෙත්
19න් පහල උන් ගහන බෝලෙන්, ඉතිං අපේ ස්පිනර්ස්ලා හැදෙන්නේ නැති එක අහන්න දෙයක්ද?
අර පොඩි අත් වලින් කොහොමද ලොකු බෝලෙ අල්ලන්නේ?
පොඩි බැට් වලින් කොහොමද අර බෝලෙට දුර යන්න ගහන්නේ? ටයිම් කරන්නේ?
එක කෝච් කෙනෙක්වත් බෝඩ් එකෙන් ප්‍රශ්න කරලා නැහැ ඇයි බෝලෙ සයිස් වෙනස් කරේ කියලා..
ඊට පස්සෙ අපේ පලමුපෙල ක්‍රිකට් ස්ට්‍රක්චර් එක හදන්න ඕන පලාත් වලට..
පලාත් ටීම් එක තමයි මේන් ටීම් එක, ක්ලබ් වල පෆෝම් කරන අයට පලාත් ටීම් එකට ගහන්න පුළුවන්.. උන්ට කන්ට්‍රෑක්ට් දීලා හොද ගානක් ගෙවන්න ඕන, එතකොට උන් රට යන්න හිතන්නේ නැහැ..
පලාත් ටීම් වල කෝච්ගේ රෙකමන්ඩේශන් වලින් ඇකඩමි එකක් හදලා ප්ලේයර්ස්ලගේ ටෙක්නිකල්
සහ මානසික පැත්ත හදන්න ඕන,
පර්ෆෝමන්ස් උඩ ඒ ටීම් සිලෙක්ට් කරන්න ඕන..
ඊට පස්සෙ උන්ව නැශනල් ගන්නව නම් ඇකඩමි හෙඩ් ගේ සහ ඒ ටීම් කෝච්ගේ රෙකමන්ඩේශන් උඩ සිලෙක්ට් කරන්න පුළුවන්..
මේක එක දවසෙන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා, මොකද ක්‍රිකට් මේ තත්වෙට කඩාවැටුනේ එක දවසෙන් නෙමෙයි, සුමතිපාලලා මේක කාලයක් තිස්සෙ කාලා දැම්මා අපේ දේශපාලුවො එක්ක එකතුවෙලා..
හරි අත් වලට මේක ගියොත් අපේ ක්‍රිකට් ගොඩදාන්න පුළුවන්..
සිදත්, රොෂාන්, මහේල, මුරලි, සංගා, අරවින්ද වගේ අයට ක්‍රිකට් භාරදුන්නොත් අපිට 2020න් පස්සෙවත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්