There is this concept of credibility in Philosophy, Law and in Science. A guy who talk about alien abductions or live Santa could also speak about gravity. A sane person with a certain two digit IQ could easily decide if he should ever take this guy serious.
විශ්වශනීයත්වය කියන එක ප්‍රධාන කරුණක් දර්ශනය, නීතිය සහ විද්‍යාව කියන අංශවලදී. අනිත් අංශවලදීත් විශ්වශනීයත්වයට ඉතා වැදගත් තැනක් ලැබෙනවා. සමහරු ඉන්නවා පිටසක්වලින් ඇවිත් කල පැහැර ගැනීම් ගැන හෝ ජීවත්ව සිටින නත්තල් සීයා ගැන කතා කියන. ඒ අයම සමහර විට ගුරුත්වාකර්ශනය ගැනත් කියන්න පුලුවන්. නමුත් හොඳ සිහියෙන් පසුවන, අයි කිව් එක යම් පමණකට තියෙන කෙනෙක්ට මේ පුද්ගලයා කියන සියලු දේවල් විශ්වාස කරනවාද, වැදගම්මක් තියෙනවාද කියන එක තීරණය කිරීම පහසු කටයුත්තක්. අපි බොහෝ විට මෙවැනි පුද්ගලයන් ගේ කතා "ඕකා ජෝකර්" කියා බැහැර කරනවා ඇත්ත ජීවිතයේදී.
මීවණපලාන, වහරක, අභය වැනි මෝඝ මහණුන් ගැනත් කතාකරන්න වෙන්නේ ඒ සන්දර්භය තුල තමයි.
ත්‍රීවීල් රියැදුරන් අතරත් එවැනි සාමාන්‍ය බුද්ධියක් තියෙන අය ඇති බව මම නම් දනිමි. අනිත් අතට යම් වෘත්තීයක් ගැන අවඥාවෙන් කතා කරන්නගේ මානසික මට්ටම ගැනත් අපට යම් තීරණයකට එන්න පුලුවන්, ඒක ශිෂ්ඨ ලෝකයේ නම් කරන දෙයක් නොවෙයි.