Me loke hoda minissu thamath innawa

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
පිළිකා රෝගයෙන් පෙලෙන දරුවන් සතුටු කරන්න සුපිරි වීරයෝ මෙන් ඇඳගෙන රෝහලේ විදුරු පිරිසිදු කරන සේවකයන්

zHUpFk0.jpg


මේ අසරණ දරුවට ලොලිපොප් 2ක් ලැබුනම ඔහු ඡායාරූප ශිල්පියාටත් එකක් දුන්න විදිය

NSt8Bfk.jpg


කෑම කන්න තරම් වත් හැකියාවක් නැතුව දුර්වල වෙලා හිටිය මහලු කාන්තාවකට කෑම කවන රථවාහන පොලිස් නිලධාරියෙක්

UjrT4YV.jpg


මේ තරුණියගේ සපත්තු 2 කැඩුනම තමන්ගේ සපත්තු 2 ඇයට දාගන්න දුන්න තරුණයෙක්

9NMwU1r.jpg


තම නිවසට යන මාර්ගයේ හිම ඉවත් කරමින් සිටි වයස්ගත පුද්ගලයෙකුට හෘදයාබාධයක් ඇති වි තිබෙනවා. ඔහුව රෝහලට ගෙන ගිය වෛද්‍ය සේවකයින්
නැවත පැමිණ එම මාර්ගයේ හිම ඉවත් කල අයුරු

7Y6ibuO.jpg


අසරණ දුගී මිනිසුන් වෙනුවෙන් ඇඳුම් පරිත්‍යාග කිරීමට සකස් කරන ලද බිත්තියක්

7nU60Dp.jpg


නිව්යෝක්හි මෙම කේශාලංකාරන ශිල්පියා හැම ඉරිදා දවසකම යාචකයින්ගේ කොණ්ඩය නොමිලයේ කපනවා

Ymo0WSX.jpg


රෝද පුටුවේ ඉන්න ළමයි වෙනුවෙන් හදපු ඔන්චිල්ලාවක්

AqPsiTf.jpg


මේ ඉන්නේ ජේක්, වයස අවුරුදු 3 දී නිවසක් ගිනි ගනිද්දී ගිනි නිවන භටයින් විසින් ඔහුව බේරාගෙන තියෙනවා.
අද ඔහු ගිනි නිවන භටයින් සමගම සේවය කරනවා

d32BbqO.jpg


නිවසක් ගිනි ගනිද්දී බේරාගත් පූසෙකුට ඔක්සිජන් ලබාදෙන ගිනි නිවන භටයෙක්

cGbd9Pf.jpg


සිරියානු සරණාගතයින් ජර්මනියේ නිවාස අහිමි යාචකයන්ට ආහාර ලබා දෙන අයුරු

DnFk74E.jpg


මෙම 20 හැවිරිදි තරුණයා නිවාස නැති යාචකයන් සඳහා ජංගම රෙදි සෝදන යන්ත්රයක් නිර්මාණය කර තිබෙනවා

v9Rp36u.jpg


මොහු මහාචාර්යවරයෙක්, තම ශිෂ්‍යාවක විභාගයට මුහුණදෙන තුරු ඇයගේ දරුවන් බලාගන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ ඔවුන්ගේ නැනී හදිසියේ නිවාඩු ගත්ත නිසා

E2vta0D.jpg


මෙම පුද්ගලයා පිළිකා ප්රතිකාර මධ්යස්ථානයක කාමරයෙන් කාමරයට ගොස් රෝගීන් වෙනුවෙන් වයලීනය වාදනය කරනවා

sLAKaja.jpg


ශ්‍රවන ආබාධයෙන් පෙලෙන මේ දරුවා ශුවණාධාරක පළඳින්න අකමැති වෙලා තියෙන්නේ සුපිරි වීරයන් ඒවා පළඳින්නේ නැති බව කියමින්.
ඉතින් Marvel Comics මේ දරුවා වෙනුවෙන්ම “Blue Ear.” ලෙස සුපිරි වීරයෙකු නිර්මාණය කර ශුවණාධාරක පළඳින්න කැමති කරගෙන තියෙනවා

KX0H58q.jpg


මේ කුඩා දරුවා ඔහු කැමතිම සංගීත කණ්ඩායම හමුවූ අවස්ථාවේ සතුට දරාගන්න බැරුව පැනික් ඇටැක් එකක් හැදිලා තියෙනවා,
එම අවස්ථාවේ මුළු සංගීත කණ්ඩායමම දරුවා සුව අතට හැරෙන්කන්ම ඔහුත් එක්ක බිම දිගාවී ඉඳලා තියෙනවා

jJ8o8si.jpg


ගින්නකින් තම සුරතල් සතුන් බේරාගත් මොහොතේ සතුටු කඳුළු හෙලන කාන්තාවක්

qGP6Smf.jpg


කාන්තාවකට අඩු රුධිර සීනි සහිතව රෝහලට ගෙන ගිය පසුව, ඇයගේ දරුවන් 5 දෙන වෙනුවෙන් නිවසේ රැඳී සිට කෑම පිළියෙළ කර භාජන සෝදන සේවකයන් දෙදෙනෙක්.

OQLC2jD.jpg


සියදිවි හානි කරගැනීමට උත්සහ කරන කාන්තාවකගේ අත තම අතට එකතුකර මාංචු දමා ඇයව බේරාගැනීමට උත්සහ කරන පොලිස් නිලධාරියෙක්

9UAd1Ql.jpg


අවසන් ස්ථානයේ සිටි දරුවා දුකින් අඬනකොට දෙවන ස්ථානයේ සිටි දරුවා නැවතී ඔහුව සනසවමින් දෙදෙනාම තරඟය එකට නිම කල හැටි

bkq0DpH.jpg


ඕස්ට්‍රේලියාවේ ගංවතුරකින් කැන්ගරුවෙකු බේරාගත පුද්ගලයෙක්

1gUspZN.jpg

 

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
ලොලිපොප් සින් එකනම් පට්ටා. වර්ල්ඩ් හන්ගර් නිසා පව්.
 

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,872
    1
    27,960
    113
    මෙවැනි උතුම් මිනිසුන් ලෝකයට වාසනාවක්.

    බස් එකේ මගීන්ගේ ජීවිත බේරගන්න ඕනේ නිසා තමන්ට අනතුරක් වෙන බව දැන දැනම බස් එක පර්වතයට හප්පලා තමන්ගේ ජීවිතය පිදුව අපෙ රටේ වීර බස් ඩ්‍රයිවර් මහත්තය ත් මේ වගේම උතුම් මිනිසෙක්.
     

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    සිරියානු සරණාගතයින් ජර්මනියේ නිවාස අහිමි යාචකයන්ට ආහාර ලබා දෙන අයුරු ?
     

    ky_man

    Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    අපි මොනුන්ද කියලා හිතුනේ මට විතරද?
     
    Last edited:

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    මෙවැනි උතුම් මිනිසුන් ලෝකයට වාසනාවක්.

    බස් එකේ මගීන්ගේ ජීවිත බේරගන්න ඕනේ නිසා තමන්ට අනතුරක් වෙන බව දැන දැනම බස් එක පර්වතයට හප්පලා තමන්ගේ ජීවිතය පිදුව අපෙ රටේ වීර බස් ඩ්‍රයිවර් මහත්තය ත් මේ වගේම උතුම් මිනිසෙක්.

    :yes: :yes: :yes: :yes: :yes:
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    එල බන්

    :no::no: මට මෙහෙම කියනවා


    You must spread some Reputation around before giving it to Misha_K again.