මානව ශිෂ්ණයේ අස්ථියක් පිහිටා නැත්තේ ඇයි?

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මානව ශිෂ්ණයේ අස්ථියක් පිහිටා නැත්තේ ඇයි?

    DES0crBl.jpg



    සත්ත්ව පරිණාමයේ දී විශාල වෙනසකට බඳුන් වූ අංගයක් ලෙස 'ශිෂ්ණ අස්ථිය' සලකන්නට පිළිවන්. මෙය සත්ත්වයෙකුගේ ප්‍රධාන අස්ථි පද්ධතියට සම්බන්ධ නොවූ එකක් වන අතර ශිෂ්ණයේ අග කොටසට වන්නට පිහිටා තිබෙනවා. සත්ත්ව විශේෂයෙන් විශේෂයට මෙහි දිග, ප්‍රමාණය, හා හැඩය වෙනස් වන අතර මිලිමීටරයේ සිට මීටරයක් තරම් දිගු වූ එම අස්ථීන් සත්ත්ව ලෝකයේ හමුවෙනවා. නූතන මිනිසාට මෙවැන්නක් පිහිටන්නේ නැහැ.

    විවිධ සතුන්ගේ ශිෂ්ණ අස්ථීන් හි ස්වභාවය

    වොල්රස් සතුන් හට ප්‍රමාණයෙන් විශාල යෂ්ටියක් වැනි ශිෂ්ණ අස්ථියක් පිහිටා තිබෙනවා. එය දිගින් අඩි දෙකක් පමණ වන අතර, එම සත්ත්වයෙකුගේ දිගින් 6න් පංගුවක් පමණ වෙනවා. මුදු වල්ග ලෙමුර් සත්ත්වයින් හට පිහිටන ශිෂ්ණ අස්ථිය සෙන්ටිමීටරයක් පමණ දිගු වන අතර, ශරීරයේ දිගින් 40න් පංගුවක් පමණ වෙනවා.

    ශිෂ්ණයේ පිහිටන අස්ථිය පිහිටන්නේ ක්ෂීරපායී සත්ත්ව විශේෂ සමහරකට පමණයි. කලාතුරකින් ශිෂ්ණය තුළ අස්ථි මෝදු වූ මිනිසුන් හමුවූවත් එය හුදෙක් 'ශිෂ්ණ අස්ථියක්' නොව අසාමාන්‍ය වර්ධනයක් හේතුවෙන් පටක අස්ථිභවනය වීමෙන් ප්‍රතිඵල වූවක් වෙනවා.


    qdmIzNKl.jpg



    මේ පිළිබඳ ව සිදුකරන ලද පර්යේෂණවලට අනුව ශිෂ්ණයෙහි පිහිටන මෙම අස්ථිය මුලින්ම සම්භවය වී තිබෙන්නේ මීට වසර මිලියන 145කට පෙර, කලලාවාර දරන හා නොදරන සතුන් වෙන් වූ සමයේ දී යි. මෙකල වර්තමාන ප්‍රයිමේටාවන් සම්භවය වී තිබුණේ නැහැ. කෙසේ නමුත් මිනිසාගේ මුතුන්මිත්තන් වූ ආදිතම ප්‍රයිමේටාවන්ට හා ආදි මාංශභක්ෂක සතුන්ට මෙම අස්ථිය පිහිටා තිබුණා. එයින් ගම්‍ය වන්නේ නූතන මිනිස් පරිණාමය සිදුවන විට කෙමෙන් කෙමෙන් එය ක්ෂීණ වී ගොස් ඇති බව යි.

    ශිෂ්ණ අස්ථියක් පිහිටන්නේ ඇයි?

    සත්ත්ව ලෝකය තුළ ශිෂ්ණ අස්ථියක් සම්භවය වී ඇත්තේ ඇයි ද යන්න පිළිබඳ ව විද්‍යාඥයින් මත කිහිපයක් දරනවා. උදාහරණ ලෙස බළලුන් වැනි සමහර ක්ෂීරපායී විශේෂයන්හි ගැහැණු සතුන්ට ඩිම්බ මෝචනය සිදුවන්නේ සංසර්ගය සිදුවන විට යි. මේ හේතුවෙන් ශිෂ්ණ අස්ථිය ඩිම්බ මෝචනය උත්තේජනය කිරීමට දායක වෙන බවට සැලකෙනවා. මේ පිළිබඳ ව ඉදිරිපත් වී ඇති තවත් මතයක් වන්නේ 'යෝනි ඝර්ෂණ කල්පිතය' යි. එයට අනුව ස්ත්‍රී ලිංගයට ශිෂ්ණය ඇතුළු කිරීමේ දී මුහුණපාන බාධක මැඩගෙන නිසියාකාර ව සංසර්ගය සිදුකිරීම සඳහා මෙම ශිෂ්ණ අස්ථිය සම්භවය වී ඇතැ යි සැලකෙනවා.

    බිළාලයින්ගේ ඩිම්බ මෝචනය සිදුවන්නේ සංසර්ගය සිදුවන විට යි.
    මේ පිළිබඳ ව ඇති වඩාත් ජනප්‍රිය හා ශක්තිමත් ම මතය වන්නේ එය වැඩි වේලාවක් ලිංගික කාර්යය හෙවත් අන්තර් අභිජනනය කිරීමට උරදෙන බව යි. මෙමඟින් වැඩි වේලාවක් ශිෂ්ණය ප්‍රාණවත් ව තබාගන්නා අතර, ඒ හේතුවෙන් වැඩි වේලාවක් ස්ත්‍රී ලිංගය තුළ එය තබාගත හැකි වෙනවා. මෙය සම්භවය වී ඇත්තේ තමන් සමග ලිංගික ව එක්වන ගැහැණු සත්ත්වයා වෙනත් පිරිමි සතෙකු සමග ලිංගික ව එක්වීමේ 'සම්භාවිතාව' අඩු කිරීමට බව සැලකෙනවා. මේ අස්ථිය ඇති විශේෂවල සතුන් වැඩි වේලාවක් සිය ශිෂ්ණය ස්ත්‍රී ලිංගය තුළ තබාගෙන එම ක්‍රියාවේ නිරත වන අතර, මේ හේතුවෙන් ගැහැණු සත්ත්වයාට යම්කිසි කාල රාමුවක ලිංගික ව එක්විය හැකි වාර ගණන හා පිරිමි සතුන් ප්‍රමාණය අඩු වෙනවා.


    j1hel9vl.jpg



    විවිධ විශේෂවලට අයත් ශිෂ්ණ අස්ථි
    පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ ප්‍රයිමේටාවන්ගේ පරිණාමය සිදු වූ සම්පූර්ණ කාලය තුළ ශිෂ්ණ අස්ථියක් තිබීම සෑම විටෙක ම මිනිත්තු තුනකට වැඩි හෙවත් දීර්ඝ සංසර්ග කාල ගත කරන විශේෂවලට අනන්‍ය වී තිබූ බව යි. සංසර්ග කාලය දීර්ඝ වන්නට වන්නට එම විශේෂවල මෙම අස්ථිය ද ප්‍රමාණයෙන් විශාල වන අතර කෙටි සංසර්ග කාල සහිත විශේෂවල එය කුඩා හෝ සම්පූර්ණයෙන් ම ක්ෂීණ වී ගොස් තිබෙන බව අනාවරණය වී තිබෙනවා. පර්යේෂණවලින් හෙළි වී ඇති තවත් විශේෂිත කරුණක් වන්නේ ලිංගික ක්‍රියාව සඳහා අධික තරගයකට මුහුණපාන ක්ෂීරපායී විශේෂවලට, වඩා විශාල ශිෂ්ණ අස්ථි ඇති බව යි.

    මිනිසුන්ට ශිෂ්ණ අස්ථිය පිහිටා නැත්තේ ඇයි?

    වර්තමානය වන විට ශුක්‍ර පිටවීම පමාකර සංසර්ග කාලසීමාව වැඩි කරගන්නට විවිධ උපක්‍රම අත්හදා බැලුණ ද, ඇත්තෙන් ම මිනිසා කෙටි සංසර්ග කාලයක් සහිත සත්ත්ව විශේෂයක් වෙනවා. ක්ෂීරපායී සත්ත්ව ලෝකයේ බොහෝ සතුන්ට සාපේක්ෂ ව මිනිසාගේ සංසර්ග කාලය අඩු වන අතර, එය සාමාන්‍යයෙන් මිනිත්තු 2කට අඩු බව ගණන් බලා තිබෙනවා. කෙසේ නමුත් වර්තමාන මිනිසා අනෙක් සතුන් මෙන් ලිංගික සංසර්ගයක දී එක දිගට එම ක්‍රියාව සිදුකරන්නේ නැහැ. ආශ්වාදය වැඩි කරගනු වස් එය නවත්වමින් කඩින් කඩ සිදුකරනවා. මේ නිසා වැඩි කාලයක් 'රති කෙළියෙහි' නිරත වෙන්නට මිනිසාට හැකි වෙනවා.

    කෙසේ නමුත් මිනිසාට වඩා අඩු සංසර්ග කාලයක් ගත කරන සමහර සත්ත්ව විශේෂවලටත් ශිෂ්ණ අස්ථියක් පිහිටා තිබෙනවා. බොනොබෝ නම් චිම්පන්සි විශේෂයේ සාමාන්‍ය සංසර්ග කාලය තත්ත්පර 15 ක් පමණ වන අතර, ඔවුන් සතු ව මිලිමීටර 8ක පමණ ශිෂ්ණ අස්ථියක් තිබෙනවා. මීට හේතු වන්නේ එම විශේෂයේ සතුන් අතර ලිංගික කර්තව්‍ය සඳහා ඇති විශාල තරගය යි. මිනිසා එවැනි තරගයකට මුහුණ නොපාන අතර, බොහෝ විට එක් ලිංගික සහකාරියක් සමග ජීවිත කාලය ම ගත කිරීම සිදුවෙනවා. මේ හේතුවෙන් තම සහකාරියගේ ඩිම්බයට වෙනත් අයෙකුගේ ශුක්‍රාණු එක්වීමේ 'බිය' මිනිස් වර්ගයා තුළ අල්ප වන අතර, ඒ නිසා පරිණාම ක්‍රියාවලිය සිදුවීමේ දී ශිෂ්ණ අස්ථිය නූතන මිනිසා කෙරෙන් සම්පූර්ණයෙන් ක්ෂීණ වී ගොස් තිබෙනවා.

    පසුවදන

    ශිෂ්ණ අස්ථිය පිළිබඳ ව ඉදිරිපත් කර ඇති සියලු මතවාද තවමත් තිබෙන්නේ පර්යේෂණ මට්ටමේ යි. කෙසේ නමුත් මේ වන විට අනාවරණය කරගෙන ඇති කරුණුවලට අනුකූල ව පැහැදිලි වී ඇත්තේ ලිංගික ක්‍රියා සිදුකරන ස්වභාවය අනුව ඒ ඒ විශේෂවල ශිෂ්ණ අස්ථිවල ප්‍රමාණය හා ස්වභාවය වෙනස් ව පවතින බව යි. කෙසේ හෝ වේවා මෙයින් තහවුරු වන තවත් කරුණක් තිබෙනවා. ඒ කුමන සමාජයක හෝ වේවා 'විශාල හා ශක්තිමත්' තැනැත්තා ජයගෙන සිය වර්ගයා බෝ කොට වඩා ශක්තිමත් ජාන ඉදිරි පරම්පරාවලට දායක කරන බව යි.



    උපුටා ගැනීම - https://roar.media/sinhala/
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නැතුව මෙහෙම නම් අස්ථිය තිබ්බොත් කොහොම වෙයිද.... :O
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    නැතුව මෙහෙම නම් අස්ථිය තිබ්බොත් කොහොම වෙයිද.... :O

    එහෙම උනා නම් කොටු පැනලා තොපිලා ඉස්පිරිතාලේ ඇඳක පන්ගාත්තු කරලා අරකෙ ගල් ප්ලාස්ටර් ඔතාගෙන ඉන්න වෙන්නේ :P:P:P:P:P
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    එහෙම උනා නම් කොටු පැනලා තොපිලා ඉස්පිරිතාලේ ඇඳක පන්ගාත්තු කරලා අරකෙ ගල් ප්ලාස්ටර් ඔතාගෙන ඉන්න වෙන්නේ :P:P:P:P:P

    අස්ථි බිදිලද?:lol: