~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    243
    43
    රාජ්‍ය සේවයේ කෙනෙක්ට විරුද්දව නඩු දැම්මොත් ඒ අය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී ඉන්නවා. සමහර විට හොදටම අසාධාරණය පෙනී පෙනී තියෙද්දිත් රාජ්‍ය සේවකයා වෙනුවෙන් පෙනිසිටිනවා (පැමිණිලිකරු ජයත් ලාබනවා). ඒ වගේ වෙලාවල් වලත් නීති පති එකේ අය පෙනී සිටින්නේ මොකද ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹව එලකිරි රයිසින් ස්ටාර් ත්‍රෙඩ් එකේදි දැක්කා.. උඹේ ත්‍රෙඩ්ස් මම බැලුවා ගොඩක් හොදයි.. අන්න එහෙම දිගටම හොද ත්‍රෙඩ්ස් දාගෙන ඉදපං.. වෝට් එක උඹට දෙන්නං..


    ඒක ප්‍රායෝගික නෑ බං..
    වටින් ගොඩින් පොඩ්ඩක් උගන්නන්න පුළුවන් විශයක් ව්දිහට ඒත් ඒකෙන් සිවිල් නීතියෙන් 10%ක් වත් උගන්නන්න බෑ..

    විශය ධාරාවේ ලිමිටඩ් ස්කෝප් එකක් කවර් කරලා හදන්න පුළුවන් ඒ උනාට උගන්නන ගුරුවරයට වයිඩ් නොලේජ් එකක් තියෙන්න එපැයි බං ලමයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න..
    එහෙමනං ලෝයර්ස්ල ගුරුවරු විදිහට බදවගන්න ඕනේ.. ගුරු වැටුපට වැඩ කරන්න ලෝයර්ස්ල එන්නේ නෑනේ බං..
    ඒක ප්‍රැක්ටිකලි කරන්න අමාරුයි..

    ඔව් ඒකනම් ඇත්ත තමා.....මම මෙහෙම ඇහුවේ මටත් ඔය ප්‍රශ්න කිහිපයකටම මුහුණ දෙන්න සිද්ධ වුනා පහුගිය කාලවකවානුවේ.
    එකක් ඉඩම් පැවරීමක්, තව එකක් මියගිය දෙමව්පියෝන්ගේ වත්කම් සහෝදරයන් අතර බෙදා ගැනීමක් වගේ පොඩි පොඩි සිද්ධි. අන්න ඒ වෙලාවේ මට හිතුන ඔය නීති උපදෙස් ගැන දන්නේ නැති, අසරණ, නුගත් මිනිස්සුන්ව කොච්චර නම් රවට්ටන්න පුලුවන්ද කියල.
    පොලිසියකට ගිහාම උනත් කටයුතු කරන විදිහ අපි හුඟ දෙනෙක් හරියට දන්නේ නෑනේ....
    ඒ අතින් මේ එළකිරි වගේ ෆෝරම් එහෙකට ගැටළුවක් දාලා උපදෙසක් ගන්න පුළුවන් එකම වටිනවා.....
    සැහෙන වටිනවා තනුජකගේ උදව්ව...
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මහේස්ත්‍රාත් තුමා ඉඩ තියෙන වෙලාවට එළකිරි පැත්තේ ඇවිත් කට්ටියට නිතී උපදෙස් දෙන එක නම් ලොකු දෙයක් :yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    1 පිටරටක පුරවැසි භාවය ලැබුනොත් ඒ කෙනාට ලංකාවේ තියන දේපලවල අයිතිය පිලිබද නීතිමය තත්වය මොකද්ද ?


    2 බදු ඔප්පුවක් ලියන්න සුදුසු කාල සීමාව වසර කීයක්ද ?



    3 එකම පුද්ගලයෙක්ට බදු ඔප්පුව අලුත් කරමින් දිගටම බදු දීම සුදුසුද එහි අවාසියක් තියනවද ?







     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,573
    2,968
    113
    Sri Lanka
    අපේ අවසරයක් නැතුව යූ ටියුබ් එකට අපි ඉන්න වීඩියෝ එකක් දාන්න පුලුවන්ද? (Eg:- Social experiments etc. )

    වෙන රටක කෙනෙක්ගෙන් මොනවහරි බඩුවක් හෝ සේවයක් ගන්න paypal,skrill එකකින් ගෙවලා. ඒ භාන්ඩය හෝ සේවාව ලැබුනෙ නැත්තන් එයාට විරුද්ධව ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද? :D
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මේ කියන්නේ ඩ්‍රයිවර් බීල හිටියේ නැති අවස්ථාවක නං,

    1. මැරුණු හැම එක්කෙනාටම වන්දි මුදලක් ගෙවන්න වෙනවා රියදුරාට. අයිතිකාරයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ මිනිහට පුළුවන් වාහනයේ අයිතිය තහවුරු කරලා උසාවියෙන් වාහනේ රිලීස් කරගන්න.. ඕපන් පේපර්ස් වාහන වලට කෙලවෙන්නේ මේ වෙලාවට තමයි..

    2.වැරැද්ද කාගෙද දන්නේ නෑ උඹ ඔහොම කිව්වට, උගේ අතේ වැරද්දක් නෑ කියල පෙනුනොත් අනතුරක් වලක්වා නොගැනීමට පොඩි දඩයක් ගහනවා එච්චරයි.

    3. ඔව් අමතරව දිසා අධිකරණයේ වන්දි නඩුවක් දාල වන්දි ගන්න පුළුවන්.. හිරේ යන්න වෙන්නේ නෑ..

    thnks අයියේ :yes::yes::cool::cool::cool::cool:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,167
    113
    පියා , මව , පුතා ,දියණිය සිටින පවුලක පියා මිය ගොස් ඇති නම් පියා ගේ ඉඩම් විකිණීමට කෙසේ කටයුතු කල යුතු ද?
    ස්තුතියි !
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    මටත් ප්‍රශ්නයක් තියනවා, ඇත්තටම ප්‍රශනයක් වෙන්න කලින් බේර ගන්නයි ඔනේ. මම Business එකක් කරන්න යනවා තව එකෙක් එක්ක. මම තමයි Capital එක දමන්නෙ, අනිත් කෙනා Operation කරනවා. කොටින්ම එක කරන්නෙත් එයගෙ ඉඩමක දැනට තියන ව්යාපාරය දියුනු කිරීමක්. එයා මට රිටන් එකක් පොරොන්දු වෙනවා (E.g. 25% in 9 months). මට දැනගන්න ඔනේ නීතිමය පැත්තෙන් මම යොදන සල්ලි protect කරගන්නෙ කොහොමද කියලා.
    1) අපි හවුල් ව්යාපාරයක් රෙගිස්ටර් කන්න ඔනෙද?
    2) හවුල් ව්යාපාරයක් නැතිව වෙනත් agreement එකක් ගහලා වැඩේ කරන්න පුලුවන්ද?
    3) වෙනත් agreement එකක් ගැහුවොත් මට ලැබෙන ලාභය එකේ දමන්න පුලුවන්ද ?
    4) Business රිස්ක් එක (වැඩේ මගදි කෙල වුනොත්) සල්ලි ආපහු ගන්න විදිය එකේ දාන්න ඔනෙද?

    බොහොම ස්තුතියි

     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    රජයේ අධි නීතීඥ වරයෙක් ගේ රාජකාරිය මොකද්ද ?

    රජයේ අධි නීතීඥ කියන්නේ ලොකු බලයක් තියෙන තනතුරක් ද ?
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ


    2. ගේට්ටුවෙන් එලියේ හැපුවොත් බල්ලගේ අයිතිකාරයට විරුද්ධව නඩු දල වන්දි ගන්න පුළුවන්..
    එහෙම බොරුවට රගපාන්න බෑ බං වටේ මිනිස්සු දන්නවනේ එතකොට එහෙම කෙනෙක්ව සාක්ශි විදිහට කැදවනවා..

    බල්ලගේ අයිතිකාරයට විරුද්ධව නඩු ව දාන විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?

    ඔවා ගැනනම් මුකුත් දැනුමක් නැ මට

    පොලිසියට ගිහින් එන්ට්‍රි එකක් දැම්මම පොලිසියෙන් ද නඩුව දාන්නේ

    එහෙම නැත්නම් වෙන කොහෙටද යන්න ඕනේ නඩුව දාන්න
     

    thanujaka

    Well-known member

  • කාන්තාව පිරිමි කෙනාට වඩා පඩියක් ලැබෙන රස්සාවක් කරනවානම් පිරිමි කෙනාට වන්දි ගන්න පුලුවන්ද

    පඩියක් ගත්ත කියල එහෙම ඉල්ලන්න බෑ..
    පිරිමි එක්කෙනාට රස්සාවක් කරගන්න බැරි තත්වෙක නං ඉන්නේ, ඒ කියන්නේ පැරලයිස් වෙලා, අතක් කපලා වගේ නං ඉන්නේ
    සහ ගෑනු කෙනා බිස්නස් තියෙන හුගක් රිච් කෙනෙක් නං වන්දියක් ඉල්ලන්න පුළුවන්.. රස්සාවක් කරන්න පුළුවන් කෙනෙකුට නෝනගෙන් වන්දි ගන්න බෑ..
     

    thanujaka

    Well-known member
  • 1වෙනකෙනෙක් බැන්දොත් හරි ලමයි 18 ට වැඩි නම් මාසික නඩත්තු මුදල් වන්දිවශයෙන් ගෙවිම නතර කරන්න පුළුවන්ද
    2ගෑනු කෙනාගෙන් ස්වාමි පුරැෂයාට වන්දියක් ගන්න අවස්ථා ඇත්තෙම නැද්ද

    නැවත කසාදයක් කරගත්තට පස්සේ වන්දි දෙන්න ඕනේ නෑ..
    ලමය උසස් අධ්‍යාපනය කරනවනං පමණක් වියපත් දරුවා කියල කන්සෙප්ට් එකක් තියෙනවා.. එතකොට අවුරුදු 25 වෙනකං වන්දි දෙන්න ඕනේ.. එහෙම නැත්තං 21 වෙනකං වන්දි දෙන්න ඕනේ රැකියාවක් නොකරනවනං..
    දෙවනි එකට උත්තරේ උඩ රිප්ලයි එකේ තියෙනවා මචං...
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    තවත් ප්‍රස්නයක් :D

    කසාද බැදලා නැති වයස 30 ක පිරිමියෙක්ට ළමයෙක්ව අරන් හදා ගන්න බැරිද ?

    කසාද බැදලා ඩිවෝස් වෙලා තනියම ඉන්න පිරිමියෙක්ට ළමයෙක් අරන් හදා ගන්න බැරිද ?
     

    thanujaka

    Well-known member
  • රාජ්‍ය සේවයේ කෙනෙක්ට විරුද්දව නඩු දැම්මොත් ඒ අය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී ඉන්නවා. සමහර විට හොදටම අසාධාරණය පෙනී පෙනී තියෙද්දිත් රාජ්‍ය සේවකයා වෙනුවෙන් පෙනිසිටිනවා (පැමිණිලිකරු ජයත් ලාබනවා). ඒ වගේ වෙලාවල් වලත් නීති පති එකේ අය පෙනී සිටින්නේ මොකද ?

    ඒක වෙන්නේ රාජකාරි මට්ටමෙන් වෙන වැරද්දක් සම්බන්ධව විතරයි..
    එහෙම උනාම ඒක පුද්ගලිකවම ඒ මිනිහා කරපු වරදක් නෙමෙයි ඒක රජය අතින් උන වැරද්දක් විදිහට තමයි සලකන්නේ..
    මොකද රාජ්‍ය සේවකයා නියෝජනය කරන්නේ රජයනේ..
    රජය වෙනුවෙන් පෙනී ඉන්න එක තමයි එතන කරන්නේ..
    දැන් පොලිසියෙන් පහර දීල හරි මොකක් හරි වෙලා අපිට නඩු දන්න ඕනෙනං සාජන් කුමාරට නඩු දානවා කියල එහෙම නඩු දාන්න බෑ..
    එතකොට පොලිස්පති ඉදන් වගඋත්තරකරුවන් ලෙස නම් කරලා නීතිපතිට විරුද්ධව නඩු දානවා.. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව ඒ අය වෙනුවෙන් පෙනී සිටිනව..
     

    thanujaka

    Well-known member
  • 1 පිටරටක පුරවැසි භාවය ලැබුනොත් ඒ කෙනාට ලංකාවේ තියන දේපලවල අයිතිය පිලිබද නීතිමය තත්වය මොකද්ද ?


    2 බදු ඔප්පුවක් ලියන්න සුදුසු කාල සීමාව වසර කීයක්ද ?



    3 එකම පුද්ගලයෙක්ට බදු ඔප්පුව අලුත් කරමින් දිගටම බදු දීම සුදුසුද එහි අවාසියක් තියනවද ?










    1. නෑ දේපොල හිමිකාරිත්වය අහෝසි වෙන්නේ නෑ..

    2. කාලසීමාව ප්‍රශ්නයක් නෑ.. ඔප්පු කෙටි කාලෙකට ලියන්නේ බද්දේ ගාන වැඩි කරන්න.. එතකොට දැන් දීල තියෙන මුදලට වඩා වැඩි මුදලකට ආයේ අලුත් ඔප්පුවකින් දෙන්න..

    3.නෑ එහෙම ප්‍රශ්නයක් නෑ..
     
    Last edited: