අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්න ලෙඩෙක් ට පොලිසියෙන් ගිහිං කරදර කරමින් ප්‍රශ්න කරන්න යන අවස්ථාවකදී, Hospital එකේ දොස්තර ට නීතිමය වශයෙන් අයිතියක් තිබෙනවාද එය වළක්වන්න?
ඉතාමත් වැදගත් දෙකකදී කට උත්තරයක් ගන්න යද්දී උනත්, උදාහරණයක් විදිහට පාතාල නායකයෙක් හෝ ඒ වගේ දෙයකට වටින ඔත්තුවක් හෝ දෙයක් ලෙඩා දැනගෙන ඉන්න වෙලාවෙදි?
පොලිසියටද වෛද්‍යවරයා ට ද වැඩියෙන් බලය තියෙන්නේ?
එහෙම පුළුවන් නං වළක්වන්න, උසාවි නියෝගයක් අරගෙන ආවොත් ඒත් වෛද්‍යවරයා ට වළක්වන්න පුළුවන් ද?
දේශපාලනය ගැන අහනවා ට sorry. අර රාජිත සේනාරත්න ආණ්ඩුවට ගන්න එපා, ගන්නවා නම් අපි වැඩ වර්ජනය කරනවා කියලා දොස්තරලා එහෙම බල කරනවනේ ජනාධිපතිට, නමුත් විවස්තාවෙ කොහෙවත් දොස්තරලා කියන විදිහට ජනාධිපති ඇමතිලා තෝරන්න කියලා නැහැනේ. එතකොට මේ විදියට බලපෑම් කරන එක නීතියට විරුද්ධයි නේද? දොස්තරලා ට උසාවි නියෝග දුන්නොත් ගනන් ගන්නෙ නැතිවී ඉන්නකොට ඊළඟ පියවර වන්නේ මොකක්ද නීතියෙන්?