~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කිසිම එකක් තියාගන්න බෑ තිබිලා අහු උනොත් එහෙම ඒව දඩුවම් කරන්නේ නෑ ඒක රාජසන්තක කරනවා..

    :baffled: කඩුව කියන එකට definition එකක් තිනවද මොකක් හරි ලංකාවේ නීතියෙන්. ඒ වගේ දේවල් ගැන දැන ගන්න online ලංකාවේ නීති සේරම තිනවද බලන්න එහෙම
    කැපෙන්නේ නැති metal වලින් හදපු ඒවත් බැරිද
    0005626_assassins-creed-officially-licensed-sword-of-odeja_550.jpeg

    මේ වගේ ඒවා full metal එත් blade එක කැපෙන එකක් නෙමේ තින්නේ

    තව liquor ගෙදරක තිය ගන්න පුළුවන් ලිමිටි එකක් තිනවද collectors ලට ලස්සනට තියන්න.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    තනුජක අයියේ ,
    ගෙදර වටේම තාප්ප ගහල ගේට්ටු දාල තියෙන්නේ

    1. ගෙදරට හොරෙක් පැනල ගෙදර ඉන්න බල්ලා හොරාව හපා කෑවොත් අයිතිකාරයට ප්‍රශ්නයක් වෙනවද ?
    2. ළමයෙක් වත්තේ පළතුරැ හොරෙන් කඩන්න හරි වත්තට වැටිච්ච් බෝලයක් අහුලන්න හරි තාප්පෙන් පැනල ඇවිත් බල්ලා ඒ ලමයව හපා කෑවොත් අයිතිකාරයට ප්‍රශ්නයක් වෙනවද ?
    3. ගෙදරට හොරෙක් පැනල ගෙදර ඉන්න කට්ටිය හොරට අතපය කැඩෙන්න ගැහුවොත් හොරට ගෙදර අයිතිකාරයට නඩු දාල වන්දි ඉල්ලන්න පුලුවන්ද ??

    මෙව්වා තමයි දැවෙන ප්‍රශ්න..
    අපේ ගෙදර පේර ගහක් තියෙනවා ඔකේ පේර කඩන්න ඇවිත් පොඩි කොල්ලෙක් ව බල්ල හපල අපි නැති වෙලාවක පොඩි එකාගේ තාත්ත කියනවා බරබරේ දානවා අපිට. බල්ලෙක් ඉන්නවා කියල බෝඩ් එකක් ගහල නෑ හැබැයි උස තාප්ප ගේට්ටු දාල තියෙන්නේ.. බල්ලා අත හපල ටිකක් දරුණුවට..
    මම මනුස්සකමට බෙහෙත් අරන්දෙන්න හැදුවේ එත් මහ මිනිහ කියනවා නඩු දාල වන්දියක් ගන්නවලු.. ළමයෙක් නිසා
    එහෙම නඩුවක් දැම්මොත් මට අවාසිද ?? අපිට අපේ ගෙදර බල්ලෙක් හදන්න බැරිද හොරුන්ගෙන් ගේ පරිස්සම් කරන්න ??
     
    Last edited:

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    cctv පිළිබද නිතිය මොකද්ද

    uqmvCMT.jpg

    රුපයේ තියන විදියට ගෙදරින් පිට කැම් දෙකක් ගහන්න ඉන්නේ , (ගෙදර ගහලා තියන කැමරා වලට අමතරව )
    ඊතල වලින් පෙන්නන්නේ කැම් එක ගහන දිසාව

    එකක් ගේ දොරට අනික එන පාරට මුහුණලා

    පොඩි අඩි පාරක් තියෙන්නේ ගේ දොර ඉදන් කැමරා වට මීටර 4 ක් වත් නැහැ
    පාරේ පළල මීටර 1 ,1 1/2 ක් වගේ

    කැමරා හයි කරන්නේ අපේ හදුනන ගේක බිත්තියක අපි අවසර අරන් පාරේ දිගටම තියෙන්නේ ඒගොල්ලන්ගේ බිත්තිය

    මෙහෙම කැමරා සවි කරන්න නීතියෙන් පුලුවන්ද ?
    පාරේ පොඩි කරදර වගයක් වෙනවා තමයි බලන්නේ
     
    thanujaka

    Well-known member
  • :baffled: කඩුව කියන එකට definition එකක් තිනවද මොකක් හරි ලංකාවේ නීතියෙන්. ඒ වගේ දේවල් ගැන දැන ගන්න online ලංකාවේ නීති සේරම තිනවද බලන්න එහෙම
    කැපෙන්නේ නැති metal වලින් හදපු ඒවත් බැරිද
    0005626_assassins-creed-officially-licensed-sword-of-odeja_550.jpeg

    මේ වගේ ඒවා full metal එත් blade එක කැපෙන එකක් නෙමේ තින්නේ

    තව liquor ගෙදරක තිය ගන්න පුළුවන් ලිමිටි එකක් තිනවද collectors ලට ලස්සනට තියන්න.

    එහෙම definition එකක් නෑ..
    බැලුවම කඩුවක් කියල පේනවනං ඒ ඇති..
    කඩු සහ කිනිසි දෙකම ලග තියාගන්න බෑ..
    Sword or dagger කියලයි තියලයි නීතීයේ තියෙන්නේ..
    කඩුව මොට උනත් stabbing instrument එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් ඒවත් තහනම්..
    අගල් දෙකකට වඩා දිග පිහියක් නිකං වත් පාරෙ ගෙනියන්න බෑ කොපුවක නොදා..

    ලිකර් බොට්ල්ස් තියාගන්න පුලුවන් එකේ ප්‍රශ්නයක් නෑ..
    ඒව විකුණන්න බෑ හැබැයි..
     
    thanujaka

    Well-known member
  • තනුජක අයියේ ,
    ගෙදර වටේම තාප්ප ගහල ගේට්ටු දාල තියෙන්නේ

    1. ගෙදරට හොරෙක් පැනල ගෙදර ඉන්න බල්ලා හොරාව හපා කෑවොත් අයිතිකාරයට ප්‍රශ්නයක් වෙනවද ?
    2. ළමයෙක් වත්තේ පළතුරැ හොරෙන් කඩන්න හරි වත්තට වැටිච්ච් බෝලයක් අහුලන්න හරි තාප්පෙන් පැනල ඇවිත් බල්ලා ඒ ලමයව හපා කෑවොත් අයිතිකාරයට ප්‍රශ්නයක් වෙනවද ?
    3. ගෙදරට හොරෙක් පැනල ගෙදර ඉන්න කට්ටිය හොරට අතපය කැඩෙන්න ගැහුවොත් හොරට ගෙදර අයිතිකාරයට නඩු දාල වන්දි ඉල්ලන්න පුලුවන්ද ??

    මෙව්වා තමයි දැවෙන ප්‍රශ්න..
    අපේ ගෙදර පේර ගහක් තියෙනවා ඔකේ පේර කඩන්න ඇවිත් පොඩි කොල්ලෙක් ව බල්ල හපල අපි නැති වෙලාවක පොඩි එකාගේ තාත්ත කියනවා බරබරේ දානවා අපිට. බල්ලෙක් ඉන්නවා කියල බෝඩ් එකක් ගහල නෑ හැබැයි උස තාප්ප ගේට්ටු දාල තියෙන්නේ.. බල්ලා අත හපල ටිකක් දරුණුවට..
    මම මනුස්සකමට බෙහෙත් අරන්දෙන්න හැදුවේ එත් මහ මිනිහ කියනවා නඩු දාල වන්දියක් ගන්නවලු.. ළමයෙක් නිසා
    එහෙම නඩුවක් දැම්මොත් මට අවාසිද ?? අපිට අපේ ගෙදර බල්ලෙක් හදන්න බැරිද හොරුන්ගෙන් ගේ පරිස්සම් කරන්න ??

    1.නෑ
    2.නෑ
    3.බෑ

    වත්තට පැනපු ලමය කෑවට කරන්න දෙයක් නෑ ඒකට උඹ වගකියන්න ඕනේ නෑ උසාවි යන්න කියපං..
    ඒ උනාට බල්ලා හපනවනං ගේට්ටුවේ බෝඩ් එකක් ගහපං..
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,191
    753
    113
    මෙහෙමයි මචං අපේ වත්ත මායිමෙන් එපිට කිසිම ඉදිකිරීමක් කරන්න අපට අවසර නෑ..
    එහෙම කරන්න තමන්ට වෙන පීඩාව උසාවියට දන්වල ලිඛිත අවසරයක් අර ගන්න ඕනේ..
    ගම්මු විරෝධ වෙනවනං මහජන කැලඹිම් නවත්වන්න ග්‍රාම සේවකට එහෙම බලයක් තියෙනවා..
    ඒකට නං මුකුත් කියන්න බෑ මචං..

    :yes::yes::yes:
    තැනක් යූ මචන් අපි මුකුත් කරන්නේ ගියේ නැ ඕකට ඉතින් ගහමරාගන්න බැනේ බන් කාණු case එකක් නිසා නිකන් දැනුවත් වෙන්න ඇහුවේ උබට ගොඩක් තැන්ක්ස් මචන්
    :yes::yes:
     
    thanujaka

    Well-known member
  • cctv පිළිබද නිතිය මොකද්ද

    uqmvCMT.jpg

    රුපයේ තියන විදියට ගෙදරින් පිට කැම් දෙකක් ගහන්න ඉන්නේ , (ගෙදර ගහලා තියන කැමරා වලට අමතරව )
    ඊතල වලින් පෙන්නන්නේ කැම් එක ගහන දිසාව

    එකක් ගේ දොරට අනික එන පාරට මුහුණලා

    පොඩි අඩි පාරක් තියෙන්නේ ගේ දොර ඉදන් කැමරා වට මීටර 4 ක් වත් නැහැ
    පාරේ පළල මීටර 1 ,1 1/2 ක් වගේ

    කැමරා හයි කරන්නේ අපේ හදුනන ගේක බිත්තියක අපි අවසර අරන් පාරේ දිගටම තියෙන්නේ ඒගොල්ලන්ගේ බිත්තිය

    මෙහෙම කැමරා සවි කරන්න නීතියෙන් පුලුවන්ද ?
    පාරේ පොඩි කරදර වගයක් වෙනවා තමයි බලන්නේ

    ප්‍රශ්නයක් නෑ.. හැබැයි කැමරාවට අනුන්ගේ ගෙවල් පේන්න බෑ.
    උඹේ රූප සටහනේ house 1 ගෙදර හෝ වත්ත කැමරා එකකට පේනවනං එහෙම කැමරා ගහන්න බැ... එයාලගේ පුද්ගලිකත්වයට හානියක් වෙන්නේ නැත්තං ප්‍රශ්නයක් නෑ..
     
    thanujaka

    Well-known member
  • :yes::yes::yes:
    තැනක් යූ මචන් අපි මුකුත් කරන්නේ ගියේ නැ ඕකට ඉතින් ගහමරාගන්න බැනේ බන් කාණු case එකක් නිසා නිකන් දැනුවත් වෙන්න ඇහුවේ උබට ගොඩක් තැන්ක්ස් මචන්
    :yes::yes:

    එල මචං..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,913
    1
    56,932
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ උසාවියකින් restraining order එකක් ගන්න පුලුවන්ද? මම දන්න ගැහැනු කෙනෙකුට එයාගෙ පෙර විවාහයක සැමියා කෝල් කරල වාත වෙනව. මොනවද කරන්න පුලුවන් ඒ වගේ දේකට?

    බොහොම ස්තුතියි!
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙම definition එකක් නෑ..
    බැලුවම කඩුවක් කියල පේනවනං ඒ ඇති..
    කඩු සහ කිනිසි දෙකම ලග තියාගන්න බෑ..
    Sword or dagger කියලයි තියලයි නීතීයේ තියෙන්නේ..
    කඩුව මොට උනත් stabbing instrument එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් ඒවත් තහනම්..
    අගල් දෙකකට වඩා දිග පිහියක් නිකං වත් පාරෙ ගෙනියන්න බෑ කොපුවක නොදා..

    ලිකර් බොට්ල්ස් තියාගන්න පුලුවන් එකේ ප්‍රශ්නයක් නෑ..
    ඒව විකුණන්න බෑ හැබැයි..

    පාර්ලිමේන්තු යන්න හිතෙනව මේවා දකිද්දී.
    thanks machan

    පත්තර වල එහෙම ලොකුවට ගියා news එක දැන් හොයා ගන්න නැහැ එළකිරි thread එහෙමත් දාල තිබ්බ fancy bottle collection එකක් අල්ලල මිගමුව පැත්තේ මතක විදිහට. police උන් ඔසාම බිල්ලාඩන් අල්ල ගත්ත වගේ හෙන අභිමානෙන් ෆොටෝ එකේ හිටියේ . උන්ම කියල තිබ්බ එක විනෝදාංශයක් වශයෙන් අවරුදු ගානක් එකතු කරපුව කියල කැබිනෙට් එකක් පිරෙන්න වගේ තිබ්බ දැක්ක විදිහට. පස්සේ උසාවියෙන් release කරද නම් දන්නේ නැහැ.
     
    thanujaka

    Well-known member
  • ලංකාවෙ උසාවියකින් restraining order එකක් ගන්න පුලුවන්ද? මම දන්න ගැහැනු කෙනෙකුට එයාගෙ පෙර විවාහයක සැමියා කෝල් කරල වාත වෙනව. මොනවද කරන්න පුලුවන් ඒ වගේ දේකට?

    බොහොම ස්තුතියි!

    පුළුවන්.. හැබැයි ඒකට පොලිස් පැමිණිල්ලක් අවශ්‍ය වෙනවා.. එයා දැන් පදිංචි පොලිස් බල ප්‍රදේශයේ ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න.. ඔයාලගේ පොලිසියේ නෙමෙයි ඒ කලින් සැමියා පදිංචි බල ප්‍රදේශයේ පොලිසියෙ..
    එතකොට එයාවත් ගෙන්නලා පැමිණිල්ල විභාග කරනවා.. එතකොට පොලිසියෙන් එයාට අවවාද කරනවා ආයෙ එහෙම කරන්න එපා කියලා.. ඒත් නැවත්තුවේ නැත්තං උසාවි නියෝගයක් අරගන්න පුළුවන් ..
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ප්‍රශ්නයක් නෑ.. හැබැයි කැමරාවට අනුන්ගේ ගෙවල් පේන්න බෑ.
    උඹේ රූප සටහනේ house 1 ගෙදර හෝ වත්ත කැමරා එකකට පේනවනං එහෙම කැමරා ගහන්න බැ... එයාලගේ පුද්ගලිකත්වයට හානියක් වෙන්නේ නැත්තං ප්‍රශ්නයක් නෑ..

    අපේ ගෙදර දොර පෙන්න ගහලා තියන කැමරාවට house 1 ලාගේ දොරත් පේනවා ( house 1 ලාගේ දොර තියෙන්නේ කෙලින් අතට යනපාරේ නෙමේ හරහට යන පාරේ )

    මේක ප්‍රශ්නයක් වෙනවා උඩ කිව්ව විදියට ,
    එතොට එගොලනට කරන්න පුළුවන් දේ මොකද්ද ?
    පොලිසියට පැමිණිලි කරොත් පොලිසියට කැමරා ගලවන්න පුලුවන්ද ? නඩු දැම්මොත් දඩයක් ගෙවන්න ඕනෙද ?
     
    thanujaka

    Well-known member
  • පාර්ලිමේන්තු යන්න හිතෙනව මේවා දකිද්දී.
    thanks machan

    පත්තර වල එහෙම ලොකුවට ගියා news එක දැන් හොයා ගන්න නැහැ එළකිරි thread එහෙමත් දාල තිබ්බ fancy bottle collection එකක් අල්ලල මිගමුව පැත්තේ මතක විදිහට. police උන් ඔසාම බිල්ලාඩන් අල්ල ගත්ත වගේ හෙන අභිමානෙන් ෆොටෝ එකේ හිටියේ . උන්ම කියල තිබ්බ එක විනෝදාංශයක් වශයෙන් අවරුදු ගානක් එකතු කරපුව කියල කැබිනෙට් එකක් පිරෙන්න වගේ තිබ්බ දැක්ක විදිහට. පස්සේ උසාවියෙන් release කරද නම් දන්නේ නැහැ.

    එහෙම අල්ලන්න බෑ බෝතල් තිබ්බ කියලා..
    එහෙමනම් ඇත්තටම මම ගාවත් තියෙනවා තෑගි ලැබිච්ච බෝතල් 43ක කලෙක්ශන් එකක්..
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    පාරේ මග තොටේ බහින් බස් වීමක් ,ගහ ගැනීමක් දක්කවා දුර දිග ගියොත් ?

    පළවෙනියට ගැහුව පුද්ගලයාද වැරදි කරු වෙන්නේ ?
    දෙවැනියාට ගැහුව පුද්ගලයා තමාගේ අතම ආරක්ෂාවට 1 පුද්ගලයාට පහරදීමක් කලොත් 1වෙනියා තුවාල ලැබුවොත්
    දෙවැනි පුද්ගලයා ආත්ම ආරක්ෂාවට කියා ගැලවීමට හැකිද ?
    පොලිසියේ සිටිය යුතු වෙනවාද ?

    අදිකරණයේදී 1 පුද්ගලයා මෙහිදී නිවැරදි කරු වුවවත් ,
    වෙනත් රටකදී විසා ගැනීමේදී පොලිස් වාර්තා ඉල්ලු විට මෙය සදහන් වෙනවාද ? මෙය විසා ප්රෙතික් ශේප කිරීමට තරම් කාරණයක් ද ?
    (pr වලදී වගේ )
     
    thanujaka

    Well-known member
  • අපේ ගෙදර දොර පෙන්න ගහලා තියන කැමරාවට house 1 ලාගේ දොරත් පේනවා ( house 1 ලාගේ දොර තියෙන්නේ කෙලින් අතට යනපාරේ නෙමේ හරහට යන පාරේ )

    මේක ප්‍රශ්නයක් වෙනවා උඩ කිව්ව විදියට ,
    එතොට එගොලනට කරන්න පුළුවන් දේ මොකද්ද ?
    පොලිසියට පැමිණිලි කරොත් පොලිසියට කැමරා ගලවන්න පුලුවන්ද ? නඩු දැම්මොත් දඩයක් ගෙවන්න ඕනෙද ?

    ඔව් පැමිණිල්ලක් දැම්මොත් පොලිසියෙන් මුලින්ම කියනවා කැමරා ගලවන්න කියලා ඒ ගැලෙව්වේ නැත්තං උන්ට පුළුවන් නඩු දාන්න පොලිසිය ඕවට නඩු දාන්නේ නැ..[
    නඩු දාම්මොත් එයාලගේ වත්ත පේනවනං අනිවාර්යයෙන්ම කමරා එක ගලවල අයින් කරන්න කියනවා..
    නෑ දඩ ගහන්නේ නෑ පලවෙනි වතාවට..
    ආයෙත් හයි කලොත් දඩ ගහනවා..
     
    thanujaka

    Well-known member
  • පාරේ මග තොටේ බහින් බස් වීමක් ,ගහ ගැනීමක් දක්කවා දුර දිග ගියොත් ?

    පළවෙනියට ගැහුව පුද්ගලයාද වැරදි කරු වෙන්නේ ?
    දෙවැනියාට ගැහුව පුද්ගලයා තමාගේ අතම ආරක්ෂාවට 1 පුද්ගලයාට පහරදීමක් කලොත් 1වෙනියා තුවාල ලැබුවොත්
    දෙවැනි පුද්ගලයා ආත්ම ආරක්ෂාවට කියා ගැලවීමට හැකිද ?
    පොලිසියේ සිටිය යුතු වෙනවාද ?

    අදිකරණයේදී 1 පුද්ගලයා මෙහිදී නිවැරදි කරු වුවවත් ,
    වෙනත් රටකදී විසා ගැනීමේදී පොලිස් වාර්තා ඉල්ලු විට මෙය සදහන් වෙනවාද ? මෙය විසා ප්රෙතික් ශේප කිරීමට තරම් කාරණයක් ද ?
    (pr වලදී වගේ )

    පාරේ තොටේ ගහගත්තොත් දෙන්නටම දෙන්නටම උසාවි යන්න වෙනවා..
    දෙවනියට ගහපු එක්කෙනාට පලවෙනියට බරපතල විදිහට පහර දෙන්න බැ.. අවස්ථාවෙන් බේරෙන්න පහර දුන්න කියල කියන්න පුළුවන්.. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඒ වෙලාවේ එතන උනා කියන සිද්ධිය පොල්සිය වාර්ථා කරන විදිහට අනුව තමයි..

    නිවරදිකරු උනොත් පොල්සි වාර්ථා වල ඒව සටහන් වෙන්නේ නෑ..
    වැරදිකරු උනොට් සටහන් වෙනවා..
    වැරදිකරු කියල සටහන් උනොත් අනිවාර්යයෙන්ම PR රික්වෙස්ට් එකට ඒක ප්‍රශ්නයක් වෙනවා..