~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව ලිංගික එක්වීමක් කරන්න අවම වයස සීමාව 16 ද 18 ද?

    ඉස්ලාම් විවාහ නීතිය අනුව අවුරුදු 12ට වැඩි ගැහැනු දරුවෙක්ව විවාහ කරගන්න පුලුවන්ද?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,940
    6,818
    113
    Nawala
    නීතිඥයෙක් විදිහට අවුරුදු 4ක අඛණ්ඩ සේවය තියෙන්න ඕනේ..
    ඊටපස්සේ ඒකට වෙනමම් විභාගයක් තියෙනවා.
    ඒකෙන් සමත්වෙන කට්ටියව ඉන්ටර්වීව් කරනවා..
    වැඩිම ලකුණු ලබාගත්ත සහ නඩු වලින් දිනල හොද ප්‍රතිශතයක් තියෙන එක්කෙනෙක්ව දෙන්නෙක්ව වේකන්සි අනුව සේවයට බදවගන්නවා..
    ජූරි තියෙනවා මහාධිකරණයෙන් උඩ..




    ජූරියේ තීරණයට විනිසුරු එකග නොවුනත් , ජූරියේ තීරණය අවසාන තීරණය වෙනවද ?
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    මහින්දගේ බලය රැකගන්න කොටසක් කොලඹට එනවා.. තව කට්ටියක් රනිල්ගේ බලය රකින්න කොලඹට එනවා..
    නමුත් ජාතික මට්ටමේ වැදගත් ප්‍රශ්නයක් දැක්කම මිනිස්සු අහක බලන් ඉන්නවා..
    හරක් රංචුවට නායකය වෙන්නේ තව හරකෙක්මයි, සිංහ රංචුවට සිංහයෙක් නායකය වෙන්නේ තව සිංහයෙක්මයි, ඒ මිසක හරක් රැලේ සිංහයෝ රජ වෙන්නේ නෑ..
    ඒකයි අපිට උනේ..

    thank U
     

    thanujaka

    Well-known member
  • ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව ලිංගික එක්වීමක් කරන්න අවම වයස සීමාව 16 ද 18 ද?

    ඉස්ලාම් විවාහ නීතිය අනුව අවුරුදු 12ට වැඩි ගැහැනු දරුවෙක්ව විවාහ කරගන්න පුලුවන්ද?


    16යි.



    ආ අදාල ප්‍රදේශයේ ක්වාසි ක්මැතිනං අවුරුදු 12ට අඩු ලමයෙක් උනත් බදින්න පුළුවන්..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    16යි.



    ආ අදාල ප්‍රදේශයේ ක්වාසි ක්මැතිනං අවුරුදු 12ට අඩු ලමයෙක් උනත් බදින්න පුළුවන්..

    කවුද බන් මේ නීති හදලා තියෙන්නේ?

    මොන නිර්ණායක පදනම් කරගෙනද ලිංගික එක්වීමට අවම වයසක් පනවලා තියෙන්නේ
     
    Last edited:

    thanujaka

    Well-known member
  • කවුද බන් මේ නීති හදලා තියෙන්නේ?


    ඒ මිනිස්සුන්ට ඕන එකනේ හදලා දීල තියෙන්නේ..
    ඒ නීතිය හැබැයි අපි ප්‍රැක්ටිස් කරන්නේ නෑ ඒ නඩු අහන්නේ වෙනම ක්වාසි අධිකරණය කියල එකක..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ මිනිස්සුන්ට ඕන එකනේ හදලා දීල තියෙන්නේ..
    ඒ නීතිය හැබැයි අපි ප්‍රැක්ටිස් කරන්නේ නෑ ඒ නඩු අහන්නේ වෙනම ක්වාසි අධිකරණය කියල එකක..
    Hstory eka mathaka nam kiyannako. Roman Dutch law ekata oya kiyana nithi ekatu karagatte kohomada?:eek:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    16යි.



    ආ අදාල ප්‍රදේශයේ ක්වාසි ක්මැතිනං අවුරුදු 12ට අඩු ලමයෙක් උනත් බදින්න පුළුවන්..




    සිංහල ක්‍රමයට විවාහ වෙලා ඒ කසාදය තියෙද්දි මුස්ලිම් ආගමට ගිහින් මුස්ලිම් කාන්තාවක් විවාහ කරගන්න පුලුවන්ද දික්කසාද නොවී.මම එහම කරපු සිද්දියක් අහලා තියනවා :rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිංහල ක්‍රමයට විවාහ වෙලා ඒ කසාදය තියෙද්දි මුස්ලිම් ආගමට ගිහින් මුස්ලිම් කාන්තාවක් විවාහ කරගන්න පුලුවන්ද දික්කසාද නොවී.මම එහම කරපු සිද්දියක් අහලා තියනවා :rolleyes:

    බෑ.කසාද 4ක් කරගන්න නම් උපතින්ම ඉස්ලාම් වෙන්න ඕනි.ඔය වගේ නඩුවක් ගිහින් දෙවන කසාදය අවලංගු උසාවිය කලා.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බෑ.කසාද 4ක් කරගන්න නම් උපතින්ම ඉස්ලාම් වෙන්න ඕනි.ඔය වගේ නඩුවක් ගිහින් දෙවන කසාදය අවලංගු උසාවිය කලා.


    ඇත්තද එහෙම කසාද දෙකක් කරගත්ත පුද්ගලයෙන් ගැන මම අහලා තියනවා

    ආප්ප තොප්පිය එහෙම දාල කසාද බැන්දේ :rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇත්තද එහෙම කසාද දෙකක් කරගත්ත පුද්ගලයෙන් ගැන මම අහලා තියනවා

    ආප්ප තොප්පිය එහෙම දාල කසාද බැන්දේ :rofl:

    එහෙම බෑ බන්.සිංහල මිනිහෙක් සිංහල ගෑනියෙක්ව කසාද බැඳලා ඉඳිද්දී ඉස්ලාම් ආගමට ගිහින් තව කසාදයක් කරගෙන.පළවෙනි ගෑනි උසාවි ගිහින්.උසාවියෙන් දෙවන කසාදේ අවලංගු කරලා.ඒක නිසා ආගම මාරු කලා කියලා කසාද 1 කට වඩා බඳින්න බෑ.බඳිනවනම් පළවෙනි කසාදේ දික්කසාද කරලා ඉන්න ඕනි
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    අපි ලෝන් එකක් ගන්න යන්නේ කඩේ තියලා මේකේ ඔයා ඉන්නවා කියල බැංකුවට දැනුම් දෙන්න ඕනේ නැත්තං ප්‍රශ්නයක් ආවොත් බැංකුව ඔයාව එලවයි කියල බදු ඔප්පුවක් අත්සන් කරවගන්න සාමාන්‍යයෙන් ලොකු උගත්කමක් නැති මනුස්සයෙක් නං..
    උගත් මිනිහෙක් නං දන්නවා ඉතිං බොරු කියලා..
    ඕකට දැන් ගන්න පුළුවන් වෙන නීතිමය ක්‍රියමාර්ගයක් නෑ..
    අපි මේකට මෙහෙම දෙයක් කලොත්. අපි වෙන පාර්ශවයක් එක්ක කතා කරලා බදු ඔප්පුවක් ලියනවා මෙයාල ඉන්නකොටම. එයාල කඩේ ගන්නේ නෑ.. ඒත් බදු ගෙවනවා. ඔප්පුවත් register කරනවා. මෙහෙම 5 years වගේ ඉඳලා බැරිද අරුන්ට ලෙඩක් දාන්න ?

    අනෙක් ප්‍රශ්නය , අර ඔබ තුමා කිව්වා නේ cheque ගත්ත නම් ප්‍රශ්නයක් නෑ කියලා. පොරගෙන් දැන් ඉදන් cheque ඉල්ලනවා. ඉදල හිටලා හරි cheque දෙයි නේ. එකෙන් බැරිද දෙයක් කරන්න කාලයක් ගිහින් ?
     

    thanujaka

    Well-known member
  • Hstory eka mathaka nam kiyannako. Roman Dutch law ekata oya kiyana nithi ekatu karagatte kohomada?:eek:


    රටේ ඒ කාලේ ඉදලම එක එක ප්‍රදේශ සහ ජන කොට්ඨාශ මුල් කරගෙන වෙන වෙනම නිතී ක්‍රම තිබ්බා..
    අදටත් උතුරේ ජීවත් වෙන අයට තේසවලමේ නීතිය, උඩරට නීතිය (භාවිතයෙන් තොරයි) වගේ වෙන වෙනම නීතී බලාත්මක්ව තියෙනවා.. ඉන් එකක් තමයි මුස්ලිම් නීතියත්..
    නිදහසෙන් පස්සේ ප්‍රභලව හිටපු මුස්ලිම් නායකයෝ එයාලට වෙනමම නීතියක් ඉල්ලා සිටියා, ඒකේ ප්‍රථිපලයක් වශයෙන් තමයි මුස්ලිම් නීතිය ක්වාසි අධිකරණය වගේ දේවල් බිහි උනේ..
    අනිත් ඔය පොඩි නීති ක්‍රමත් තාම වලංගුයි, නමුත් ඒවා ක්‍රමිකව භාවිතයෙන් බැහැර වෙලා සමාජයෙන් ඉවත් උනත් මුස්ලිම් නීතිය දිගටම රැකීගෙන ආවා..
    ඒකයි අදත් ඒව පවතින්නේ..
     

    thanujaka

    Well-known member
  • සිංහල ක්‍රමයට විවාහ වෙලා ඒ කසාදය තියෙද්දි මුස්ලිම් ආගමට ගිහින් මුස්ලිම් කාන්තාවක් විවාහ කරගන්න පුලුවන්ද දික්කසාද නොවී.මම එහම කරපු සිද්දියක් අහලා තියනවා :rolleyes:


    අබේසුන්දර එදිරිව අබේසුන්දර කියල ප්‍රසිද්ධ නඩුවක් තියෙනවා..
    ඒකෙදි උනේ ඕක තමයි..
    පුරුශයා මුස්ලිම් ආගමට බැදිලා තව කාන්තාවක් විවාහ කරගත්ත..නමුත් උසාවියෙන් දෙවනි කසාදේ නිශ්ප්‍රභ කලා..
    එහෙම වංක චේතනාවෙන් කටයුතු කරපු එක බැහැර කලා..
    එහෙම කරන්න බෑ..
     

    thanujaka

    Well-known member
  • අපි මේකට මෙහෙම දෙයක් කලොත්. අපි වෙන පාර්ශවයක් එක්ක කතා කරලා බදු ඔප්පුවක් ලියනවා මෙයාල ඉන්නකොටම. එයාල කඩේ ගන්නේ නෑ.. ඒත් බදු ගෙවනවා. ඔප්පුවත් register කරනවා. මෙහෙම 5 years වගේ ඉඳලා බැරිද අරුන්ට ලෙඩක් දාන්න ?

    අනෙක් ප්‍රශ්නය , අර ඔබ තුමා කිව්වා නේ cheque ගත්ත නම් ප්‍රශ්නයක් නෑ කියලා. පොරගෙන් දැන් ඉදන් cheque ඉල්ලනවා. ඉදල හිටලා හරි cheque දෙයි නේ. එකෙන් බැරිද දෙයක් කරන්න කාලයක් ගිහින් ?


    කාලාවරෝධය කියන්නේ "භුක්තියෙන්" හිමිවෙන අයිතියක්..
    ඒක බිද හෙලන්න නං අඛණ්ඩ භුක්තියක් නොතිබුනා කියන එක ඔප්පු කරන්න ඕනේ..
    ඕකට වෙන බදු ගිවිසුම් ගැහුවා කියල ඒක වෙනස් වෙන්නේ නෑ..

    පුළුවන්.. අවම චෙක් දෙකක් වත්, කුලිය කියල පේන්න,
    ඒ කියන්නේ මේ 10 එකක් දුන්නා ඊලග එක ලබන මාසේ 10 දුන්න වගේ චෙක් regularly ආව චෙක්ස් තියෙනවනං ඒක කරන්න පුළුවන්.. එහෙම නැතුව එක චෙක් එකක් හෝ කාලෙකට සැරයක් හම්බවෙන චෙක්ස් වලින් ඒක කරන්න බෑ..
    මාසේ ගනේ චෙක් තුන 4ක් ගන්න පුළුවන් නං ගැටලුවක්ම නෑ..