නීති ප්‍රශ්නයක් නම් නෙවෙයි. වෙන දන්න කෙනෙක් හරි කමක් නෑ උත්තර දෙන්න.
නීතිපති, රජයේ රස පරීක්ෂක, ඔම්බුඩ්ස්මන් යන අයගෙ රාජකාරිය මොකක්ද? මම දන්නෙ නෑ මේ කට්ටිය මොකටද ඉන්නෙ මොනවද කරන්නෙ කියලා. ඒත් නිතරම අහන්න ලැබෙනවනෙ.![]()
නීතිපති කියන්නේ නීතිපති දේපාර්තමේන්තුවේ ප්‍රධානිය..
දැන් මොකක් හරි නඩුවක ප්‍රශ්නයක් ආවම, විනිසුරුට හිතාගන්න බැරිනං මේකට මොකද්ද කරන්නේ කියල හෝ මේ තීන්දුව දෙන්න කලින් තව කාගෙන් හරි අහල හිටියනං හොදයි කියල එතකොට ඒක නීතිපති උපදෙස් වලට යොමු කරනවා.
එතකොට ඒ ආයතනයේ වැඩ කරන අය නීතී පොත් පණත් ගැසට් ඔක්කොම පෙරලලා හරිම නීතිය හොයලා උසාවියට කියනවා.
විශේෂයෙන්ම ඔය ගැසට් එහෙම හරියට එනවනේ...
ඒව ඔක්කොම මට වත් අනිත් නඩු කාරවරයන්ට වත් මතක තියාගන්න බෑ.. අද එකක් එනව හෙට එකක් එනව අනිද්ද තව එකක් එනවා ඔය සේරම ගැන දැනුවත් වෙන්න බැරි නිසා මූලික කාරණා වලින් පිට නඩුවක් ආවම නීතීපතිට කියනවාමේ කාරණාවට සම්බන්ධ හරිම නීතිය හොයල මට කියන්න කියල..
එතකොට ඒකෙ කට්ටිය ඒක කරනවා.
විනිසුරුවරුන්ට කියලා සේරම නීතී ටික මතක තියාගන්න බෑනේ..
රස පරීක්ශක කියන්නේ මොකක් හරි දෙයක් උසාවියට ලැබුනම ඒකේ ෆුල් ඩීටේල්ඩ් රිපෝර්ට් එක ලබාගන්න යවන තැන.
ඕකෙත් ඩිපාට්මට්න්ස් දෙකක් තියෙනවා ආහාර විද්‍යා අංශයයි,
අධිකරණය විද්‍යා අංශයයි කියලා..
ඔය කුඩු එහෙම අහු උනාම ඇත්තම කුඩුද මේ කියල චෙක් කරන්න, උසාවියට ඉදිරිපත් කරන ලේඛණ සැකසහිත නං ඒවා ඇත්තම ඒවද කියල බලන්න ඔය වගේ නොයෙකුත් දේවල් වල ඇත්ත් නැත්ත් දැනගන්න තමයි රස පරීක්ශකව භාවිතා කරන්නේ.
ඔම්බූඩ්ස්මන් කියන්නේ නමට විතරක් බලයක් ගියෙන නමුත් ප්‍රායෝගිකව කිසිම බලයක් නැති චරිතයක් නිකං රංජන් රාමනායක වගේ..
රජයේ නිලධාරීන්ගෙන් මූලික අයිතිවාසිකම් කඩවීම් සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් වැනි අසාධාරණකම් සිදුවන අවස්ථාවලදී සහනයක් ලබාගන්න පුළුවන් ඔම්බූඩ්ස්මන් ලගට ගිහිල්ල පැමිණිලි කලාම.. ඊටපස්සේ ඉතිං එයා දෙපාර්තමේන්තුවේ ප්‍රාධානියට නිර්දේශයක් ඉදිරිපත් කරනවා මේක ගැන සොයා බලා පියවරක් ගන්න අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා..
නමුත් එහෙම පියවරක් නොගත්තයි කියල කරන්න දෙයක් නෑ අණ කිරීමක් කරන්න බෑ නියෝගයක් දෙන්න විතරයි ඔම්බූඩ්ස්මන්ට පුළුවන්..







