~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    ගොඩක් තැන් වල මන් දැකලා තියනව මිනිහෙක්ට accident එකක් උනාම මිනිස්සු උදව් කරන්න පහු බහිනවා පොලිචියේ උසාවියේ රිංගන්න වෙයි කයලා, ගොඩක් අවසතා වල එහෙම වෙලා තියනවා, ඒහෙම නොවෙන විදිහට උදව් කරන්න බැරිද නිතිය පැත්තෙන් කොහොමද එක.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් තැන් වල මන් දැකලා තියනව මිනිහෙක්ට accident එකක් උනාම මිනිස්සු උදව් කරන්න පහු බහිනවා පොලිචියේ උසාවියේ රිංගන්න වෙයි කයලා, ගොඩක් අවසතා වල එහෙම වෙලා තියනවා, ඒහෙම නොවෙන විදිහට උදව් කරන්න බැරිද නිතිය පැත්තෙන් කොහොමද එක.

    hoda prashnayak.. :)
     

    thanujaka

    Well-known member
  • බොහොම ස්තුතියි.. :)

    පොඩි කාලෙ රජයේ රස පරීක්ෂක කිව්වම හිතන් හිටියෙ හොද්දක ලුණු බලනව වගේ රස බලනව කියලා. :baffled:

    හපොයි රන්ජව දාපු තැන. එතකොට ඔම්බුඩ්ස්මන් ලඟට මොකක් හරි පැමිණිල්ලක් අරන් ගියාම එයා කරල බලල අසාධාරණයක් වෙලා තියෙනවද කියල හොයනව රන්ජ වගේ. :rofl:;)

    ඉතින් කිසිම බලයක් නැත්තං වැඩක් නෑනෙ එහෙම කෙනෙක් ඉන්න එක.(ඔම්බුඩ්ස්මන්) නියෝග කරාම ගනන් නොගෙන හිටියොත් මුකුත් කරන්න බෑනෙ. නිකන් නෝන්ඩි වෙන තනතුරක් වගේ. :sorry:

    ඒකනේ ඒ තනතුර දැන් හෑල්ලුවෙලා තියෙන්නේ..
    ගෞරව තනතුරක් විතරයි දැන් ඒක..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕකට නඩු දාන්න ක්‍රම දෙකක් තියෙනවා,
    එකක් පොලිසියෙන් නඩුව දානවා, නැත්තං පොලිසියට කලින්ම ඔයා නඩු දානවා..
    මොකද්ද වෙලා තියෙන්නේ පොල්සියෙන් දාපු නඩුවක්ද ඕක?
    ඔව් පොලිසියෙන් තමා දාලා තියෙන්නේ
     

    thanujaka

    Well-known member
  • ගොඩක් තැන් වල මන් දැකලා තියනව මිනිහෙක්ට accident එකක් උනාම මිනිස්සු උදව් කරන්න පහු බහිනවා පොලිචියේ උසාවියේ රිංගන්න වෙයි කයලා, ගොඩක් අවසතා වල එහෙම වෙලා තියනවා, ඒහෙම නොවෙන විදිහට උදව් කරන්න බැරිද නිතිය පැත්තෙන් කොහොමද එක.

    ඕක වෙලා තියෙන්නේ ඒ ලෙඩාව ගෙනියන කෙනාට අත්සන් කරල ලෙඩාව රෝහලට භාරදෙන්න වෙනවනේ..
    අන්න එතන තමයි ප්‍රශ්නේ.. ලෙඩාව භාරදෙන කෙනා සාක්ෂි වලට කැදවනවා..
    මට මේව ප්‍රසිද්ධියේ පැහැදිලි කරන්න බෑ නීතිවිරෝධී වැඩ නිසා..
    ලෙඩෙක් රෝහලට භාරදෙන්න කෙනා අත්සන් කරලා භාරදෙන්න ඕනේ..
    නමුත් රෝගියා භාරදුන්නට පස්සේ ඉදිරි පියවරට නොයා එතනින් ඉවත්වෙන්න ක්‍රමයක් හදාගන්න ඕනේ..
    කණගාටුයි වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි මට..
    කිව්වේ මොකද්ද කියලා තේරුණාද මන්ද..:baffled:

     

    thanujaka

    Well-known member
  • ඔව් පොලිසියෙන් තමා දාලා තියෙන්නේ

    ආ එහෙනං සොරි තමයි ඔය නඩුව ඉල්ලා අස්කරගන්නත් බෑ, සමාදාන වෙන්නත් බෑ..
    නඩුව කරගෙන යන්න වෙනවා තීන්දුවක් එනකං කරන්න දෙයක් නෑ..
    ඔය හොරකම් කලා කියන එකාගේ කට උත්තර ගත්තද?
    ඒව ඉවරද දැන්..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    ඉදිරි ගමනට ජයෙන් ජය පතනව.. මේ කරන පුණ්‍යකර්මය මහත්ඵල මාහානිසංසම වේවා..!


    ---------------------------------------------------------------
    අපි යම්කිසි පාර්ශවයක් සමඟ යම් ගිවිසුමක් අත්සන් කරනවා නම් එම ගිවිසුමේ පිටු 1ට වැඩි සංඛ්‍යාවක් සහ උප මාතෘකා 1ට වැඩි වෙන අවස්තාවලදී

    අ. සෑම පිටුවක් යටම ගිවිසුම්කරුගේ අත්සන ලබාගන්න අවශ්‍යද?
    ආ. සෑම උප මාතෘකාවක් යටම ගිවිසුම්කරුගේ අත්සන ලබාගන්න අවශ්‍යද?
    ඇ. දිනය, කාලවකවානු, ස්තාන සම්බ්න්ද සෑම තැනකම ගිවිසුම්කරුගේ අත්සන ලබාගන්න අවශ්‍යද?
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :sorry: හිතේ දුකට කවියකින් කිවුවානම් මරැ (ගොඩක් අය කියනවා නඩු අවුරැදු ගනන් ඇදෙනවා විනිසුරැතුමන්ලා මාරැ උනාම නඩුව ආපහු අඩිගානක් පස්සට යනවා අන්තිමට නඩුව ඉවර වෙනකොට නඩු දාපු උනුත් මැරිලා වැරදි කාරයොත් මැරිලා කියලා:sorry: අනේ මන්දා ඉඩම් නඩුද වැඩිම කාලයක් ඇදෙන නඩු)
    උස්සන් ගිය නිසා අපගේ යකඩ ....... බට
    ඇන්ට්‍රිය දාන්නට යන්නට උනේ ........ මට
    හොර බඩු සමග අසුවී උන් ... පොලිසියට
    නිතරම යන්න වෙනවා ...... අධිකරණයට

    දැන් නම් මේක යනවා දිගටම ........ ඇදිලා
    උසාවී ගිහින් හැමදා එනවා ......... හැරිලා
    මේ ගැන හිත හිතා මම මනසින් ... වැටිලා
    තව ටික දවසකින් මාවත් යයි ....... මැරිලා

    දමනට මේක මට අහවරයක් ............. කරලා
    ක්‍රමයක් කියනු මැන නීතියේ පොත ... පෙරලා
    අද හෙට යන නිසා ඔබ කිරියත් ........ හැරලා
    පතනෙමි පිහිට ඔබගෙන් මම අත් ...... වැදලා
     

    thanujaka

    Well-known member
  • එන්තර වාසියක් යනවා කියලා කියන්නෙ මොකද්ද මචන් හරියටම

    ඒ කියන්නේ නඩු දාන්න කලින් සල්ලි ඉල්ලල යවන ලියවිල්ලක්..
    ඔන්න මම උඹට අපහස කලා කියල් උඹ නඩුවක් දන්න යනවා..
    ඊට කලින් උඹ මගෙන් එන්තරවාසියක් හරහා ලක්ශ 10ක් ඉල්ලනවා වෙච්ච අපහසෙට..
    මම වරද භාර අරං ඒ වෙලාවේ ලක්ශ 10 ගෙව්වොත් නඩුවක් නෑ..
    එන්තරවාසියක් යවලා ඒක මම ගණන් ගත්තේ නැත්තං අන්න ඊට පස්සේ උඹට නඩු දන්න පුළුවන් මට..
    ඒ වගේ වෙලාවට මුලින්ම එන්තරවාසියක් යවල ඉන්න ඕනේ..
    නඩු නොයා ගොඩින් බේරගන්න යවන ලියවිල්ලක්..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආ එහෙනං සොරි තමයි ඔය නඩුව ඉල්ලා අස්කරගන්නත් බෑ, සමාදාන වෙන්නත් බෑ..
    නඩුව කරගෙන යන්න වෙනවා තීන්දුවක් එනකං කරන්න දෙයක් නෑ..
    ඔය හොරකම් කලා කියන එකාගේ කට උත්තර ගත්තද?
    ඒව ඉවරද දැන්..
    අවුරුදු හතරක් වෙනවා තාමත් ඔය නඩුව හරියට ඇහුවේ නැහැ. හොරු වරද පිලිගන්නේ නැහැ. පොලිසියෙදි කියලා තියෙනවා ඒ බඩු අපෙන් හොරකම් කලා කියලා, උසාවියේදී නම් මම දන්න තරමින් විනාඩියක්වත් ඔය නඩුව අහලා නැහැ
     

    thanujaka

    Well-known member
  • ඉදිරි ගමනට ජයෙන් ජය පතනව.. මේ කරන පුණ්‍යකර්මය මහත්ඵල මාහානිසංසම වේවා..!


    ---------------------------------------------------------------
    අපි යම්කිසි පාර්ශවයක් සමඟ යම් ගිවිසුමක් අත්සන් කරනවා නම් එම ගිවිසුමේ පිටු 1ට වැඩි සංඛ්‍යාවක් සහ උප මාතෘකා 1ට වැඩි වෙන අවස්තාවලදී

    අ. සෑම පිටුවක් යටම ගිවිසුම්කරුගේ අත්සන ලබාගන්න අවශ්‍යද?
    ආ. සෑම උප මාතෘකාවක් යටම ගිවිසුම්කරුගේ අත්සන ලබාගන්න අවශ්‍යද?
    ඇ. දිනය, කාලවකවානු, ස්තාන සම්බ්න්ද සෑම තැනකම ගිවිසුම්කරුගේ අත්සන ලබාගන්න අවශ්‍යද?

    තුනටම ඔව්..
    නිවැරදිව කියවා බලා අත්සන් කලා කියන එකේ වගකීම එයා පිට පවරන්න තමයි එහෙම කරන්නේ..
    අනිත් පැත්තට අත්සන් කරපු කෙනා කියනවනේ මම අත්සන් කරද්දි එහෙම කොලයක් තිබුනේ නෑ මේක පස්සේ මැද්දෙන් අමුණලා අනංමනං කියලා..
    ඒ නිසා ඒ වෙලාව්ටා ඒ හැමතැනකම අත්සන් යොදාගන්න ඕනේ..
    නමුත් දීර්ඝ අත්සන ඕනේ නෑ කෙටි අත්සනක් දැම්මම ඇති..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උස්සන් ගිය නිසා අපගේ යකඩ ....... බට
    ඇන්ට්‍රිය දාන්නට යන්නට උනේ ........ මට
    හොර බඩු සමග අසුවී උන් ... පොලිසියට
    නිතරම යන්න වෙනවා ...... අධිකරණයට

    දැන් නම් මේක යනවා දිගටම ........ ඇදිලා
    උසාවී ගිහින් හැමදා එනවා ......... හැරිලා
    මේ ගැන හිත හිතා මම මනසින් ... වැටිලා
    තව ටික දවසකින් මාවත් යයි ....... මැරිලා

    දමනට මේක මට අහවරයක් ............. කරලා
    ක්‍රමයක් කියනු මැන නීතියේ පොත ... පෙරලා
    අද හෙට යන නිසා ඔබ කිරියත් ........ හැරලා
    පතනෙමි පිහිට ඔබගෙන් මම අත් ...... වැදලා
    අදිනව අදිනවා පොලිසිය බටෙ වටෙ
    දැන් නම් ගැළවිමක් නැහැ නඩුහබ ඉවර කලෙ
    හොරු සමගින් හෙලුවෙන් හරි ගොස් හනිකෙ
    ශේප් කරගනින් විගහට චතුපිටියෙ
     

    thanujaka

    Well-known member
  • උස්සන් ගිය නිසා අපගේ යකඩ ....... බට
    ඇන්ට්‍රිය දාන්නට යන්නට උනේ ........ මට
    හොර බඩු සමග අසුවී උන් ... පොලිසියට
    නිතරම යන්න වෙනවා ...... අධිකරණයට

    දැන් නම් මේක යනවා දිගටම ........ ඇදිලා
    උසාවී ගිහින් හැමදා එනවා ......... හැරිලා
    මේ ගැන හිත හිතා මම මනසින් ... වැටිලා
    තව ටික දවසකින් මාවත් යයි ....... මැරිලා

    දමනට මේක මට අහවරයක් ............. කරලා
    ක්‍රමයක් කියනු මැන නීතියේ පොත ... පෙරලා
    අද හෙට යන නිසා ඔබ කිරියත් ........ හැරලා
    පතනෙමි පිහිට ඔබගෙන් මම අත් ...... වැදලා

    පට්ටනේ බං..