උතුරු කොරියාවේ පුදුම නීති 20ක්.
අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවේ. මානව හිමිකම් නොමැති රටක් වන උතුරු කොරියාවේ අපට අමුතු නීති 20ක් ඔයාල එක්ක බෙදාගන්න හිතුවා.

උ.ගැ - https://lcdcld.wordpress.com
අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවේ. මානව හිමිකම් නොමැති රටක් වන උතුරු කොරියාවේ අපට අමුතු නීති 20ක් ඔයාල එක්ක බෙදාගන්න හිතුවා.
- උතුරු කොරියාවේ තවමත් ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ගේ නැසී ගිය මුල් නායක කිම් ඉල් සුංගේ නීතියයි.
- උතුරු කොරියාව ඩෙනිම් කලිසම් බටහිර සංස්කෘතියට අයත් දෙයක් ලෙස සලකන නිසා උතුරු කොරියාවේදී ඩෙනිම් කලිසම් තහනම්.
- උතුරු කොරියානු පුරවැසියන්හට වෙනත් පළාතකට දුම්රියෙන් යෑමට අවශ්‍යනම් අපිට වගේ ස්ටේෂන් එකෙන් ටිකට් ගන්න බැහැ. ඔවුන්ට රජයෙන් විශේෂ අවසරයක් ගත යුතු වනවා.
- වෙනත් රටවල චිත්‍රපටවල DVD ළඟ තබාගැනීම හෝ විකිණීම තහනම්.
- ආගම් ඇදහීමට නොහැකිය. එමෙන්ම බයිබලයක් ළඟ තබාගනීමද දඬුවම් ලැබිය හැකි වරදක්ය.
- රජය අනුමත කල කොන්ඩ මෝස්‌තර කැපීම අනිවාර්ය වේ. පිරිමින්ට කොන්ඩ මොස්තර 10ක් හා ගැහැනුන්ට මොස්තර 18ක් ලෙසින් කොන්ඩ මෝස්‌තර 28ක් පමණක් උතුරු කොරියානු රජය අනුමත කර ඇත.
- දකුණු කොරියානු චිත්‍රපට බැලීම මරණ දඬුවම් ලැබිය හැකි වරදකි.
- රජය විසින්ම අනුමත මෙහෙයුම් පද්ධතියක් (Operating System එකක්) ඇත. එය Red Star OS ලෙස හඳුන්වයි.
- උතුරු කොරියාවේ අගනුවර වන පියැන්ග්යොන්ග්හි ජීවත් වීමට රජයෙන් විශේෂ අවසරයක් ගත යුතුයි.
- වාහනයක් මිල දී ගත යුතුනම් රජයෙන් විශේෂ අවසරයක් ගත යුතුයි.
- පරිගණකයක් මිල දී ගත යුතුනම් රජයෙන් විශේෂ අවසරයක් ගත යුතුයි.
- සෑම වසර 5කට වරක් මැතිවරණයක් පැවැත්වෙන අතර ඡන්දය දැමීම අනිවාර්ය වේ. නමුත් ඡන්දය ඉල්ලන්නේ එක් මැතිවරණ අපේක්ෂකයෙක් පමණි.
- උතුරු කොරියාවේ ඇත්තේ රජය විසින් අනුත රූපවාහිනී නාලිකා 3ක් පමණි.
- උතුරු කොරියානු පුරවැසියෙක් වරදක් කළොත් ඔහුගේ / ඇයගේ පවුලටම දඬුවම් කරයි.
- උතුරු කොරියානුවන්ට රට හැර යාම තහනම් වේ.
- කොකා කෝලා විකිණීම තහනම් වේ.
- උතුරු කොරියානුවන්ගේ කැලැන්ඩරය අනුව ඔවුන්ගේ මුල් නායක කිම් ඉල් සුං උපත ලබා ඇත්තේ ටයිටනික් නැව ගිලුණු දවසෙයි.
- උතුරු කොරියානුවන්ගේ කැලැන්ඩරය අනුව ඔවුන්ගේ මුල් නායක කිම් ඉල් සුං උපන් වර්ෂය වන 1912 පළමු වර්ෂය ලෙස සලකන නිසාවෙන් 2017 වසර ඔවුන් සලකන්නේ 106වන වසර ලෙසයි.
- උතුරු කොරියානුවන්ට පදිංචි විය යුතු ස්ථානය තීරණය කල නොහැක. පදිංචි විය හැක්කේ රජයෙන් තීරණය කරන ප්‍රදේශයේයි.
- බාස්කට් බෝල් ක්‍රීඩාවට ඔවුන්ටම ආවේනික නීති මාලාවක් ඇත.

උ.ගැ - https://lcdcld.wordpress.com
Last edited:







