ඔව්! මම මාතර
ඒ මැරුණු දරුවා වෙනුවෙන්
ඇසින් කදුළු නොවැටුණාට
හිතට මහ බරක් වැටුණු
මම මාතර..
ඒ පිහිපාර ඇනපු පුංචි එකාගේ
ජීවිතයම කාළකණ්ණි වෙලා
හෙට අපරාධකාරයෙක් වෙයි හිතා
දුක්වුණු
මම මාතර..
මීතොටමුල්ලේ කුණු කඳු අස්සේ
මිනිස්සු මැරෙද්දී
ඔය කොළඹ උන්ගේ කුණු බන් කියලා
නොහිත
කොසු ඉදල් අරන්
දවස් ගාණක් එකම ඇඳුමක් ඇඳගෙන
දතක් කටක් නොමැද
ගෙවල් හෝදපු
මම මාතර.
එදා කවුරුත් මගෙන් ඇහුවේ නෑ.
උඹ මාතරද කියලා.
උඩරට මිනිස්සු මධ්‍යම කඳුකරේ ගස් කපලා කොළඹ මිනිස්සු කාණු වලටම බත්පතේ
ලන්ච් ශීට් එක වීසිකිරීමෙන්
වැස්සෙන් එන වතුර පාර මුහුදට ගඟට යාගන්න විදියක් නැතුව
ගං වතුර ගලද්දී
බෝට්ටුවක නැගගෙන කෑම බෙදපු
මම මාතර.
එදා කවුරුත් මගෙන් ඇහුවේ නෑ.
උඹ මාතරද කියලා.
කොළඹ මහපාරක සිරුරක් නැති
ඔලුවක් හම්බෙනවා
ඒත් මම ඇහුවේ නෑ හමුවෙන අයගෙන්
උඹ කොළඹද කියලා.
ග්‍රෙගරි වැවෙන් එකක් ප්ලාස්ටික්
හිත හීල්ලුනත්
මම ඇහුවේ නෑ හමුවුණු අයගෙන්
උඹ නුවර එළියෙද කියලා.
මොණරාගල කෙල්ලෙක්ගේ
බෙල්ල මිරිකද්දී දෙන්නෙක් බලන් ඉඳලා
වීඩියෝ කරලා
මම ඇහුවේ නෑ උඹ මොණරාගලද කියලා.
සනත් ජයසූරිය හයේ පහර පිට හය ගහද්දී
කවුරුත් ඇහුවේ නෑ
සනත් මාතරද කියලා
ප්‍රවුඩ් ලයන් කිව්වා...
කුමාරතුංග මුනිදාසගේ හීන් සැරය කියවද්දී
කවුරුත් ඇහුවේ නෑ
මුනිදාස මාතරද කියලා
අගනා කතාවක් කිව්වා...
නමුත් කිරි හට්ටියක් දැක්කම හැමෝම අහනවා
මේ මාතර කිරිද?
ඊයේටත්, අදටත් සහ හෙටටත්
මම සිද්ධියක් වුණ නිසාවටම
උඹෙන් අහන්නේ නෑ උඹ කොහෙද කියලා.
මොක්ද මට උඹේ ඕපාදූපේ හොයවනට වඩා
මගේකම රැකගන්න තියෙන ආදරේ වැඩි නිසා.
ඔව්! මම මාතර.
ආඩමබරයි මට ඒ ගැන.
ඔබේ නගරය කුමක්ද?
අඩුම තරමේ එහි නම කියන්නවත් ඔබට ආඩම්බරයක්, ගෞරවයක්, හයියක්
හෝ කොන්දක් තිබේද?
වරද කොතන කරත් වරදමයි.
නියපොත්තක් දිහා බලලා පොරවට රවන
මෝඩයන්ට ඇත්ත ඇති සැටියෙන් වැටහේවා.
https://www.facebook.com/yaaz.fri?__tn__=%2CdC-R-R&eid=ARCrhTTcH9Whc6903LlOsNfaXGQ6Aeg1gqNnfwh0GrYiSfG8ENWDf0Xtp5kNwU1anrkUbz0cJ4YoiN7L&hc_ref=ARTahJhBSp_fRgLbr6RkU9OVpcobAZqYcMqWgYMLkEr-J-4RzgF14qiEvRNe0X68kqU&fref=nf







