===මාරගලකන්දේ පොළොව යට දෙවොලේ තිබූ රාවණා ප්‍රතිමාව ජෝන් ඩොයිලි එංගලන්තයට පැහැරගෙන ගිය හැටි===
මාරගලකන්දේ භූගත දෙවොලේ තිබූ රාවණ පිළිරුව කවුරුන් නිර්මාණය කළා දැයි යන්න අදටත් සාක්ෂි නැහැ. මේ පිළිබඳ තිබෙන මතයට අනුව මෙම රාවණ පිළිරුව මිනිස් අතකින් නිර්මාණය කළ පිළිරුවක් නොවන බවයි කියවෙනුයේ. ඒ අනුව මෙය විශ්වයේ යම් බලවේගයක් මඟින් නිර්මාණය වූ බව පිළිගත් මතයක්. ඒ හේතුව මත මෙය විශ්වීය නිර්මාණයක් ලෙසයි සැලකුම් ලබන්නේ.
ගම්පොළ සුසන්ත සත්‍ය යෝගිතුමා වඩන රාවණා යුගයේ යෝගී ධර්ම හරහා ලබාගත් ආධ්‍යාත්මික ශක්තීන් මතින් කරන හෙළිදරව්ව හෙළබිමේ රාවණයන්ගේ සැඟැවුණු සියල්ල හෙළිදරවු කිරීමක් වෙයි. මෙය තුළ පවතින විශේෂිත කරුණ වනුයේ හෙළබිමෙන් එපිටට යමින් කරනු ලබන හෙළිදරව්වයි. එය ඔබට කියාපානුයේ රාවණයන් ගැන හෙළබිම නොසිතුවත්, හෙළබිම හෙළයන් නොවන්නන් විශ්වාස කරන බවයි. එම විශ්වාසයට පාදක වන හේතූන් බොහෝය.
හෙළයන් හඳුනානොගත් හෙළබිමේ ශක්තිය, හෙළයනුත් නොවන, හෙළබිමටත් අයත් නැති විදෙස් ජාතිකයන් හඳුනාගනිමින් සිටිනවා. හඳුනාගත් හෙළබිමේ ශක්තිය විදෙස් ජාතිකයන් සොරාගනිමින් සිටිනවා. හෙළබිමේ ශක්තිය සොරාගන්නා විදෙස් රටවල් අතරෙන් ප්‍රධානතම රට වනුයේ අසල්වැසි ඉන්දියාව.
මේ ගැන කීමට ඉන්දියාවට බොහෝ කරුණු තිබෙනවා. ඉන් ප්‍රධානම කරුණ වනුයේ හෙළයේ මෙම ශක්තිය හා ගැටුණු අතීත කතාවට ඉන්දියාවද සම්බන්ධ වීම. ඉන්දියාව ඒ සඳහා අපූරු උදාහරණ ඉදිරිපත් කරමින් සිටිනවා. ඉන්දියාව මේ වන විට සමාජගත කරමින් සිටින අපූරු මතවාදයක් ඊට දෙස් දෙනවා. එම මතයට අනුව ඉන්දියානු ජාතික කාන්තාවක් වූ සීතා කුමරිය වැලිමඩ දිවුරුම්පොළ රජමහා විහාර භූමියේ කළ අග්නි පූජාව තුළින් ඔප්පු කළේ තම පතිවත පිළිබඳ විශ්වසනීයත්වයම පමණක් නොවන බවත්, ඉන්දියානු ජාතිකයන් සතු ආධ්‍යාත්මික ශක්තීන් බවත් පෙන්වා දෙනවා.
වැලිමඩදී අග්නිය දල්වා කළ පූජාවෙන් සීතා ශක්ති කළ එම බිම රාවණා ශක්ති කළ බිමක් ලෙසින් කරනු ලබන හැඳින්වීම නිවැරැදි නොවන බවත් ඉන්දියාව ඒත්තු ගන්වමින් සිටිනවා. රාම කුමරුන් සීතා ශක්ති කළා යැයි ඉන්දියාව විසින් කියනු ලබන හෙළබිමට විත් හෙළයේ රාවණාගෙන් සීතාවන් බේරාගත්තේ ඒ අනුව බවට වන කතා පුවත ඉන්දියාව වර්තමානයේ පෙළගස්වමින් සිටිනවා.
තමන්ට වාසිසහගත මතවාදයක් ගොඩනඟන ඉන්දියාව ඒ අතරට තවත් කරුණක්ද පිළිගෙන තිබෙනවා. රාවණා යනු හෙළ පුත්‍රයෙක්. රාවණා සූර්යවංසිකයෙක්. රාවණ විශ්වයේ නිර්මාණයක්. මෙම මතය ඔස්සේ බැලූ විට ඉන්දියාව ඉදිරිපත් කරන සීතා ශක්තිය පුහු මතයක් බව වැටහෙනවා. ඒ අනුව ඉන්දියානු පිළිවෙතට විරුද්ධව මෙවන් මතයක් ගොඩනඟන්න පුළුවන්. එනම් සීතා ශක්තිය සැබෑවක් නම් සීතාවන් නමැද සීතා පූජාවන් පවත්වා සීතා ශක්තිය ලබා ගැනුමට හැකියාව තිබියදී, හෙළයේ රාවණයන් නමැද පුද පූජා පවත්වා රාවණා ශක්තිය ලබාගැනුමට ඉන්දියාව පෙලැඹී සිටිනුයේ ඇයි? එසේම ඉන්දියානු සීතා කෝවිල් තුළ රාවණ පිළිරුව ශක්ති කරනුයේ ඇයි? රාවණයන්ට කළ හැකි ඉහළම පුද පූජා පවත්වා අවසන රාවණයන්ගේ සැකසූ රාවණ අනුරූ අග්නියෙන් පුච්චා දමනුයේ ඇයි? සීතාවන් පතිවත පිළිබඳ වන දිවුරුමේදී සූර්ය වංසයේ රාවණයන් සංකේත කරන අග්නිය මුල්කරගෙන දිවුරුම් දුන්නේ ඇයි? මේ ඉන්දියාව මඟහරිමින් පිළිතුරු නොදෙන සරල ප්‍රශ්න සමූහයයි.
ඉන්දියාවේ කතාව එසේ වන විට බටහිර රටවලින්ද කතාවක් මතුවෙමින් තිබෙනවා. එම කතාවද හෙළබිමේ පවත්නා වූ රාවණ ශක්තිය සොරාගැනීම පිළිබඳව. මේ මොහොත වන විට ඉන්දියාවේ ක්‍රියාකලාපය දෙස විමසුම් ඇස යොමු කරන බටහිර රටවල් දෙකක් තිබෙනවා. ඉන් එක් රටක් වනුයේ ඇමෙරිකාව. අනෙක් රට වනුයේ එංගලන්තය. ඉන්දියාව හැරුණු කොට හෙළබිමේ ශක්තීන් සොරාගැනීමේ කාර්යයේදී එංගලන්තය දෙවැනි තැනටත්, ඇමෙරිකාව තෙවැනි තැනටත් පත්ව සිටිනවා.
යුද ශක්තිය අතින් සහ ප්රජාතන්ත්රවාදය අතින් ලොව ප්‍රධාන රටවල් වන ඉන්දියාව, ඇමෙරිකාව, එංගලන්තය තම රටවල්හි පවත්නා ආධ්‍යාත්මික ශක්තීන් සහ යුද ශක්තිවලට අමතරව හෙළබිම තුළ පවත්නාවූ ශක්තීන් මතින් ගොඩනැඟීමට අදහස් කරනුයේ ඇයි? හෙළබිමේ රාවණයන්ටත්, වාල්මිකී ලියූ රාමායණයටත් කිසිදා සම්බන්ධයක් නැති එංගලන්තය, හෙළබිමේ ශක්තීන් සොරා ගැනුමට පෙලඹවූ කාරණය කුමක්ද? හෙළයේ මහා රාවණයන්ට ශක්ති කැවූ නීලකුම්බිලා දේවතාවියගේ පිළිම තම රට තුළ තබා දේවාල ඉදිකර පුද පූජා පැවැත්වීමට එංගලන්තය තම ජාතිකයන් පෙලඹවූයේ ඇයි?
මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයා යෑමේදී ඉතා දුක්මුසු කතාවක් හමුවෙනවා. එනම් මෙම වරද සිදුකළේ හෙළයන්ම වන බව. ඒ සඳහා වන අතීත කතාව හෙළයන්ටම සරදම් කරමින් සිටිනවා.
හෙළබිමේ අතීත සටන්කරුවන් රාවණ ශක්තිය ඉතා මැනැවින් දැන සිටි අය බවට ඉතිහාසය සාක්ෂි දරනවා. 1818 ඇතිවූ උෟව වෙල්ලස්ස නිදහස් සටන් කැරැල්ල ඊට දෙස් දෙනවා. හෙළබිමේ ඉතිහාසය කියනුයේ උෟව වෙල්ලස්ස සටනේදී හෙළබිමේ සටන්කරුවන් හෙළයේ ආදිමහා ශක්තිය වූ රාවණ නිරිඳුන් නමැද ආශීර්වාද ලබාගත් බව. රාවණ ශක්තියේ බලගතු වරම් ලබාගත් බව. හෙළයේ මහා දේවතාවිය, එනම් සටනට අධිපති දේවතාවියගේ ශක්තීන් ලබාගත් බව.
උෟව වෙල්ලස්ස කැරැල්ලේදී හෙළයේ ප්‍රධාන සටන්කරුවන් දෙදෙනකු වූයේ බූටෑවේ රාල හා කිවුලේගෙදර මොහොට්ටාල. යුද සටන් ශිල්පීය ක්‍රම ගැන ආධ්යාත්මිකභාවයන් පිළිබඳ ඉතා හොඳ දැනුමක් තිබූ බූටෑවේ රාලට සහ කිවුලේගෙදර මොහොට්ටාලට එම ශක්තීන්, වරම්, බලය හිමිවූයේ රාවණ දෙවොල තුළ සිදුකළාවූ පුදපූජා පිළිවෙත් හරහා.
බූටෑවේරාල සහ කිවුලේගෙදර මොහොට්ටාල ප්රමුඛ උෟව වෙල්ලස්ස සියලු සටන්කරුවන් එකල වැඳුම් පිදුම් කළ මහා රාවණ නීලකුම්බිලා දේවතාවිය වෙනුවෙන් ඉදිකළාවූ භූගත දෙවොල පැවැතියේ මොනරාගලට ආසන්නව පිහිටි මාරගලකන්ද මුල්කරගෙන. එම දේවාලයේ සම්පූර්ණම රාවණ ශක්තිය කවනු ලැබූ බලවත් රාවණ ප්‍රතිමාවක් තිබුණා. තනි කිරිගරුඬෙන් නෙළනු ලැබූවක්.
හෙළයේ ප්‍රබල සටන්කරුවන් උෟව වෙල්ලස්ස සටනට පළමුව භූගත දෙවොලේ රාවණයන් හට කළ පූජාවන් කිහිපයක් තිබ්බා. ඒ අතරෙන් වීර ශක්ති පූජාව, ආයුධ ශක්ති පූජාව ප්‍රධානව තිබුණ. දෙවොලේ පැවැත්වූ වීරශක්ති පූජාව තුළින් හෙළයේ මහා සටන්කරුවනට හිමිවූයේ ඉතා බලවත්වූ ආධ්‍යාත්මික ශක්තිය.
එම කරනු ලැබුවා වූ ආයුධ ශක්ති පූජාව තුළින් හෙළයේ මහා සටන්කරුවන්ට හිමිවූයේ අකුණු සරය මෙන් බලවත් වූ යුද අවි ආයුධ. වීරශක්ති සහ ආයුධ ශක්ති පූජාවන්වලින් ලබාගන්නාවූ ශක්තීන් දෙක එකට එකතුවූ විට එතැන තිබෙනුයේ මහා රාවණයන්ගේ ශක්තියම බව රාවණයන් පෙන්වා දී තිබුණා. හෙළයේ මහා රාවණයන්ගේ ශක්තීන් සටන්කරුවකුට ලබාගත හැකි වනුයේ රාවණයන් නිසිලෙස පුදන පුද පූජාවලින් පමණක්ම වන බව රාවණා නියමයයි. මාරගලකන්දේ භූගත දෙවොලේ තිබූ රාවණ පිළිරුව කවුරුන් නිර්මාණය කළා දැයි යන්න අදටත් සාක්ෂි නැහැ. මේ පිළිබඳ තිබෙන මතයට අනුව මෙම රාවණ පිළිරුව මිනිස් අතකින් නිර්මාණය කළ පිළිරුවක් නොවන බවයි කියවෙනුයේ. ඒ අනුව මෙය විශ්වයේ යම් බලවේගයක් මඟින් නිර්මාණය වූ බව පිළිගත් මතයක්. ඒ හේතුව මත මෙය විශ්වීය නිර්මාණයක් ලෙසයි සැලකුම් ලබන්නේ.
නිර්මාණය වූ රාවණ පිළිරුව සියලු වාස්තු ශිල්පයන්ගෙන් පරිපූර්ණ බව කිව හැකියි. හැඩතල අතින් බලනවිට මෙය ත්‍රිමාන
තාක්ෂණ සහිතයි.
මේ මොහොත වන විට මෙම රාවණ පිළිරුව තිබෙනුයේ එංගලන්තයේ කෞතුකාගාරයක. ඉතා ආරක්ෂිත වීදුරු පෙට්ටියක රඳවා තිබෙන රාවණ පිළිරුව පිළිබඳ වන ඡායාරූප කියනුයේ ත්‍රිමාන තාක්ෂණයේ පළමු නිර්මාණකරුවා වනුයේ රාවණ පිළිරුව නෙලූ ශිල්පියා වන බව. ලොව ත්‍රිමාන තාක්ෂණයේ උපත හෙළබිම වන බව මේ රාවණ පිළිරුව කියාදෙන සත්‍ය කතාවයි. උෟව වෙල්ලස්ස සටන තුළ සිටි තවත් සටන්කරුවකු වූයේ මොල්ලිගොඩ නිලමේ. හෙළයට පක්ෂපාත සටන්කරුවකු වූ මොල්ලිගොඩ නිලමේ සිත තුළ තිබූ යටි අදහස වූයේ එම සටන තුළදීම රාවණ පිළිරුව තමනට අත්පත් කර ගැනීම. ඒ රාවණ පිළිමයේ බලගතු බව සහ ශක්තිය මොල්ලිගොඩ නිලමේ ඉතා හොඳින් දැන සිටි නිසයි.
සටන තුළ සිටිමින්ම මොල්ලිගොඩ නිලමේ කළේ මෙවන් දෙයක්. එනම් මොල්ලිගොඩ නිලමේ දැඩිමුණ්ඩ දේවාලයට බාරවී විශ්වීය නිර්මාණයක් වූ රාවණ පිළිරුව පුරාණ සමන් මහා දේවාලයට රැගෙන යෑමට සහාය ඉල්ලා සිටීම. මොල්ලිගොඩ නිලමේ මෙම සහාය ඉල්ලුවේ හෙළයට විරුද්ධ සිටි එංගලන්ත ජාතික ජෝන් ඩොයිලිගෙන්. මොල්ලිගොඩගේ මෙම ඉල්ලීම හරහා ජෝන් ඩොයිලිට අත්වූයේ වාසිසහගත තොරතුරක්. ඒ හෙළයේ මහා ශක්තීන් වන ආධ්‍යාත්මික ශක්තීන්වලත්, සටන් ශක්තීන්වලත් හෙළය අදහන, වැඳුම් පිදුම් කරන මහා රාවණ නම් රජකු වන බව.
හෙළයේ මහා රාවණ රජුට බලය සහ ශක්තිය සපයාදෙනුයේ හෙළයට අධිපති නීලකුම්බිලා නම් දේවතාවියක වන බව. හෙළයේ රාවණයන් විශ්වයේ නිර්මාණයක්. සූර්ය වංසිකයෙක්. මහා රාවණ පිළිරුව යම් කෙනකු සතුවෙයිද එම අය දේවාලයක රාවණ පිළිරුව තබා පුද පූජා කරයිද රාවණයන් සතු සියලු ශක්තීන් එම අයට හිමි වෙනවා.
මේ සියලු කරුණු මැනවින් වටහාගගත් ජෝන් ඩොයිලි එතෙක් හෙළයන් සතුව තිබූ සියලු ආධ්‍යාත්මික සහ යුද ශක්තීන් කැටිකළා වූ රාවණ පිළිරුව මොල්ලිගොඩ නිලමේට ලබානොදී තමන් සතුකර ගැනුමට කළ තීරණය හෙළයාටත්, හෙළබිමටත් උදාකරලූයේ ඉතා අවාසි සහගත තත්ත්වයක්. ඒ හෙළයේ මහා සටන්කරුවන් වූ බූටෑවේරාලත්, කිවුලේගෙදර මොහොට්ටාලත්, මොල්ලිගොඩ නිලමේත් විනාශවීම. මෙම විනාශවීම විසින් හෙළබිමට අත්කර දෙනු ලැබුවේ මහා පාවාදීමක්. හෙළබිමෙන් රාවණ පිළිරුව ඉවත් වීම රාවණ ශක්තිය හෙළබිමෙන් ගිලිහීයෑමට හේතුවූ කරුණක් බව කිව හැකියි.
ජෝන් ඩොයිලි විසින් එදා එංගලන්තයට රැගෙන යනු ලැබුවේ ශක්ති කළා වූ රාවණ පිළිරුව පමණක්ම නොවෙයි. හෙළයේ සටනට ශක්ති කර තිබූ ආයුධ සමඟින් වූ හෙළයේ ආයුධ ශක්තිය. මෙම ආයුධ අතර කඩු, කිණිසි, හෙල්ල, ඊතල තිබූ බව අදටත් පැහැදිලි කරුණක්. මේ තමයි උෟව වෙල්ලස්ස කැරැල්ල තුළ මෙතෙක් හෙළිදරවු නොවෙමින් සැඟව තිබූ රහස. එම රහස් කියාපානුයේ හෙළබිමට මහා ශක්තිය වූ රාවණ රජු උෟව වෙල්ලස්ස කැරැල්ල තුළදී හෙළයේ මහා සටන්කරුවන්ට සපයමින් සිටි ශක්තිය හෙළබිමටත්, හෙළයන්ටත් අහිමිවූ බව.
එංගලන්තයට රාවණ පිළිරුව සහ අවිආයුධ රැගෙන යෑමෙන් පසු සිදුවූයේ ඒ පිළිබඳ වන වැඩිදුර සොයා බැලීමක්. එයට හේතුවූයේ මොල්ලිගොඩ නිලමේ ජෝන් ඩොයිලිට රාවණ පිළිරුවේ සහ අවි ආයුධවල රහස් කියා තිබූ බැවින්. ඒ මතින් ජෝන් ඩොයිලි විශ්වාස කළ දෙයක් වූයේ කිසියම් වටහාගත නොහැකි බලවත් ශක්තියක් මෙහි තිබෙන බව. ජෝන් ඩොයිලිට එය වැටහී තිබුණේ අද්භූත ශක්තියක් ලෙසින්. ඒ විශ්වාසය මතින් ඇරැඹුණේ පිළිරුව සහ අවි ආයුධ පිළිබඳ වන පර්යේෂණ, ගවේෂණ. මේ හරහා රාවණා යනු කවරෙක්ද ඔහු සතු ශක්තීන් මොනවාද, එම ශක්තීන්වලට වරම් දුන්නේ කවුරුන්ද යන්න අනාවරණය වූ තොරතුරු සමූහයක්. එම තොරතුරු මතින් ලත් අවසන් නිගමනය වූයේ නීලකුම්බිලා දේවතාවියගේ පිළිමය ඉතා වැදගත් වන බව.
හෙළබිම ලබාගන්නාවූ ශක්තීන් එංගලන්තය උරගා බැලීමට අදහස් කරනුයේ මෙතැන් සිට. අදට රාවණ පිළිරුවත්, අවි ආයුධත් එංගලන්ත කෞතුකාගාරයේ තැන්පත් කිරීම සිදුවූයේ කෞතුක වටිනාකම ඉක්මවා ගිය බලවත් බලයක් තිබේයැයි විශ්වාස කිරීම හේතුවෙන්.
එංගලන්තය පුරා නීලකුම්බිලා දේවතාවියගේ පිළිම තැන්පත් කරල දේවාල හැදෙනුයේ ඒ අනුව. එංගලන්තයේ මේ කෝවිලේ හඳුන්වන්නේ කාලි ටෙම්පල් නමින්. මෙහි තිබෙන එක් විශේෂ කාරණයක් නම් තෝරාගත් කාලි ටෙම්පල් බිම් මහලේ යෝගවඩවන යෝගාශ්‍රම ඉදිකර තිබීම. මෙය පවත්වනුයේ භූගතව. භූගතව යෝගාශ්‍රම ඉදි කිරීමේ අරුත එංගලන්තය නොදනිතත් ඔවුන් එය එසේම ඉදිකළා. ඒ ඉන්දියාවේ ආභාසය ලැබීමෙන්.
අද කාලි දේවාල තුළ එංගලන්ත ජාතිකයන් රාවණයන්ට වගේම නීලකුම්බිලා දේවතාවියට පුද පූජා පවත්වමින් සිටීම තවදුරටත් රහසක් නොවෙයි. මෙම දේවාලවල ඉන්නා බොහෝ පූජකවරුන් එංගලන්ත ජාතිකයන්. එනම් සුදුහම ඇත්තන්. ඒ අය යාග කර්ම, යෝග වැඩවීම් කිරීම සුලබ දසුනක්. ජනප්‍රිය වැඩපිළිවෙළක්. හෙළබිමෙන් අවබෝධ කරගත් මේ දෙය ඉන්දීය පූජකයන් හරහා දැනුමින් සන්නද්ධ වූ බවයි කියැවෙන්නේ.
එංගලන්තය දකින එකම කරුණ වනුයේ රාවණයන් ලොව මහ බලවතා වූ බව. රාවණ හෙළබිමේ රජකු බව. විශ්වයට අධිපතිකම කළ, විශ්වයට අණ දෙන්නා වූ බව. එම අණදෙන්නා නමැදීමෙන්, පුද පූජා පැවැත්වීමෙන් තමන්ටද ශක්තියක් බලයක් ලැබෙන බව. ඒ මතින් පුද පූජා කිරීමට කටයුතු කළ බව.
මෙය පැහැදිලි කරනුයේ එක් කරුණක්. එනම් තවමත් රාවණාට කළ යුතු සැබෑ පුදපූජා සහ නීලකුම්බිලා දේවතාවියට කළ යුතු සැබෑ නමස්කාරයන් තවමත් එංගලන්තය නොදන්නා බව. මෙම තත්ත්වය ඔවුට මහත් ප්‍රශ්නයක්. ඒ නිසයි එංගලන්ත පර්යේෂකයන් ගවේෂකයන් නිරතුරුවම හෙළබිමේ රිවර්ස්ටන් ශක්ති කේන්ද්‍රයට පැමිණෙනුයේ. ගවේෂණය කරනුයේ. පස් සාම්පල රැගෙන යනුයේ. තවමත් හෙළබිමේ කිසිවකුත් නොදන්නා භූගත උමං පද්ධති තුළට රහසේම ඇතුළුවී රාවණයන් පිළිබඳ තොරතුරු සොයනුයේ. රාවණයන්ගේ මමිය සොයනුයේ.
ඒ රාවණයන්ගේ බලය හෙළබිමට අහිමියි. හෙළයේ ශක්තිය ඉන්දියාව වගේම එංගලන්තයත් උකහා ගැනීමට මාන බලනවා. ඉන්දියාවත්, එංගලන්තයත් එක්ව මේ සොරාගනිමින් තිබෙනුයේ හෙළයාගේ මහා කම්මැළිකම මතින් අනාරක්ෂිතව තිබෙන හෙළබිමේ ආධ්‍යාත්මික ශක්තිය. ඒ ගැන දැනටත් හෙළබිමේ හෙළයනුත්, ඒ හෙළයන්ගේ නායකයනුත් සිතා බැලිය යුතුයි. මේ පිළිබඳ හෙළයන් සිතිය යුතු එකම සිතුවිල්ල මෙයයි. එනම්,
හෙළයේ මහා රාවණ රජුට, හෙළයේ මහා දේවතාවිය නීලකුම්බිලා දේවතාවියට හෙළයට අයත් නැති, නෑකමක් නැති ඉන්දියාවත්, එංගලන්තයත් වන්දනා මාන කරද්දී හෙළයන් එසේ නොකර සිටිනුයේ ඇයි? මේ තමයි හෙළයන්ට මහා පියවි නිද්‍රාවෙන් ඇහැරීමට තිබෙන එකම සිතිවිල්ල.