කලල්ගොඩ කිව්වට කලල්ගොඩ හන්දි දෙකක් තියෙනවා..ඔය හන්දි දෙක සම්බන්ද වෙන්නෙ "කලල්ගොඩ පාර" කියන පාරෙන්..එක හන්දියක් තියෙන්නේ 174 - කොට්ටාව/බොරැල්ල බස් පාරේ..
අනිත් හන්දිය තියෙන්නේ 336 - කොට්ටාව/මාලබේ (993 - මහරගම/මාලබේ) බස් පාරේ..
කලල්ගොඩ පාර 2km දුරක් තියෙනවා..
උඹ යන්න ඕනේ 174 පාරට නම්, කොටුවෙන් 103/144 බස් එකක බොරැල්ලට ඇවිල්ලා බොරැල්ලෙන් 174 බස් එක ගන්න..බොරැල්ලේ ඉඳන් බස් ටිකට් එක රු. 35/=
නැත්තන් 138 (කොට්ටාව/හෝමාගම/රුක්මල්ගම/මත්තේගොඩ) බස් එකක ගිහින් පන්නිපිටියෙන් බැහැලා එතනින් එහා පාරට ගිහින් 174 ගන්න (බොරැල්ල පැත්තට)..පන්නිපිටිය පැත්තෙන් පොඩ්ඩක් දුරයි..
උඹට යන්න ඕනේ 993/336 පාරේ කලල්ගොඩ හන්දියට නම්, කැමති නම් උඩ කිව්ව විදියට ගිහින් ඒ කලල්ගොඩ හන්දියෙන් ත්රී වීල් එකක් අරන් යන්න පූලුවන් (කිලෝමීටර් දෙකයිනේ)..නැත්තං කොටුවෙන් 138 ගිහින් මහරගමින් බැහැලා එතනින් 993 බස් එක ගන්න..එහෙමත් නැත්තන් කොටුවෙන් 190/170 බස් එකේ මාලබේට හෝ අරංගලට ගිහින් එතනින් 336/993 බස් එකක් ගන්න..