දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,398
    7,095
    113
    එහෙනං කතාවේ තියන ඒවා සැබෑ ජීවිතෙත් වෙනවා ඒ කියන්නේ... එල එල :D:D

    සමහර කතා බං එක එකාගේ ඇත්ත ජීවිතේ අත්දැකීම්. හැමදේම මවපුවා නෙවෙයි.
    බලපං avatar වගේ සම්පූර්ණයෙන් මනක්කල්පිත ෆිල්ම් එකක උනත් තියන දේවල්. ඒකේ සමහර දේවල් මිනිස් ජීවිතවල හැගීම් එක්ක කොච්චර ගැලපෙනවද. මොන කතාව කියලා එලියට එන්නෙත් බං මිනිස් හැගීම්මනේ. තද සහ මෘදු ගති ඕනිම මිනිහෙක්ගේ තියනවා.
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ඕක මම බැලුවා..ආදරේ ගැන වෙනස් පැත්තකින් හිතපු කෙනෙක්...
    ජීවිතේට බලලා තියන හොදම කතා අතරින් එකක්.....
    මුකුත් බලාපොරොත්තු නොවී ආදරය කරනවා කියන එක ලේසි නෑ..
    :love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සමහර කතා බං එක එකාගේ ඇත්ත ජීවිතේ අත්දැකීම්. හැමදේම මවපුවා නෙවෙයි.
    බලපං avatar වගේ සම්පූර්ණයෙන් මනක්කල්පිත ෆිල්ම් එකක උනත් තියන දේවල්. ඒකේ සමහර දේවල් මිනිස් ජීවිතවල හැගීම් එක්ක කොච්චර ගැලපෙනවද. මොන කතාව කියලා එලියට එන්නෙත් බං මිනිස් හැගීම්මනේ. තද සහ මෘදු ගති ඕනිම මිනිහෙක්ගේ තියනවා.

    ඔව් නේද බන්,,, නිකම්ම ඉතින් ඔලුවට කතාවක් මවෙන්නෙත් නෑනේ :yes::yes: අත්දැකිමක කොටසක් හදල ගන්න සීන් නෙහ් :D:D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඕක මම බැලුවා..ආදරේ ගැන වෙනස් පැත්තකින් හිතපු කෙනෙක්...
    ජීවිතේට බලලා තියන හොදම කතා අතරින් එකක්.....
    මුකුත් බලාපොරොත්තු නොවී ආදරය කරනවා කියන එක ලේසි නෑ..
    :love:

    කොහොමද බන් එහෙම කරන්නේ.. එක හෙන පුදුම කැපකිරීමක් නෙහ්.. එහෙම කරලත් කොල්ල දාලා යනවනං අනේ මන්ද බන් :sorry::sorry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    1.ඉන්නවා...
    2.ඔව්.
    3.ඔහොම හිතක් හිමි කෙනාගෙ අවාසනාව..එ හිතෙ ආදරයක් ඇතිවෙන කෙනාගෙ වාසනාව
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹත් බැලුවද :P:P නිකන් ඉන්නේ අදහසක් කියපන් මාත් මේ බලන්න ගත්තා :sorry: පලවෙනි දවසෙම හිතට අප්සට් :sorry:

    අපේ හිත් අප්සට් කරන්නම හදපු නාට්ටියක්

    මගේ ජිවිතේ බලපු සිංහල නාට්ටි වලින් TOP5 තියෙන එකක්

    ස්ක්‍රිප්ට් එක වගේම නළුනිළියන්ගේ සහ production එකේ දක්ෂතාවේ නිසා තමා අපිට ඔහොම දැනෙන්නේ
    "නූරි" ට හොදම නිළිය සම්මානේ ලැබුනා
    සජිත හොදම නැගී එන නළුවා උනා
    ඉතින් ටෙලිය ගැන තව මොන කතාද

    ඕවා ඉතින් හැබෑ ජිවිතේ වෙනවද කියන එකනම් ගැටළුවක්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    1.ඉන්නවා...
    2.ඔව්.
    3.ඔහොම හිතක් හිමි කෙනාගෙ අවාසනාව..එ හිතෙ ආදරයක් ඇතිවෙන කෙනාගෙ වාසනාව

    හරි... පොඩ්ඩක් 3 වෙනි උත්තරේ පැහැදිලි කරන්නකෝ... ඇයි එහෙම වෙන්නේ :eek::eek:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපේ හිත් අප්සට් කරන්නම හදපු නාට්ටියක්

    මගේ ජිවිතේ බලපු සිංහල නාට්ටි වලින් TOP5 තියෙන එකක්

    ස්ක්‍රිප්ට් එක වගේම නළුනිළියන්ගේ සහ production එකේ දක්ෂතාවේ නිසා තමා අපිට ඔහොම දැනෙන්නේ
    "නූරි" ට හොදම නිළිය සම්මානේ ලැබුනා
    සජිත හොදම නැගී එන නළුවා උනා
    ඉතින් ටෙලිය ගැන තව මොන කතාද

    ඕවා ඉතින් හැබෑ ජිවිතේ වෙනවද කියන එකනම් ගැටළුවක්

    ඔව් නෙහ්... නැත්තන් ලොවෙත් මෙහෙම මම ටෙලි ගැන ත්‍රෙඩ් දාන්නේ නෑනේ බන් :sorry::sorry::sorry: හිතට වැදුනා :sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වේදනාවේ සුසුම් පලස මත
    ජීවිතයම අතුරාලා
    සිහින දකිමි
    ආදරයේ හිරිකඩවත් එතැයි සිතා

    ජීවිතේ කෙටි වැඩියි ආදරේ මග හැර ඉන්න
    ඒ ආදරේ බර වැඩියි තනි හදින් දරන්න
    එන්නද ඔබ ළඟට තනිව බැහැ මට
    එන්නද ඔබ ළඟට තනිව බැහැ මට

    අනාමික රුධිරයෙන් මව් කිරෙන් දොවාලූ ආදරේ
    අනාමික දා කඳුළු ඔබ්බවා තැනූ කිරුළ ආදරේ
    අනාමික අවසාන සුසුමින් ගැබ්ගත්ත ආදරේ

    -බොහීමියානුවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කල්ප,

    ආදරය පිරෙන්නෙ ආදරයෙන් ම පමණි...

    මගෙ පන්තිය, කුලය, ජාතිය, වත්පොහොසත්කම් ගැන නො හිතා මට විතරක් ආදරය කරපු කෙනා ඔයා....

    මගෙ ආදරයෙ ප්‍රමාණය ගැන පැමිණිලි නො කර ලැබෙනවාට වඩා දෙයක් නො ඉල්ලූ කෙනා ඔයා...
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    වරෙන්කො..... දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක් ඉන්නවා...
    .:sorry::sorry::sorry:
    .
    .
    .
    .
    .
    .
    .

    මචං ලා......ෆිලුමක් හොයන කොට යාලුවෙක් ටෙලිඩ්‍රාමා එකක් සෙට් කලා....."බොහිමියානුවා"කියලා...මේ දවස් වල එක බලනවා..එකෙ පලවෙනි එපියෙ තිබ්බා ඩයලොග් ටික බැලුවම හිතුනා මේ වගෙ එවුන් ලෝකේ ඉන්නවා ද කියලා.....:eek::eek:
    මේ ඒ දෙබස් ටිකෙන් කොටසක්.... කෙල්ල තමයි කියන්නේ.. :rolleyes::rolleyes:

    හරි..මම සමාවගන්නම්...
    මම දන්නෙ නැ මගෙන් උන වරද මොකක්ද කියලා.එත් මම සමාව ගන්නම්..
    .
    .
    .
    .
    .
    .
    ඔයාට ආදරේ කල කෙනා මම..ඔයා කොහෙ හිටියත් ඔයාත් එක්කම නින්දට ගිය ඔයා එක්කම අවදිවෙච්ච කෙනා මම....
    ඔයාගෙ ආදරේ ගැන පැමිනිලි නොකර ලැබෙන දෙට වඩා දෙවල් නොයිල්ලපු කෙනා මම...
    ඔයාගෙ පංතිය,ජාතිය,කුලය,වත් පොහොසත්කම් නොහිතා ඔයාට විතරක් ආදරේ කල කෙනා මම..
    ඔයත් එක්ක ජිවිතෙ ලෙසි නැ කියලා දැන දැනත් එ ලෙසිය ගැන නොහිතා ඔයාට ආදරේ කල කෙනා මම..
    ඔයා හැමදාම බලාපොරොත්තු උන ආදරේ මම....
    ඔයාගෙ ආදරේ වෙනුවෙන් මේ ජිවිතේ උනත් අත අරින්න කැමති කෙනා මම...
    .
    .
    .
    .
    .
    .
    කමක් නැ මම අලුතෙන් මේ මොහොතෙ ඉදන් ඔයාව අදුනන ගන්නම්..
    කමක් නැ මම ඔයාට අලුතෙන් ආදරය කරන්නම්..

    :sorry::sorry:



    මේ තියෙන්නෙ විඩියෝ කැල්ල...විනාඩි 6.30 ඉදන් බලපන්කො ටිකක්......:love::love:

    මට තියෙන ප්‍රශ්න තමා.............:confused::confused:

    1.මෙහෙම හිතන එවුන් ඇත්තටම ඉන්නවාද බං...?
    2.උඹලට මුන ගැහිලා තියෙනවාද.....?
    3.මෙහෙම හිතන පතන කෙනෙක් ලැබෙන එක වාසනාවක් ද අවාසනාවක් ද.......?


    පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො.....:sorry::sorry:

    1. innawa
    2. after 7 years of affair now she is my best friend and my loving wife
    3. my life has become easier with her.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි... පොඩ්ඩක් 3 වෙනි උත්තරේ පැහැදිලි කරන්නකෝ... ඇයි එහෙම වෙන්නේ :eek::eek:


    සිමාවක් නැති ආදරයක් ලැබිම නෙමෙයි ද අපි හැමොගෙම බලාපොරොත්තුව....හිතන්න ඔයා වැඩ ඉවර වෙලා යාලුවො එක්ක චැට් එකක් දාලා ගෙදර ඇවිත් එවා ඉවර කරලා කොල් කරනකොට "දැන්ද මාව මතක් උනෙ"කියලා ඇගට කඩන් පනින කෙනෙක් ද ඔනි..එහෙම නැත්නම් "අද ඔයාට ගොඩක් වැඩ තිබුනාද,මහන්සි පාටයි කටහඩ"කියන කෙනෙක් ද හොද..
    යාලුවො එක්ක ට්‍රිප් එකක් ගියාම පැය බාගෙන් බාගෙට කොල් කරල "අරක නැ,මේක නැ"කියන කෙනෙක් ද හොද..නැත්නම් ඔයා එයා එක්කම අවුටින් ගියාම ඔයාගෙ ඔෆිස් එකෙන් ප්‍රශ්නයක් ඇවිත් එ සිටුවෙශන් එකම කාලා දාන මොහොතෙ නිහඩව ඔයාගෙ වැඩෙ කරගන්න දිලා ඉන්න කෙනාද හොද..නැත්නම් මොකක්ද අනෙ ඔයාට ඔෆිස් එකද ජිවිතෙ කියලා රංඩු අල්ලන කෙනාද හොද......

    අනික් කෙනාට තැන දෙන කෙනා හැමවෙලෙම තමන් එ සතුට නෙමෙයි බලාපොරොත්තු වෙන්නෙ...අනික් කෙනාගෙ සතුට..ඉතින් තමන්ට කිසිම දෙයක් නොලැබෙන එක අවාසනාව නෙමෙයි ද...තමන්ගෙ සතුට ගැන නොහිතා අනික් කෙනාගෙ අවශ්‍යතා ගැන හිතන කෙනෙක් ලැබෙන එක වාසනාවක් නෙමෙයි ද......