සෘණාත්මක

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බොහොමත්ම ස්තුතියි.. Ha
    :D

    හුරේ අලුත් ගංජා ස්ටොක් එක ඇවිල්ලා :love:
    නැත මිතුර, නැත... :no: මා කිසිඳු මත්ද්‍රව්‍යයක වහලෙක් නොවෙමි.
    මත් වූ මනසක් නොවේ මට ඇත්තේ...

    මේ අදහස් මතින් තොර සෘණාත්මක බවින් පිරුණු මනසකට ගලා එන්නා වූ අදහස්...
    ඒ තමයි සෘණාත්මක වූ මනසේ අසිරිය... :)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ඔව්, මත ගැන ඉස්මතු වූ නිසා මේ මොහොතේ සෘණාත්මක පාඩම තමයි මිත්‍රවරුනි, "මත".

    ප්‍රථමයෙන්ම සලකා බලමු, මේ කතාබහේදී ඉස්මතු වූ, ගංජා නම් වන මත්ද්‍රව්‍ය නිසා
    හොඳ අදහස් එන බවට වන මතය පිළිබඳව...

    මගේ අදහස නම්, ඒක හරියට එක මිනිහෙක් බේරගන්න මිනිස්සු දාහක් මැරුවා වගේ වැඩක් බව...
    එක හොඳක් වෙනුවෙන් විවිධාකාරයෙන් වින කරන විෂ දහස් ගණනක් ශරීරයට දමා ගැනීම...

    මීට පෙරද මේ පිළිබඳව කළ පළකිරීමක් මෙතැනට ද වැදගත් වනු ඇති... :yes:

    00:44:50 ඉඳන් බලන්න.

    ශාක පිළිබඳ ලොව පරීක්ෂණ රැසකට දායකත්වය දැක්වූ
    මහාචාර්ය අරුණ වීරසූරිය :

    ...වෛද්‍ය විද්‍යාත්මකව බෙහෙතක් විදියට භාවිතා කරනවා නම් හොඳ ශාකයක්.
    ඒත් ගංජාවල විෂ ජාතිත් ගොඩක් තියනවා. ගොඩක්ම වවපුවාම වෙන්නේ දුම්බොන්න පටන්ගන්නවනේ.
    ඒකෙන් තමයි ගොඩක්ම අහපතක් දේවල් වෙන්නේ.
    පිළිවෙලකට කරනවානම්, පර්යේෂණ කරලා, හොඳ සංයෝග වෙන් කරලා,
    වටිනාකමක් තියන දේවල් නිෂ්පාදනයට යන්න පුළුවන්.

    ...ගංජා වල තියනවා,
    ගංජා බීපුවාම ශරීරයට හානිකර රසායනික සංයෝග දහස් ගානක්.
    ඒවා හරිම විෂයි ඇඟට.
    එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
    විෂ අයින්කරලා හොඳ කොටස අරගෙන වැඩ කරන්න පුළුවන් නම් හොඳයි.

    අවබෝධ කරගැනීමට බුද්ධිය ඇත්තෝ අවබෝධ කරගනිත්වා...! :)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අද උදේ Meme Thread 2 එකේ දැක්ක බොහොම වටිනා GiF එකක්... :yes:

    Cancer.gif
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එළකිරිවාසී හැමෝටම කියන්න තියෙන්නේ කිසිම මත්ද්‍රව්‍යයක් ගන්නේ නැති "මනුෂ්‍යයෙක්" වෙන්න.
    කිසිදු මත්ද්‍රව්‍යයකින් යහපතක් නම් සිදුවන්නේ නැත. :no:

    මත්වෙන්න ආරාධනා කරනවා නම් කවුරුන් හෝ ඔබට, එයාලට දෙන්න ඕනේ පැහැදිලි සෘණාත්මක උත්තරය තමයි, "බෑ".
    මත් වූවන් තමා හා ආශ්‍රයට එද්දීත් දෙන්න ඕනේ පැහැදිලි ප්‍රතිචාරය "බෑ".

    කෙල්ලන්ට කියන්න තියෙන්නේ තොපේ කොල්ලා මත් වෙනවා නම් කෙලින්ම තියන්න බූට් එක. :angry:
    ඒක පවක් නොවේ. ඒ මඟුල් ආදරේට බම්බු ගහගන්න කියලා කෙලින්ම කපා හරින්න ජීවිතයෙන්...
    (ආදරේ කියන්නේ මොකක්ද කියන එකත් ඉස්සරහට කියා දෙන්නම්)
    එහෙමයි තමා විසින් තමාව ආරක්ෂා කර ගන්නේ.

    නැත්නම් ඉදිරි ජීවිතයට, තොපේ දරුවන්ට විවිධාකාර විදියට අයහපත ළඟාවෙනවා... විඳවන්න වෙනවා.
    මත් වන්නෙකු හා විවාහ වීම මරණීය ශාපයක් ලද්දෙකු හා විවාහ වීමට සමානය. :yes:

    මත් වුන මනසක් ඇත්තා "මනුෂ්‍ය" යන්නෙහි අර්ථයවත් නොදන්නා, තමා කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොමැති,
    කිසිසේත්ම ඇසුරට නුසුදුසු සත්ත්වයෙකි.
    එබැවින් මනුෂ්‍ය වෙසින් පෙනී සිටින්නා වූ, ඒ මත් වූවන් ජීවිතයෙන් හැකිතාක් දුරට ඈත් කරන්න.

    "තොප වන් මත් වූ අසත්පුරුෂයෙකු හා මගේ කිසිදු ආශ්‍රයක් නැත දුර්ජනය..." කියලා පලවාහරින්න ඩෙංගු මදුරුවන් සේ සලකා... :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ආරක්ෂක අංශ සම්බන්ධ චිත්‍රපට, ටෙලි කතා මාලා බලන අය දැකලා ඇති
    ඒවයේ පෙන්නනවා කෙනෙක් ගැන බොහොම පොඩි තොරතුරකින්
    එයාගේ සම්පූර්ණ විස්තර ඔක්කොම, තත්පර කිහිපයකින් හොයාගන්න තරම් ඒ පද්ධති වල දියුණුව.
    ඒ කතා කියමුකෝ...
    දැන් කාලේ, විශේෂයෙන් තරුණ පරම්පරාවේ කෙනෙක් ගැන,
    එයා ගැන දන්න පොඩි දේකින් (දුරකථන අංකය, නමේ කොටසක් වගේ)
    එයා ගැන සම්පූර්ණ විස්තරයක් ගන්න, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ දැනුමක් තියන කෙනෙකුට බැරිද? පුළුවන්ද?

    ඒ කතාවල හොයනවා වගේම ඉක්මණට පුළුවන් සම්පූර්ණ වාර්තාවක් ගන්න.
    බොහොම සරලයි. අර කතාවල පෙන්නනවා තරම්වත් අමාරු නෑ.
    Facebook ඇතුළු සමාජ ජාල... Truecaller වගේ වෙබ් අඩවි...

    කිසිම පෞද්ගලිකත්වයක් නෑ. උදේ ඉඳන් රෑ වෙනකම් කරන ඕනේ මඟුලක් හොයාගත්තහැකි.
    මහා මානයෙන් තැවරීගෙන තමන් ගැන හැම විස්තරයක්ම, හැම කෝණයකින්ම ගත්ත පින්තූර, වීඩියෝ,
    ඒ මොහොතේ කරන දේවල්... කරන්න ඉන්න දේවල්... මහා ධනාත්මක අදහස්...

    පින්තූර ගන්න එකත් ගන්නවා නම් හරියට මනුස්සයෙක් වගේ ගනින්කෝ...
    ඒකට අපේ උන්...
    මට නම් පෙන්නන්නම බැරි එකක් තමයි, කෙල්ලෝ පස්ස පැත්ත ඉස්සරහට දාගෙන
    මූණත් ඉස්සරහට හරවගෙන ගහන පින්තූර... :angry:
    බොලේ ඕක තියෙන්නේ පෙරේතකමට හැමවෙලේම ගලින දේවල් වලින් ශරීරයට අවශ්‍ය නොවෙන දේවල් පිට කරන්න මිස
    හතර අතට දික් කර කර පින්තූර ගහන්න නෙවෙයි. :lol:

    අනේ පුතේ මෙහෙව් රටේ...
    තව දාපල්ලා... නෑ, බෑ වගේ සෘණාත්මක කතා නොකියා මහලොකු ධනාත්මක චින්තනේ අනුව හිතලා තව තවත් දාපල්ලා... :dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ ජෙප්පෙක් නේද උන්ගේත් ඔය බර වචන සෙට් එක තියෙනවා එව්වල තේරුම උන්වත් දන්නේ නැ:lol::lol::lol:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මරුසිරා;24035563 said:
    උබ ජෙප්පෙක් නේද උන්ගේත් ඔය බර වචන සෙට් එක තියෙනවා එව්වල තේරුම උන්වත් දන්නේ නැ:lol::lol::lol:

    :lol: අපෝ නෑ. දේශපාලනය කරන අයගෙන් අකමැතිම කට්ටියක් තමයි JVP. :D
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ආදරය කියන්නේ ආත්මාර්ථකාමී සතුටක් පමණයි.
    ඒක මොන ආකාරයකටවත් පරාර්ථකාමී වෙන්නේ නෑ.
    එහෙම වෙනවා නම් ඒ ආදරය නෙවෙයි.

    සරලව කියනවා නම් ආදරය කියන්නේ මිනිසාගේ පැවැත්මට මනසේ ඇතිකරන සිතිවිලි සමූහයක් සහ
    ඒ සිතිවිලි නිසා ක්‍රියාත්මක වීම.
    තරුණ ආදරය ඇති වෙන්නේ ඇයි? ඒකේ මූලිකම අරමුණ තව ජීවියෙක් මෙලොවට ගෙන ඒම. ඒ තමයි ස්වභාවදහම.
    දැන් කියයි, ආදරය කියන්නේ උත්තරීතර දෙයක්ය, ඒක මෙහෙමය, අරහෙමය කියලා.
    ඒත් තිත්ත ඇත්ත තමයි තරුණ ආදරය කියන්නේ ලිංගික සංසර්ගයේ මුල් පියවර. අඩිතාලම.

    මනස විසින් ඔයාගේ හිත රවටනවා. මුලින්ම හිතට දාන්නේ,
    "ආදරය කියා දෙයක් ඇත මේ ලෝවේ... ඒ තරම් සුන්දර වූත්, උත්තරීතර වූත් දෙයක් තවත් නම් නැත ලොවේ..." කියලා.
    ඊළඟට හිතට දානවා... ආදරයේ මහා ඵලය නම් දරුවෙක්ය කියන දේ.
    ඊළඟට දරුවෙක් ලැබුනම දෙමාපියන්ගේ ආදරේ... ඒක එන්නේ ඇයි? අර දරුවා වැඩෙනකම් බලාගන්න.
    මේක මේ කියන තරම් සරල නෑ. ඒත් ඇත්ත තමයි මනස ඔයාව රවටනවා වෙනත් දෙයක් ඉස්සරහට දාලා.

    මේවා නරකයි කියන එක නෙවෙයි කියන්නේ. මේ නිසා තමයි ලෝකය පවතින්නේ.
    ඒ පැවැත්මට හිත අපිව රවටන හැටි තමයි ඒ පැහැදිලි කළේ...

    දැන් කාලේ නම් නවකතා, කෙටිකතා, ටෙලි නාට්‍ය, චිත්‍රපට බොහොමයකම ජීවිතයේ පරම සැපත, විමුක්තිය විදියට පෙන්නන්නේ
    පෙම්වතුන් වෙන එකයි, කසාද බඳින එකයිනේ... :lol:
    ඒවායින් පෙන්නන ඒ මායාවට අහුවුනාම වෙන දේවල්, ජීවිත නාස්ති වෙන හැටි, අපරාධ වෙන හැටි හෙමත් පේනවා ඇතිනේ...

    මනසින් උසස් මිනිසා ප්‍රගුණ කළ යුත්තේ ආදරය නෙවෙයි. ඒක කොහොමත් තියනවා ඕනේම කෙනෙක්ට.
    ප්‍රගුණ කළ යුත්තේ මිත්‍රත්වය... එකිනෙකා කෙරෙහි වන මිත්‍රත්වය නොහොත් මෛත්‍රිය...
    නමුත් මිනිසුන් අතර නැත්තෙත් ඒ උතුම් ගුණාංගයමයි.

    අර කලින් කිව්ව, මං අකමැතිම වචනේ වන "මචං" වෙනුවට "මිත්‍රයා" (මෛත්‍රිය වඩන්නා) කියලා
    තමන්ගේ යහළු මිත්‍රාදීන්ට ආමන්ත්‍රණය කරනවා නම් කොච්චර පින්වන්තද...
    සම වයස් අයට විතරක් නොවේ, ඕනේම කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න සුදුසු, උතුම් වචනයක් තමයි ඒ මිත්‍රයා... :)
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha

    100% eththa bn, uba positive hithanne :) ,
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මිත්‍රයා මට හිතෙනවා ඔයාට අද බෙහෙත් වේල අමතක වෙලා කියලා.....:)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ඔබ සමාජය පිළිගත් වෘත්තියක යෙදීමට සිහින මවනවා නොවේද? ප්‍රසිද්ධ වීමට ප්‍රිය කරනවා නොවේද?

    විවිධ අංශයන්ගෙන් ප්‍රසිද්ධ වූ පසු මුදල් ගලා එන බවට අදහස් දක්වන්නන් මට මුණ ගැසී තිබේ.
    නමුත් ප්‍රසිද්ධියට පත් වූවන් තමා පිළිබඳ, තම පවුලේ සාමාජිකයන් පිළිබඳ ලෝකය බලා සිටිතියි සිතා
    කොතරම් නම් සැලකිලිමත් විය යුතුද...
    අන්‍යයන්ට නිතරම පෙනෙන තම බාහිර රූපය සඳහා කොතරම් වෙහෙසිය යුතුද...
    එසේ වෙහෙසී ගොඩනඟාගන්නා රූපය නිසා කොතරම් තණ්හාවෙන් ඇලී ගැලී මනස දූෂිත කර ගන්නවාද...
    ඔහු හෝ ඇය පිළිබඳ පටබැඳෙන සත්‍ය හෝ අසත්‍ය වන විවිධාකාර ප්‍රවෘත්තීන් නිසා හිතින් කොතරම් දුක් විඳිනවාද...

    යම් ඉහළ තනතුරක් දරන තැනැත්තෙකුට පැවරෙන වගකීම් සමුදාය කොතරම් ද...
    බොහෝදුරට ඔහුගේ ජීවිතය ම ඒ වෙනුවෙන් කැප කළ යුතුය.
    තනතුර රැක ගැනීම උදෙසා වෛරයෙන් පිපිරෙමින් බල පොරයේ යෙදිය යුතුය.
    ඔහුව පාගා ඉහළට යාමට, ඔහුට යන්තමින් වරදින තෙක් බලා සිටින්නෝ කොතරම් ද?
    එවැන්නෙකුට ඇතිවන සතුරන් ප්‍රමාණය? සතුරන්ගෙන් ඇතිවන අනේකවිධ වූ පීඩාවන්...

    මගේ සෘණාත්මක අදහස නම් හිතේ නිදහසින් සහ සතුටින් ජීවත් විය හැක්කේ
    යම් ආයතනයක ප්‍රධානියාට නොව එහි පහළම සේවකයාට බවයි.
    නමුත් පහළම සේවකයා ඒ බැව් නොදැන උත්සාහ කරන්නේ තවත් ඉහළට යාමටයි. මෝඩකමට බෙහෙත් නැත.

    සාර්ථක යැයි බොහෝ දෙනා අදහනා, සමාජය පිළිගන්නා, කී දෙනෙකුගේ මනස නිදහස් ද?
    රූපවාහිනී වැඩසටහන්වල දී ඉතා සතුටින් සිටින බව පෙන්වා, තමා ආදර්ශයට ගන්නා ලෙස
    ලෝකයට කෑගසා කියනා කීදෙනෙකු ගත කරන්නේ නිදහස් ජීවිත ද?
    "ඒ දහසක් දෙනාගෙන් එක් අයෙක් හෝ නිදහස් ජීවිත ගත කරති"යි යන්න පවා සැක සහිතය.
    කිමද යත් නිදහස් මනුෂ්‍යයෙක් නම් එවන් වැඩසටහනකටවත් ඔහු සහභාගී නොවනා හෙයිනි.
    එම සහභාගී වීම තුළ ඔහුව බැඳ තබා සිරකරගැනීමට විවිධ බලවේගයෝ පෙළගැසී සිටිති.

    නිදහස් ජීවිතයක් ගත කිරීමට නම් හැකි තරම් සරල සහ කිසිවකට බැඳී නොසිටිය යුතුයි.

    ධනවත් වීම හෝ සමාජය පිළිගත් වෘත්තියක නිරත වීම සම්ප්‍රදායික සමාජයේ බැබලීමට හේතුවක් බව සැබවි.
    එනමුත්, එවැන්නෙකුට තමාට අවශ්‍ය ආකාරයට රිසි සේ සාමාන්‍ය ජීවිතයක් ගෙන යා හැකිද? පිළිතුර, නොහැකියි.
    කිමද යත්,
    එසේ සමාජයේ වැජඹීමට ලබාගත් තනතුරු, පදවි, තානාත්තර විසින් හතරවටින් ම
    නොකැඩිය හැකි ශක්තිමත් දම්වැල් යොදා ඔහුව බැඳ තබා සිර කර තිබෙනා බැවිනි.

    වෘත්තීන් වශයෙන් වෙන් වෙන්ව දැක්වීම ඇවැසි නැත. මඳකට සිතා බලන්න. ඔබ නිදහස් මනුෂ්‍යයෙක්ද?
    ඔබේ වෘත්තිය හෝ දරනා තනතුරු විසින් ඔබව කොතරම් සිර කර බැඳ තබාගෙන තිබේද?
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මගෙත් තියෙන්නේ Negative Overthinking එකක්
    ඒක නැති කරගන්න විදියක් තියෙද