සෘණාත්මක

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලන්න ඕනේ... :D

    spoil කරගන්නැතුව බලන්න. මං බලල නැතුව ඇති කියල හිතාගෙන wikipedia link එකත් අයිං කලා :yes: මරු කතාව. මරු චරිතෙ :love:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113

    සෘණාත්මක කියන්න බෑ ඔයාගේ අදහස් වලට.මේවා ස්වාධීන, නිදහස්, නිර්මාණාත්මක, බයෙන් ජීවත් වෙන්නේ නැති කෙනෙක්ගේ අදහස්
     
    • Like
    Reactions: EK KILLER

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සෘණාත්මක කියන්න බෑ ඔයාගේ අදහස් වලට.මේවා ස්වාධීන, නිදහස්, නිර්මාණාත්මක, බයෙන් ජීවත් වෙන්නේ නැති කෙනෙක්ගේ අදහස්

    ස්තුතියි... :)
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48

    ඔබ සමාජය පිළිගත් වෘත්තියක යෙදීමට සිහින මවනවා නොවේද? ප්‍රසිද්ධ වීමට ප්‍රිය කරනවා නොවේද?

    විවිධ අංශයන්ගෙන් ප්‍රසිද්ධ වූ පසු මුදල් ගලා එන බවට අදහස් දක්වන්නන් මට මුණ ගැසී තිබේ.
    නමුත් ප්‍රසිද්ධියට පත් වූවන් තමා පිළිබඳ, තම පවුලේ සාමාජිකයන් පිළිබඳ ලෝකය බලා සිටිතියි සිතා
    කොතරම් නම් සැලකිලිමත් විය යුතුද...
    අන්‍යයන්ට නිතරම පෙනෙන තම බාහිර රූපය සඳහා කොතරම් වෙහෙසිය යුතුද...
    එසේ වෙහෙසී ගොඩනඟාගන්නා රූපය නිසා කොතරම් තණ්හාවෙන් ඇලී ගැලී මනස දූෂිත කර ගන්නවාද...
    ඔහු හෝ ඇය පිළිබඳ පටබැඳෙන සත්‍ය හෝ අසත්‍ය වන විවිධාකාර ප්‍රවෘත්තීන් නිසා හිතින් කොතරම් දුක් විඳිනවාද...

    යම් ඉහළ තනතුරක් දරන තැනැත්තෙකුට පැවරෙන වගකීම් සමුදාය කොතරම් ද...
    බොහෝදුරට ඔහුගේ ජීවිතය ම ඒ වෙනුවෙන් කැප කළ යුතුය.
    තනතුර රැක ගැනීම උදෙසා වෛරයෙන් පිපිරෙමින් බල පොරයේ යෙදිය යුතුය.
    ඔහුව පාගා ඉහළට යාමට, ඔහුට යන්තමින් වරදින තෙක් බලා සිටින්නෝ කොතරම් ද?
    එවැන්නෙකුට ඇතිවන සතුරන් ප්‍රමාණය? සතුරන්ගෙන් ඇතිවන අනේකවිධ වූ පීඩාවන්...

    මගේ සෘණාත්මක අදහස නම් හිතේ නිදහසින් සහ සතුටින් ජීවත් විය හැක්කේ
    යම් ආයතනයක ප්‍රධානියාට නොව එහි පහළම සේවකයාට බවයි.
    නමුත් පහළම සේවකයා ඒ බැව් නොදැන උත්සාහ කරන්නේ තවත් ඉහළට යාමටයි. මෝඩකමට බෙහෙත් නැත.

    සාර්ථක යැයි බොහෝ දෙනා අදහනා, සමාජය පිළිගන්නා, කී දෙනෙකුගේ මනස නිදහස් ද?
    රූපවාහිනී වැඩසටහන්වල දී ඉතා සතුටින් සිටින බව පෙන්වා, තමා ආදර්ශයට ගන්නා ලෙස
    ලෝකයට කෑගසා කියනා කීදෙනෙකු ගත කරන්නේ නිදහස් ජීවිත ද?
    "ඒ දහසක් දෙනාගෙන් එක් අයෙක් හෝ නිදහස් ජීවිත ගත කරති"යි යන්න පවා සැක සහිතය.
    කිමද යත් නිදහස් මනුෂ්‍යයෙක් නම් එවන් වැඩසටහනකටවත් ඔහු සහභාගී නොවනා හෙයිනි.
    එම සහභාගී වීම තුළ ඔහුව බැඳ තබා සිරකරගැනීමට විවිධ බලවේගයෝ පෙළගැසී සිටිති.

    නිදහස් ජීවිතයක් ගත කිරීමට නම් හැකි තරම් සරල සහ කිසිවකට බැඳී නොසිටිය යුතුයි.

    ධනවත් වීම හෝ සමාජය පිළිගත් වෘත්තියක නිරත වීම සම්ප්‍රදායික සමාජයේ බැබලීමට හේතුවක් බව සැබවි.
    එනමුත්, එවැන්නෙකුට තමාට අවශ්‍ය ආකාරයට රිසි සේ සාමාන්‍ය ජීවිතයක් ගෙන යා හැකිද? පිළිතුර, නොහැකියි.
    කිමද යත්,
    එසේ සමාජයේ වැජඹීමට ලබාගත් තනතුරු, පදවි, තානාත්තර විසින් හතරවටින් ම
    නොකැඩිය හැකි ශක්තිමත් දම්වැල් යොදා ඔහුව බැඳ තබා සිර කර තිබෙනා බැවිනි.

    වෘත්තීන් වශයෙන් වෙන් වෙන්ව දැක්වීම ඇවැසි නැත. මඳකට සිතා බලන්න. ඔබ නිදහස් මනුෂ්‍යයෙක්ද?
    ඔබේ වෘත්තිය හෝ දරනා තනතුරු විසින් ඔබව කොතරම් සිර කර බැඳ තබාගෙන තිබේද?

    ela magema adahasa tikak wage
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මේවට ඍනාත්මක සිතුවිලි කියලාද කියන්නෙ....:confused:
    හපොයි.....එහෙනම් මාත් එහෙම කෙනෙක් :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    මට උබ කියල තියෙන දේවල් ඔලුවට දාන්නත් කම්මැලියි බන්. කියවන්නේ නැතුව කෙලින්ම මේක ටයිප් කරා
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මස් මාංශ ආහාරයට ගත්තට පස්සේ වරදකාරී හැඟීමක් දැනෙනවාද?
    ඒ විදියට "සතෙක්ගේ මස් කන්න අයිතියක් නෑ" වගේ හැඟීමක්...
    එහෙනම්, තවත් බලා ඉන්න එපා...!
    උදරය සත්ත්ව සොහොනක් කර ගැනීමෙන් වැළකෙන්න හිතට එකඟව අදම පටන්ගන්න.

    මස්මාංශ අනුභවයට සෘණ කියන්න...! නිර්මාංශ වෙන්න...!

    ඉහත කියලා තියන විදියට වරදකාරී හැඟීම නොදැනෙන අයට ඕක කරන්න අපහසුයි.
    නමුත්, අමාරුවෙන් හරි කළා කියන්නේ, ස්වභාවදහමේ ගෞරවයට ලක්වන
    "මනසින් උසස්" සැබෑ මනුෂ්‍යයෙක් බවට ඔබ පත්වෙනවා කියන එක. :yes:

    මේ විදියට මස් මාංශ අනුභවයට සෘණ ප්‍රතිචාර දැක්වීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තියනවා මගේ අත්දැකීම් අනුව...

    අන්තගාමී වෙන්න එපා. :eek:
    ඒ කියන්නේ අනිත් අයට වදයක් වෙන්න එපා.
    ගෙදර අය උයන විදිය වෙනස් කරන්න එපා.

    කොහේහරි ගියාම "මං කන්නේ එළවළු විතරයි, මං කන්නෑ මේවා" කියලා ලොකුකම් දානවා නම්
    එතන සිද්ධ වෙන්නේ වෙන දෙයක්.
    එතනදී මනස හිතනවා, "මං නිර්මාංශ නිසා අනිත් අයට වඩා උසස්. මස් කන සියල්ලන්ම පහත්" වගේ දෙයක්.
    ඒ මානය නිසා සැබෑ අරමුණෙන් බැහැරට ගිහිල්ලා, ඒ මානය පවත්වාගැනීම වෙනුවෙන් නිර්මාංශ වීමක් එතනදී වෙන්නේ.
    මටත් මුල් කාලේ මේ වගේ තත්ත්වයක් තිබුනා.
    නිර්මාංශ වෙන බහුතරයකට එහෙම වෙනවා කියලා කියවන්න ලැබුන නිසා මටත් ඒක තේරුණා.

    ගෙදර අද උයන්නේ කරවලයි, සම්බෝලයි විතරයි නම්, සම්බෝල එක්ක විතරක් කන්න පුළුවන් තරමට මනස හැදිලා නම්,
    නිර්මාංශ වීම අතින් ඔබ බොහෝදුරට සාර්ථකයි.
    ඒ සම්බෝල වල උම්බලකඩ දාලා නම් ඒවා පැත්තකින් තියලා ගෙදර සුරතලයට හදන සතෙකුට දෙන්න තරමට
    ඔබ අවංක නම් ඔබ තවත් සාර්ථකයි. :)

    මස් මාංශ වලින් සමන්විත ආහාරවේලක් විතරක් ඉවුව දවසක, වෙන කරන්නම දෙයක් නැත්නම්,
    මස් මාංශ ගත්තා කියලා වරදක් මම දකින්නේ නෑ.
    හැබැයි එදාටත්, ලූණු ගෙඩියක්, තක්කාලි කෑල්ලක්, මිරිස් කරලක් කපාගෙන කන්න පුළුවන් කෙනෙක් නම්
    මම ගරු කරනවා ඔබට...! :)

    මිනිසාට අයිතියක් නෑ, අනිත් සතුන් මරා දමන්න හෝ වහලුන් කරගන්න.
    මගේ අදහස අනුව මස් කෑම විතරක් නෙවෙයි, සතෙක්ගෙන් කිරි ගන්න එකත්, ඒ කිරි බොන එකත්
    සත්ත්වයන් කොටුකරගෙන වහලුන් සේ මිනිසාගේ වැඩ සඳහා තබාගැනීමත්,
    නියම මනුෂ්‍යයාට, ශිෂ්ට වූ මනුෂ්‍යයාට ගැළපෙන්නේ නෑ.

    සම්පූර්ණයෙන් වැළකෙන්න බැරි අය යම් ප්‍රමාණයකින් හෝ අඩු (සෘණ :D) කරගන්න හිතට ගන්න...! :)
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    "මචන්" කියන වචනෙ උබ අර්ථ දක්වන්නෙ කොහොමද ? මොන විදිහටද ?:D

    මට ඒක හැඟෙන්නේ භාවිතයට අනවශ්‍ය වචනයක් හැටියට.
    මගේ පවුලේ කෙනෙක් (අවවාද කළ හැකි කෙනෙක්) ඔය වචනේ මට ඇහෙන්න පාවිච්චි කළොත්
    මං කියන්නේ "රස්තියාදු වචන පාවිච්චි කරන්න එපා" කියලා වෙන්න පුළුවන් බොහෝ විට.

    මචං කියන්නේ දෙමළ වචනයක් දන්න විදියට.
    සාමාන්‍යයෙන් යාළුවන්ට "මචං" කිව්වට, තේරුම "මස්සිනා" කියන එක කියලා අහලා තියෙනවා.

    සාමාන්‍ය කතාබහේදීවත් ඔය වචනය පාවිච්චි නොකරන අය තමයි මම ගෞරව කරන අය අතර ඉන්නේ.
    උදාහරණයකට යම් විෂයක් ගැන කෙරෙන සාකච්ඡාවක් ගමු. ඒකෙදී කොයිතරම් හිතවත් ළඟම කෙනෙක් වුනත්,
    "මචං" කියලා සාකච්ඡාවේ ඉන්නේ අනෙකා අමතනවා නම් එතන ශිෂ්ට ගතියක් නෑ.

    කවුරුහරි මට "මචං" කිව්වා කියලා එයා ගැන "සැලකිය යුතු" තරහක් එන්නේ නෑ.
    වචනයට අප්‍රියතාවයක් තමයි බොහෝදුරට තියෙන්නේ.
    මම "මචං" භාවිතා නොකරන නිසා මට "මචං" කියන අයත් අඩුයි.

    ඕනෑම වාක්‍යයක කොහේටහරි "මචං" ආවොත් වාක්‍යයේම වැදගත්කම නැතිවෙනවා කියන එකයි මගේ අදහස...

    මනසින් උසස් වූවන්ගෙන් හෙවත් මනුෂ්‍යයන්ගෙන් හෙබි, ශිෂ්ට වූ සමාජයට අනවශ්‍ය වචනයක්... :)
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මෙම සෘණාත්මක ත්‍රෙඩ් එකේ අතුරු කොටසක් වශයෙන් ලියවෙන
    "විශිෂ්ට සිංහල ගීත" ත්‍රෙඩ් එකට පහතින් පිවිසෙන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1919518

    ElaKiri Entertainment Forum එකේ තියන නිසා Log වුනේ නැත්නම් බලන්න බෑ.
    ඒ බව දැනගත්තේ පළ කළාට පසුව, ඒ නිසයි මේ විශේෂ සටහන... :)