කටු අනෝදා

saturn

Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    කටු අනෝදා ගැන උනන්දුව ක් දක්වපු ඔබ සැමට මේ තොරතුරුත් වැදගත් වෙයි. අනෝදා කොල තේ හදාගන්නේ මෙහෙමයි. හොදින් පැසුනු අනෝදා කොල සෝදා පවනේ වියලා ගන්න. ඉන්පසුව කුඩුකර බෝතලයක අසුරා තබන්න. කුඩු ටිකක් උනුවතුර දමා වසා තැබීමෙන් පසු පෙරා පානය කරන්න පුලුවනි.
    අනෝදා ගැන තවත් විස්තර පහතින්....

    නිතර ආහාරයට ගැනීමෙන් සිරුරු තුල පිළිකා ශයිල වැඩිම වලක්වා අනාගත පරපුර නිරෝගී කිරීමේ හැකියාව කටු අනෝදා තුල ඇත.

    දියුණු වෙමින් පවතින අපේ රට වැනි වැසි වනාන්තර සහ ජෛව විවිධත්වය සහිත ඝර්ම කලාපිය රටවල ශාක ඇසුරින් රෝග සුව කිරීමේ ඇති හැකියාව ගැන ඉව අල්ලමින් සිටින බටහිර ලෝකය, ඇස ගැටෙන සියලු ශාක පර්යේෂණ වලට ලක් කරමින් ඒවායේ ඇති ඖෂධිය ගුණ සොයා යමින් සිටි.

    ඔවුන්ගේ ඉව කටු අනෝදා ශාකය වෙත හැරුනේ කටු අනෝදා නිතර ආහාරයට භාවිතා කරන මෙක්සිකෝවේ ඇතැම් පලාත්වල පිළිකා අඩු බව ඉව වැටීමෙන් පසුයි.

    ශාකයේ විවිධ කොටස් නිස්සරණය කිරීමෙන් අධි සංයුතියකින් acetogenins, quinolones යන ස්වභාවික පිළිකා ශයිල නාශක, ප්‍රතිඔක්සිකාරක වාගේම alkaloids සොයා ගන්නට ඔවුන් සමත් වී තිබෙනවා. පිළිකා වැලැක්වීම පමණක් නොව පැතිරී යාමට පෙර මුල් කාලයේ පිළිකා සුව කිරීමේ හැකියාවක්ද කටු අනෝදා වලට ඇති බව තමා ඔවුන් පවසන්නේ.

    මේ පිලිබඳ සොයා යාමේදී හමුවූ ඇතැම් තොරතුරු වලට අනුව මැක්සිකොවේ පිළිකා රෝගය සඳහා කටු අනෝදා ආශ්‍රිතව නිපදවා ඇති එක්තරා ඖෂධයක් ඖෂධ මාෆියාව නිසා වෙළඳ පොලට එක් කිරීමට බලධාරීන් අසමත් වී තිබෙනවා.

    පිළිකා මර්ධනයට අමතරව කටු අනෝදා වල ඇති වෙනත් සෞක්‍යමය ප්‍රතිලාභ අති මහත්‍ ය. විටමින් සී අධික කටු අනෝදා සිරුර ධුලකහරනයටත්, ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටත් සමත්.

    ලවන අධික නිසා පාචනය, වමනය වැනි දියර පිටවන අවස්තාවලදී ලවන සමතුලිත තාවය පවත්වා ගැනීමට (Electrolyte Balance)උදව් වන කටු අනෝදා හදවත් රෝග සහ වෙනත් හේතුන් මත ඇතිවන ඉදිමුම් වලදී ශරීරයෙන් දියර පිටකර (Diuretic) ඊට ප්‍රති විරුද්ධව ක්‍රියා කරයි.

    ආහාර මාර්ගයේ රෝග වලට ඉතා ගුණැති කටු අනෝදා බොහෝ අය පිඩා විඳින ගැස්ට්‍රයිටිස් රෝගයටද කදිම විසඳුමකි.

    මල බද්ධය වළක්වාලීමටත් අන්තර පිරිසිඳු කර ආහාර මාර්ගය පිරිසිඳු කිරීම නිසා වෙනත් ආකාරයකින් අන්ත්‍ර පිළිකා වැලක්විමටද දායක වේ.

    වේදනා නාශක ගුණ සහිත කටු අනෝදා පාප්පයක් සාදා තුවාල, වේදනා දෙන අස්ථි සන්ධි වල ආලේපයෙන් වේදනාවන් සමනය කර ගත හැක. ප්‍රති ආසාධන සහ ප්‍රති ජිවකමය ගුණ බහුල කම නිසා නිතර ආහාරයට ගැනීමෙන් බැක්ටීරියා, වෛරස මෙන්ම දිලිර ආසාධන වලින්ද වැළකීමට පුළුවන්.

    වකුගඩු සහ මුත්‍රාශයේ ගල් ඉවත් කිරීමට සමත් අපේ දේශීය ආහාර විසල් ගොන්න අතරට එක්වන තවත් සුපිරි යෝධයෙක් ලෙසත් කටු අනෝදා හඳුන් වන්නට පුළුවන්. හේනේ කුඹුරේ තද හිරු රැසේ වැඩ කල අත්ත මුත්තලා අතර මෙවන් ආබාධ සොයා ගැනීම නැති තරම් දුලබ වුයේ ගෙවතු වල යහමින් පැවති නිතර අතුරුපසට එක්වුණු කටු අනෝදා වලට පින්සිදු වන්නට නොවෙන්නට යයි කිව හැක්කේ කාටද?

    කටු අනෝදා වල ආහාරයට ගන්නා පලතුරට වඩා ගුණ ඇති බව පැවසෙන්නේ ශාක පත්‍ර, කඳේ පොතු සහ ඇට වලයි. ඇතැම් පර්යේෂණ වාර්තා වලට අනුව දැනට භාවිතා කරන කිමෝ තෙරපි වලට වඩා සිය ගුණයක පමණ පිළිකා නැසීමේ බලයක් කටු අනෝදා පත්‍ර වල තිබෙනවා.

    කටු අනෝදා කොළ 10ක් පමණ වතුර දමා හිදෙන්න තම්බා ගන්නා තේ කෝප්පයක ප්‍රමාණයේ සාරය මසකට දෙතුන් වතාවක් පානය කිරීමෙන් පිළිකා ඇතුළු බොහෝ රෝග වලින් වැලකි සිටිය හැකි බව කියවෙනවා.

    වේදනාකාරී ගවුට් (Gout ) රෝගය උග්‍ර වනඅවස්ථා වලදී මෙන්ම Rheumatoid Arthritis රෝගයට ඉහත සඳහන් ප්‍රතිකාරය දවසට දෙපාරක් දින කීපයක් භාවිතා කිරීමෙන් රෝග ලක්ෂණ අඩු කර ගැනීමට පුළුවන්. වේදනා නාශක ගුණ කොලයේ බහුලව ඇති නිසා සන්ධි ප්‍රධාහ සහ නිදන්ගත කොන්දේ වේදනා වලටද මේ ප්‍රතිකාරය භාවිතා කරන්නට පුළුවන්.

    කටු අනෝදා කොළ සිහින්ව ඇල්දියෙන් අඹරා එක්සිමා (ECZEMA ) වැනි ආසාත්මික හේතුන් මත ඇතිවන සමේ රෝග මත ආලේප කිරීමෙන් කැසීම වලක්වා ගැනීම මෙන්ම ආසාත්මිකතාවය අඩු කර ගැනීමටත් හැකි බව පැවසෙනවා.මිට අමතරව කටු අනෝදා කොළ සාරයේ රුධිරගත සීනි අඩු කිරීමට සහ රුධිර පීඩනය අඩු කිරීමෙන් හදවත් රෝග වලක්වා ගැනීමේ හැකියාවක්ද පවතිනවා.

    හිසකෙස් වලට ගුණැති කටු අනෝදා කොළ ඇල්දියෙන් අඹරා හිසේ ගැල්වීමෙන් උකුණන් සහ හිස්හොරි වඳ කර , අකලට හිසකෙස් ගැලවීම වලක්වා නිරෝගිමත් කෙස් කළඹක් පවත්වා ගන්නටත් පුළුවන්.

    අපට වටින්නේ නැතිවාට කටු අනෝදා වල අගය බටහිර ජාතිකයින් හොඳින් වටහාගෙන ඇත. තමන්ගේ වටපිටාවෙන් සොයා ගත නොහැකි මේ ඖෂධය වියලු පත්‍ර , වියලා කුඩු කරන ලද පත්‍ර, පෙති, කරල් වශයෙන් හෝ මදය පාප්පයක් ලෙස සකසා (Frozen Pulp)අධි ශීතකරණ තුල තබා ගෙන පරිහරණයට ගැනීමට අද වෙන විට ඔවුන් පෙළඹිලා.

    මේසා ගුණ ඇති කටු අනෝදා අද වන විට අපේ ගෙවතු වලින් අතුරුදහන්වීම කනගාටුවට කරුණකි. පළතුරක් වශයෙන් පමණක් නොව පවස නිවන බිමක් හෝ වෙනත් රසවත් අතුරුපස සඳහා යොදා ගනිමින් ඕනෑම වයසක කෙනෙකුගේ ආහාරයට කටු අනෝදා පහසුවෙන් එකතු කල හැක. එතරම් ඉඩක් නොයන මේ පලතුරු ගස මතු පරපුරේ ඉරණම වෙනස් කල හැකි විශ්මකර්ම ඖෂධයකි...

    කටු අනෝදා රැක ගැනීමේ සටනට එක්වන්න..ඔබත් අදම ගෙවත්තේ කටු අනෝදා පැලයක් සිටුවන්න..


    අනුරාධ තෙන්නකෝන්
     

    Snoopy001

    Junior member
  • Dec 20, 2018
    88
    9
    8
    මම මේ දැනගැනිම පිනිස අහන්නෙ කටු අනොදා වානිජමය වශයෙන් හදන්න පුලුවන්ද අපේ ගෙදර වත්තෙ ඔන තරම් කටු අනොදා හැදෙනවා‍‍.මේක මහා පරිමානෙන් පටන් ගත්තොත් කරන්න පුලුවන් වෙයිද මිලගනන් කොහොමද දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න:):):):)
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,885
    113
    මම මේ දැනගැනිම පිනිස අහන්නෙ කටු අනොදා වානිජමය වශයෙන් හදන්න පුලුවන්ද අපේ ගෙදර වත්තෙ ඔන තරම් කටු අනොදා හැදෙනවා‍‍.මේක මහා පරිමානෙන් පටන් ගත්තොත් කරන්න පුලුවන් වෙයිද මිලගනන් කොහොමද දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න:):):):)

    මල් brush එකකින් කෘතීමව පරාගනය කරන්න වෙයි. :rolleyes:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Grams 100k 100-120 wenawa.
    Hoda adayamak ganna puluwan.
    Thamange gewaththe haduwoth anawasya chemical noda idunu ewa kanna puluwan weyi.

    Stuty thoraturu bedagttata.
    +Rep
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    මම මේ දැනගැනිම පිනිස අහන්නෙ කටු අනොදා වානිජමය වශයෙන් හදන්න පුලුවන්ද අපේ ගෙදර වත්තෙ ඔන තරම් කටු අනොදා හැදෙනවා‍‍.මේක මහා පරිමානෙන් පටන් ගත්තොත් කරන්න පුලුවන් වෙයිද මිලගනන් කොහොමද දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න:):):):)

    ow hadanna puluwan. december wala agri exhibition ekak thibba BMICH eke, eke katu anoda hadana eka gana godak wisthara thibba. hoyala balanna