මිහිදු හිමි අකුරුකලාව මෙරටට ගෙනත් නෑ

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මිහිදු හිමි අකුරුකලාව මෙරටට ගෙනත් නෑ

    මිහිදු හිමි අකුරුකලාව මෙරටට ගෙනත් නැතිබව විද්යාත්මකව හෙලිවෙයි.එතකොට කවුද ගෙනාවේ?:shocked:

    49461686_786879381644791_749806607327559680_n.jpg


    1996 දී ලංකාව විල්ස් ලෝක කුසලානය දිනාගන්නා තෙක් ඇතැම් ලෝකවාසීන් ලංකාව කියා රටක් ඇත්දැයිවත් දැන සිටියේ නැත. ලෝක සිතියමේ වූ මේ කුඩා තිතක් සම ලංකාව ඔවුන්ට වටිනාකමක් ඇති බිමක් ලෙස හැඟුණේ නැත. එහෙත් මතක හිටින්නට යමක් කරන්නට ලොකු පොඩි කතා, දුප්පත් පොහොසත් කතා, කිසිදු විටක බලනොපාන වග කියන්නට අප ළඟ අපමණ හේතු සාධක ඇත. ඉන් එකක් ලෙස බොහෝ අභිමානයෙන් ලංකාවේ පුරාවිද්‍යා සොයා ගැනීමක් නම් කළ හැකි බව පවසා සිටිමු.

    මීට අවුරුදු එකසිය විසිපහකට පෙර ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්. සී. පී. බෙල් මහතා විසින් ආරම්භ කරන ලද ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිශය අභිමානවත් සොයාගැනීම පිළිබඳ අද ලංකාව පමණක් නොව ලෝක ඉතිහාසය පුදුම වෙමින් පවතී.

    ඔබ ශ්‍රී ලාංකිකයෙක් ද? ඔබ ඉතිහාසයට පෙම් බඳින්නෙක් ද? එසේ නම් අසනු මැන ඔබට ඔබේ හදවත ආඩම්බරයෙන් පුරවාගත හැකි ඒ අරුම පුදුම ඓතිහාසික සොයාගැනීම පිළිබඳව.

    පුංචි දවස්වල අපි ඉගෙන ගත් ඉතිහාසයේ වූයේ අපිට සංස්කෘතියක්, ආගමක්, කලාශිල්ප, අක්ෂර කලාව ලැබුණේ මහින්දාගමනය සමඟ ය. එය ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් අප හට ලබා දුන් ත්‍යාගයක් බව ය. ඒ එදා ය. ඒත් අද වනවිට ඒ ඉතිහාස පාඩම් අමතක කළ යුතු ව ඇත. මහාවංසයට ද තම ඉතිහාසය යළි ලියවාගත යුතු කාලය උදා වී ඇත. මන්ද අපිට අක්ෂර කලාව ලැබුණේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කාලයේ නොව, එය ඊට වසර තුන්සියයකට පෙර ද මෙරට තිබූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති හෙයිනි.

    අපි ඔබෙන් එක් ප්‍රශ්නයක් අසමු. ඔබ කවදාහරි අනුරාධපුරයට ගිහින් තිබේ ද? එහි පිළිතුර "ඔව්" නම් එහි දෙවන පැනය ලෙස ඔබ කවදාහරි අනුරාධපුරයේ ඇතුළු නුවරට ගිහින් තිබේ ද? එහි උත්තරය බහුතරයකගේ ම "නෑ" යන්න බව අපි දනිමු. ඊයේ නොගිය ද අදින් පසු අනුරාධපුරයට යන ඔබට ඇතුළු නුවර නම් වූ ඒ අප රටේ පමණක් නොව, දකුණු ආසියාතික මානව ශිෂ්ඨාචාරය ම පුදුම කළ ඒ බිමට ගොස් එහි උරුමය මනසින් විඳිනා ලෙස ආයාචනා කරමු.

    ක්‍රි. පූ. තුන්වැනි සියවසේ දී මෙරට පාලකයා වු දේවානම්පියතිස්ස රජු වෙතට තම මිත්‍රත්වය පිළිබිඹු කිරීමේ ත්‍යාගයක් ලෙස ධර්මාශෝක රජු විසින් බුදුදහම එව්වේය. ඒ සමඟ මෙරට සංස්කෘතික උරුමයන් ස්ථාපිත විය. මේ අපි උගත් ඉතිහාසය යි. ඒ අනුව අක්ෂර කලාව ද මෙටට දායාද වූ වග යි. මන්ද, බ්‍රාහ්මී අක්ෂර කලාව ධර්මාශෝක රජු යුගයේ දී ඉන්දියාවේ ඇති වූවක් බවට ඉන්දියාව ද පිළිගෙන තිබිණි. එහෙත් මෙරට පුරාවිද්‍යාඥයන්ට එම කතාව බොරු කරන්නට හැකි වූයේ මීට අවුරුදු විසි හතකට එහා දිනයක දී ය. ඒත් ඒ ඇත්ත පිළිගන්නට ඉන්දියාව මැළි වූවේ ඊට සමාන පුරාවිද්‍යාත්මක සාධක ඔවුන්ගේ බිමේ නොමැති වීම හේතුවෙන් ය. ඔවුන් අවුරුදු විසි හතක් පුරා බලා වුන්නේ අප ඉදිරිපත් කළ මතය සනාථ කරන්නට හෝ බිඳ දමන්නට හැකි සාධකයක් ලැබෙන තෙක් ය. සියල්ල කාලයා විසඳුවේ ය. ලොව හොඳ ම විසඳුම් දෙන්නා කාලය වග තවත් වරක් සනාථ කරන්නට හැකි සාධක භාරත දේශයෙන් ද හමු විය. දැන් අපි එම විප්ලවයේ පර්යේෂණ බළකායේ ප්‍රබලයන් සේ ම ප්‍රථමස්ථානය ද දිනාගෙන අවසන ය.

    ඒ විප්ලවයේ මුල, මැද, අග පවසන්නේ නම් එය මෙසේ සිදු විය. ඒ පිළිබඳ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන හා නාණක විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතා කරුණු දක්වාලමින් සිටියේ මෙසේ ය.

    මීට වසර විසිහතකට එහා ගිය දිනක මෙරට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරුවේ ආචාර්ය රෝලන්ඞ් සිල්වා මහතා ය. ඔහු තම දෙපාර්තමේන්තු නිලධාරින්ට හැම විට ම නිසි ක්‍රමවේදයකින් යුතු ව පර්යේෂණ කටයුතු සිදු කිරීමට ඇවැසි උපරිම සහාය ලබා දුන්නේ ය. ඒ අනුව එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් උපදේශක තනතුර දැරූ ආචාර්ය සිරාන් දැරණියගල මහතා යටතේ වන පර්යේෂණ කණ්ඩායමක් අනුරාධපුර ඇතුළු නුවර කැණීමක් ආරම්භ කරන්නට විය.

    එම කැණීම් ක්‍රියාවලිය කැණීම් දහතුනකින් සමන්විත විය. ඒ වන විට ඇතුළු නුවර සල්ගහවත්ත කැණීම්, මහා පාලි දාන ශාලාව ආදි කැණීම් ක්‍රියාත්මක විය. මෙම කැණීම්වල දී එහි මතුපිට ස්තරය අඩි තිහක් යටට යනතුරු ම සංස්කෘතික සාධක හමුවන්නට විය. එසේ හමුවන සියලූ සාධකවල කාල නිර්ණය කිරීම සඳහා එම ස්ථර සතු අඟුරු සාම්පල් කාබන් 14 කාල නිර්ණයට ද යොමු කෙරිණි.

    මෙම කැණීමේ පහළ ම ස්ථරය කි. පූ. 900 දක්වා අතීතයකට අයත් බවට පැහැදිලි සාක්ෂි ලැබිණි. මේ සාධක අතර විවිධ සංස්කෘතික අවධීන්ට අයත් සාධක රැසක් හෙළිදරවු වන්නට විය. ඒ අනුව ලෝහමය ඇණ, උසස් තත්ත්වයේ මැටි බඳුන්, ගවයා භාවිත වූ බවට සාධක මෙරට අශ්වයන් සිටි බවට අශ්ව දත්, එසේම එපමණ අතීතයක දී මෙරට ධාන්‍ය වගාව වූ බවට සාධක ද ලැබිණි.

    මේ ඇතුළු නුවර කළ පර්යේෂණ අනුව මුල් ම කාලයේ දී ඇතුළු නුවර අක්කර 35 - 65 ක පමණ වපසරියක් තුළ ව්‍යාප්ත වූ ගම්මානයක් ලෙස ද, එය කි. පූ. 700 පමණ වන විට අක්කර 25 ක් පමණ ද කි. පූ. තුන්වැනි සියවස වන විට එනම්, දේවානම්පියතිස්ස රාජ යුගය වන විට අක්කර දෙසිය පනහක් පමණට ව්‍යාප්ත ව තිබිණි. එය ඉන්දියාවේ නගර සමඟ සසඳන්නේ නම්, උතුරු ඉන්දියාවේ පිහිටා ඇති උජ්ජෙනි හෙවත් උදේනි නගරයට සමාන තත්ත්වයට වර්ධනය වී තිබිණි. එසේම එය තවත් පසුකාලීන වන විට ඉන්දියාවේ දෙවැනි නගරය ලෙස සලකන කෞෂම්බි නගරයේ බලපෑමට ද ලක් වී ඇත.

    එපමණට දියුණු තත්ත්වයක පැවැති අනුරාධපුර ඇතුළු නුවරින් හමු වූ අප්‍රමාණ පුරාවිද්‍යා සාධකය හමු විය. එය වළං කටු කැබැල්ලකි. එය හමු වූයේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් හා කෞතුකාගාර සේවක එසේම කැණීම් කටයුතු භාර ව සිටි පසු කලෙක ලංකාවේ විශිෂ්ටතම පස් ස්ථර සොයා ගැනීමේ විශේෂඥයා වූ ඇල්ෆ්‍රඩ් ද මෙල් අතට ය. එදවස ඔහුගේ ගුරුවරයා වූ මඟ පෙන්වන්නා වූ ආචාර්ය සිරාන් දැරණියගල නම් විශිෂ්ටයා හැම විට ම කැණීම් බිමේ රැදී සිටිමින් පර්යේෂණ මෙහෙය වූ අතර, ඇල්‍ෆ්‍රඩ් ද මෙල් තම ගුරුවරයාට එම වළං කටු කැබැල්ල පිළිබඳ දැනුම් දුන්නේ ය. එය නිරීක්ෂණය කළ ආචාර්ය සිරාන් දැරණියගල මෙහි වූ අක්ෂර හා තාක්ෂණවේදය පර්යේෂණයට බඳුන් කළේය.

    ඔහු සතු වූ විශිෂ්ට දැනුම් පරාසය අනුව මෙම වළං කටු කැබැල්ල විශේෂ වුවක් වග දැන එය කාබන් කාල නිර්ණයට යොමු කළේය. ඒ අනුව ලැබූ ප්‍රතිඵලය නම් මෙම අක්ෂර සහිත වළං කටු කැබැල්ල හෙවත් මැටි බඳුන් කැබැල්ල මෙරට ඉතිහාසයේ මහා සන්ධිස්ථානයක් වීම ය. ලංකාවේ ඓතිහාසික යුගය ආරම්භ වූයේ කි. පූ. තුන්වැනි සියවසේ සිට යැයි තිබූ මතය බිඳ හෙළමින්, මෙරට ඓතිහාසික යුගය කි.පූ. හයවැනි සියවස දක්වා දිවයන බව සනාථ කරන්නට ඒ අනුව හැකි විය.

    "බිය අනුරධ" නම් භ්‍රාහ්මී අක්ෂර සහිත එම මැටි බඳුන් කැබැල්ල කි. පූ. හය වැනි සියවස හෙවත් කි. පූ. 600 ට පමණ අයත් වග තහවුරු විය. එහි විශේෂත්වය වූයේ ඓතිහාසික යුගය ආරම්භය තීරණය කරනු ලබන්නේ අක්ෂර භාවිතය ඇරැඹීමත් සමඟ වීම ය. මේ අනුව අක්ෂර භාවිතය මෙරට මීටත් පෙර සිට සිදු වූ බව මේ ඔස්සේ තහවුරු වීමත් සමඟ එය මෙම ඓතිහාසික යුගය තවත් අතීතයට රැගෙන යන්නට විය.

    ඉතා කෙටියෙන් සරල ව ප්‍රකාශ කළහොත්, අප මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජු සමයේ දී අශෝක රජුගේ අනුග්‍රහයෙන් මෙරටට ගෙන ආ බවට සැලකූ අක්ෂර කලාව, මිහිඳු හිමිත්, දේවානම්පියතිස්ස රජුත්, ධර්මාශෝක රජුත් ඉපදෙන්නට පෙර සිට ම මෙරට භාවිත වූ බව සක්සුදක් සේ තහවුරු වීම ය. එනම්, බුදුන් වහන්සේ ජීවමාන ව සිටි යුගය වන විටත්, ලංකාවේ විසූ ආදි මුතුන්මිත්තන් අක්ෂර භාවිත කර තිබූ බවට තහවුරු වීම යි.

    ආචාර්ය සිරාන් දැරණියගල තම පර්යේෂණ තවදුරටත් නිවැරදි කර ගැනීම උදෙසා එංගලන්තයේ පුරාවිද්‍යාඥයින් වූ එෆ්. ආර්. ඔල්ඩිං ප්‍රමුඛ රොබින් කනින්හැම් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් කැණීම් කොට පරීක්ෂණ පවත්වන්නට විය. ඒ අනුව ඔවුන්ට ද පෙර දී ලද වළං කටුවේ කාලයට ම අයත් ස්ථරවලින් භ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් කැබලි ලැබීමත් සමඟ ඒවා කි. පූ. 450 දක්වා කාලයට අයත්වන බව ය. තවත් එවැනි අක්ෂර සහිත වළං කටු කැබලි අටක් මෙම ඇතුළු නුවරින් සොයා ගැනිණි.

    මේ පිළිබඳ ව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එවකට ඉන්දියාවේ අක්ෂර පිළිබඳ විශිෂ්ටතමයා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා මහාචාර්ය ඉරවදන් මහාදේවන් ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවෙන් ද මේ යුගයට අයත් එවන් සාධක ලැබෙන තෙක් ලංකාවේ පර්යේෂණ ප්‍රතිඵල පිළිගත නොහැකි බව ය.

    එහෙත් මේ බව කාලයත් සමඟ බොහෝ දෙනකුට අමතක ව ගිය සිදුවීමක් ව තිබිණි. පසුගියදා ඒ සත්‍යයම වැලි පිසලා නැගිට්ටේය. ඒ අප ඒ හපන්කම කොට අවුරුදු විසිහතකට පසු ය. ඉන්දියාවේ පොන්ඩිචෙරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. රාජන් විසින් තමිල්නාඩුවේ කොන්ගු ප්‍රදේශයේ වූ කොඩුමනල් හා පෙරුන්තාල් නමැති මෙගලිතික සුසාන කැණීමෙන් භ්‍රාහ්මී අක්ෂර සහිත වළං කටු කැබලි සොයා ගනු ලැබිණි.

    ඒ අනුව ඔවුන් ඒවා කාල නිර්ණය කළ අතර, එම මැටි බඳුන් කැබලි කි. පූ. 490 දක්වා කාලයට අයත් බව පිළිගැනිණි. ඒ අනුව මහාචාර්ය රාජන් විසින් ලංකාව කළ පර්යේෂණයේ වටිනාකම තහවුරු කරන ලදි. මහාචාර්ය ඉරවදන් මහාදේවන්ගේ විශ්වාසය ද තහවුරු විය. දැන් දකුණු ආසියාව ම පිළිගනු ලබන්නේ ධර්මාශෝක අධිරාජ්යයාට පෙර සිට බුදුන් වහන්සේගේ කාලයේ සිට ලංකාවත් ඉන්දියාවත් හ්‍රාහ්මී අක්ෂර කලාව පවත්වාගෙන ගිය බව ය.

    මෙවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද "Anciant Ceylon" අංක 24 කලාපයට ලිපියක් යොමු කරමින් නාමල් කොඩිතුවක්කු මහතා මේ බව ප්‍රකාශයට පත් කොට ඇත. එසේම මේ බිමේ කළ පර්යේෂණ වෙනුවෙන් තම දහඩිය හෙළු සියලූ කම්කරුවන්, පර්යේෂණ නිලධාරින් ඇතුළු පිරිසකට ද හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සිරාන් දැරණියගල මහතා තම ස්තුතිය පුද කර සිටින්නේ ය. එසේම නාමල් කොඩිතුවක්කු මහතා යෝජනා කර සිටින්නේ මෙවන් අමිල උරුමයන් සහිත ඇතුළු නුවර භූමිය පුරාවිද්‍යා ආඥා පනත යටතේ සීමාවන් යොදා ආරක්ෂා කළ යුතු බව යි.

    කවුරුත් සුළුවට සැලකූ ලංකාව අද දකුණු ආසියානු ඓතිහාසික යුගය තවත් අතීතයකට රැගෙන යන්නා වූ ඒ මහා විප්ලවයේ පූර්ව ප්‍රකාශයන් ව අවසන් ය.

    ඒ මහා විප්ලවයේ ඉදිරි කටයුතු සිදු කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු භාරදූර වගකීම් ද වන්නේ ය. එතෙක් ලංකාවේත්, ඉන්දියාවේත් අතීතය සොයා යන පුරාවිද්‍යාඥයනි, ඔබට අප "මව්බිමේ" සැබෑ උත්තමාචාරය පිළිගන්වා සිටිමු.


    ------------------මෙයට වසර 27කට පෙර, එවකට සිටි පුරාවීද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ශිලා ලේඛණ හා නාණක විද්‍යා අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු යන මහතුන් කරන ලද කැණීමක් ඇසුරෙන් සඳරෑසි සුදුසිංහ මහත්මිය විසින් සකසන ලද ලිපියකි. - 2015 ජූලි මස 19 වෙනි දින මව්බිම පුවත්පත---------------
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Ai ban ravana ta airportuth tibba flying machinuth tibba.akuru liwwe nethi un kohomada owa karanne.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    මහින්ද තිස්ස තිස්ස කිව්වම කිං ඒක දැනගත්තේ කෝමද ?


    මහින්ද සිංහල දැනගෙන හිටියද ?
    තිස්ස සිංහල කතා කළා ද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    සිංහල කියන්නේ සංස්කෘත වලින් පරිවර්තනය වෙලා ආව භාෂාවක් මහින්ද එන්න කලින් ඒක ලංකාවට ආවේ කියල තමඊ හිතෙන්නේ. ඒ කියන්නේ විජේ මුත්තා තමයි ගෙනාවේ. සිංහලයන්ගේ 60% ජාන + භාෂාව
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අද ඉරිදා පල්ලි ගිහින් ආවා විතරයි මීවනපලානෙ හොර ගණයාගෙ ටොම්බ පචයක් පේස්ට් කලා නේද?? :lol::lol::lol:පාදිලි හොදයි කිව්වද???

    ..මොනාද බන් දාන දාන ත්‍රෙඩ් එකේ මෙච්චර පීචං වෙලත් කොහෙන් හරි ගූ ගොඩක් හොයාගෙන එලකිරි එකේ කොපි පේස්ට් ත්‍රෙඩ් දාන්නෙ... කෝච්චියකට පැනලා ආත්මෙ මාරු කරගනින් .විලිලැජ්ජාවක් නැති sj91 අනාත කුරුසයා :lol::lol::lol::lol::lol:
    ආ මතක ඇතුව ඊලග ආත්මෙ සිංහල බෞද්ධයෙක් වෙන්න කියල පිනක් දහමක් කරගෙනම පැනපන්..
    :
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මන් දන්න තරමින් නම් සිංහල අයිති වෙන්නේ indo-Aryan කොටසට භාශාවල. දෙමළ භාශාව Dravidian. සංස්කෘත, හින්දු indo-Aryan ගොඩට වැටෙන්නේ. එවුන්ට සිංහල වල Grammer ගොඩක් කිට්ටු Dravidian වලට ලු.

    කොහොම හරි සිංහල genetic studies වලින් පෙන්නලා තියෙන විඳියට නම් සිංහල අය පැවැත එන්නේ බෙංගාලි අයගෙන්.
    Genetic_admixture_of_Sinhalese_by_Papiha.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    මන් දන්න තරමින් නම් සිංහල අයිති වෙන්නේ indo-Aryan කොටසට භාශාවල. දෙමළ භාශාව Dravidian. සංස්කෘත, හින්දු indo-Aryan ගොඩට වැටෙන්නේ. එවුන්ට සිංහල වල Grammer ගොඩක් කිට්ටු Dravidian වලට ලු.

    කොහොම හරි සිංහල genetic studies වලින් පෙන්නලා තියෙන විඳියට නම් සිංහල අය පැවැත එන්නේ බෙංගාලි අයගෙන්.
    View attachment 74710


    Bengali mudu malu walalu
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    මන් දන්න තරමින් නම් සිංහල අයිති වෙන්නේ indo-Aryan කොටසට භාශාවල. දෙමළ භාශාව Dravidian. සංස්කෘත, හින්දු indo-Aryan ගොඩට වැටෙන්නේ. එවුන්ට සිංහල වල Grammer ගොඩක් කිට්ටු Dravidian වලට ලු.

    කොහොම හරි සිංහල genetic studies වලින් පෙන්නලා තියෙන විඳියට නම් සිංහල අය පැවැත එන්නේ බෙංගාලි අයගෙන්.
    View attachment 74710


    සිංහල කියන්නේ Indo-european වල Indo-Iranian කොටසට අයිති භාෂාවක්. සිංහල, හින්දි විතරක් නෙවි ඉංග්‍රීසි, ජර්මන් වගේ භාෂා වලත් මුලික වෙන්නේ සංස්කෘත. එකයි මේවගේ සාමානකම් තියෙන්නේ. අනිත් පැත්තට දෙමල වෙනම කොටසක්. තව චීන, ජපන් වගේ ඒවා වෙනස්. මේ නිසයි ඉංග්‍රීසි වගේ භාෂා අපිට ඉගෙන ගන්න ලේසි වෙන්නෙත් චීන වගේ ඒවා පට්ට අමාරු කියල හිතෙන්නෙත්.


    300px-Indo-European_branches_map.svg.png




    සිංහලයන්ගේ ජාන නම් ගොඩක්ම සමාන බෙංගාලි අයට සහ හිස්කබල සමාන ඇෆ්ගන් අයට ලු. ඒවගේම සිංහලයන්ට ගොඩක්ම සමාන ජනකොට්ටශය ඉන්දියාවෙන් යුරෝපේ පැත්තට සංක්‍රමණය උන ජිප්සීස් හෙවත් අහිගුන්ටක ජනතාව :baffled:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    සිංහලයන්ට ගොඩක්ම සමාන ජනකොට්ටශය ඉන්දියාවෙන් යුරෝපේ පැත්තට සංක්‍රමණය උන ජිප්සීස් හෙවත් අහිගුන්ටක ජනතාව :baffled:

    :rofl:


    Indo-european - >Indo-Iranian -> indo-Aryan
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හපෝ බන් අපි පැවතෙන්නේ මෙහෙ කුණු බක්කි වල කුණු එකතු කරන, නාන්නේ නැති බන්ගලින්ගෙන්ද
    හපෝ මහා ප්‍රව්ඩ සිංහලු.... එක තමය ලංකාවේ ඇන්ටිලා බංගලි එක්කම ලගින්නේ... උන් ඔය කුණු ගොඩවල් වල තියෙන ඇදුම් සපත්තු එකතු කරලා ගෙනල්ල දෙනවනේ බන් ....


    :baffled::baffled:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හපෝ බන් අපි පැවතෙන්නේ මෙහෙ කුණු බක්කි වල කුණු එකතු කරන, නාන්නේ නැති බන්ගලින්ගෙන්ද
    හපෝ මහා ප්‍රව්ඩ සිංහලු.... එක තමය ලංකාවේ ඇන්ටිලා බංගලි එක්කම ලගින්නේ... උන් ඔය කුණු ගොඩවල් වල තියෙන ඇදුම් සපත්තු එකතු කරලා ගෙනල්ල දෙනවනේ බන් ....:baffled:


    උඹ පිටරට ගිහින් සුද්දා වගේ හිටියත් දැක්ක ගමන් එහේ උන් හිතන්නේ බංගලි කියලා තමයි. :rofl::rofl: පස්සේ අඳුනගෙන ආශ්‍රය කරලා ගෙවල් දොරවල් වලට ඇවිත් ගිහින් කාලෙකදී තමයි තේරුන් යන්නේ මුන් බංගලි වගේ වුනාට උන් තරං පීචන් ජාතියක් නෙමෙයි කියලා. :dull:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Sinhalu pattama kalui bn.dan sinhalu ne lankawe inne suddo hybrids

    :yes:
    ඔක්කොම කලවම් වෙලා ඉන්නේ.

    Quora එකේ සුද්දෙක් දාලා තිබ්බ උ ලංකාවට ආපු වෙලාවක උ නැවතිලා හිටිය පැත්තෙ උ දැක්කා කියලා උගේ country එකේ ඉන්න සුද්දන්ගේ පෙනුම වගේම තියෙන සැහෙන දෙනෙක් ඉට වඩා ටිකක් කලු. :P
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    43403083_481167219053502_2897611853888749568_n.jpg


    ගොතම බුදුන් වහන්සේගේ උප්පත්තිය හෝ ජීවත්වීම සම්බන්දයෙන් ඉන්දියාවේ හෝ නේපාලයේ කරණලද පරීක්ෂන සහ කැණීම් වලින් ලැබුනු පුරාවස්තු සම්බන්දව පුරාවිද්වතුන්ගේ සහ මහාචාර්ය වරැන්ගේ මතය වූයේ කිපූ 300ට වඩා අඩු කාලයන්වලට ඒවා අයත් බවයි.
    1898 දී විලී පෙපේ මහතාවිසින් පිප්රාවා ප්රදේශයේදී සොයාගන්නා මංජුසාව සහ පසු කාලයක ඉන්දියානු පුරාවිද්වතකු වන k.M. sri vasthawa මහතා 1971 දී එම ස්ථානයේම කරණලද කැණීමකින් තවත් පුරාවස්තුවක් සොයාගන්නා ලදී. මේවා බුදුන්වහන්සේට සමකාලීන ඒවා බවට සනාතකර නැතත් අපේ සිංහල බෞද්ධයෝ සොයා නොබලා ඉන්දියාවටම දත නියවන්නේ කුමන කාරණාවක් මතදැයි මම නොදනිමි.

    මෙම පෝස්ටුවේ සඳහන් ශිලාලේඛනය සහ රට පුරා තිබෙන්නාවූ ශිලාලේඛන 95% ක් පමණම කිපූ . 300ත් ජීවමාණ බුදුන් සමයේත් හා ඊටත් පෙර යුගයන්වල ඒවාය. මෙම ලිපි ලියාඇත්තේ පුර්වබ්රාමීය අක්ෂරයන්ගෙන්ය. (හෙළ අක්ෂර) මෙම ලිපිවලින් බහුතරය බුද්ධ උරැමයක් ගැන සදහන්වන ශිලාලිපි වීම ඉතා විශේෂ කාරණයකි. ඒවා අතර ධර්ම කාරනාවන් සේම ත්රිපිටකයේ සඳහන් පුද්ගල නාම රහතන්වහන්සේලාගේ නාම, සංඝරත්නයේ නාම උපාසක උපාසිකාවන්ගේ නාම සහ බුදුන්වහන්සේ පිළිබදව සදහන්වන ලේඛනයන්ය.මෙම ශිලාලේඛන සියල්ලම පූර්ව බ්රාහ්මිය අක්ෂරයන්ගෙන් වුවත් ඉන්දියාවේ සහ නේපාලයේ තිබෙනා ශිලාලිපි කීපය ලියා ඇත්තේ ලංකාවේ පූර්ව බ්රාහ්මිය අක්ෂර, බ්රාහ්මිය අක්ෂරයන් බවට පරිණාමය වී අවුරැදු 200ක් හෝ ඊටත් වඩා වැඩිකාලයක් වීම හෙළ බොදුනුවාටනම් තවත් විශේෂ කාරණයකි. එනම් ලංකාවේ මේතරම් පැරණි අක්ෂර වලින් බොදු ඉතිහාසයක් ලියැවී තිබියදී, ඉන්දියාවෙන් ⁣බොදු ඉතිහාසයක් සොයාගැනීම ඉබ්බගෙන් පිහාටු ලබාගැනීම වැනිය.

    "පරැමක ශුමන " යනු බුදුන් වහන්සේගෙන් බන අසා සෝතාපන්න වූ, ජීවමාණ බුදුන් සමයේ උන්වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර මහියන්ගන සෑ රදුන් කරවූ සුමන සමන් දෙවියන්ද යන්න වටහාගැනීම ඔබ සතු කාරණයක්