මම නම් කරන්නෙ මේන්ටේන් කරන්න අමාරු පොඩි ඉඩම් ටික විකුනනවා. ලෝන් එකට අමතරව තව අනිත් ඉතුරු වුන ඉඩම් ටිකට මාස 3 කට වත් සාත්තු කරන්න සල්ලි හොයාගෙන ලෝන් එකත්, අනිත් වතු ටිකත් ගොඩ දානවා.
ubath me wage thread eka dakkoth redda ussan enawa ne![]()

ape field ekane ithin 
ube car business eka mokoape field ekane ithin
![]()
කුරුනගලෙන් පලදාව දෙන නිරෝගී පොල් අක්කරයක් කියක් විතර වෙනවාද ?
කොලබ ඉදන් නඩත්තු කරන්නේ කොහොමද

මචං මම උඹ නම් කරන්නෙ අක්කර පහක් විකුණලා දාලා ලෝන් එක ඉවරකරගන්න එක.
ඊළඟට උඹට කියන්න තියන්නෙ හරියට සාර්ථකව නඩත්තු කලොත් පොල් අක්කරයකින් කඩන්න පුලුවන් පොල් ගෙඩි 1000ක් ගේමක් නැතිව. හැබැයි තිතට නඩත්තුව තියෙන්න ඕන. 100% Guaranteed.
යකෝ අපේ අක්කරේට කැඩෙන්නෙත් පොල් ගෙඩි 350ක් 400ක් විතරයකෝ අපේ වත්තේ තියෙන පොල් ගස් හතරෙන් එක පාරකට ගෙඩි සීයකට වඩා කඩනවා කිසිම පොහොරක් නොදා.
තොපේ අක්කරයකට පොල් ගස් කීයද තියෙන්නේ??![]()
කියප්න්කො කොහොමද කියලා
Gewanna behe kiyapan...mokak hari ukas karalada loan1ka dala tiyenne...hodama de tama watte kellak wikunala eka gewala iwara karapan...

1) කැලේ තියෙන්න බෑ. සම්පූර්ණයෙන්ම උදුලු ගාල දාන්න එපා. පාලනය කරලා තියාගන්න.
2) අවුරුද්දකට විතර සැරයක් හැරෝ කරලා දාන්න ඕන.
3) මාස 6න් 6ට පෝර දාන්න ඕන. (රට පෝර එක පාරක් දැම්මොත් අනිත් පාර කුකුල් පෝර)
4) පොල් ගහේ මුලේ ඉඳලා අඩි බාගයක් ඈතින් අඩි පහක් විතර අරය තියන වෘත්තයක් කපලා සුද්ද කරලා තියෙන්න ඕන තනකොල නැතිව. ඕකට තමා පෝර දාන්නෙ.
* පෝර දානකොට 1) ඔය වෘත්තෙ අඩි බාගයක් විතර කානුව වගේ කපලා ඒකට පොර දාල වහන්න පුලුවන්. 2) නැත්තං පෝර නිකන් දාලා යන්තං කොටලා දාන්න ඕන.
* ඊට පස්සේ වැටෙන පොල් අතු, මටලු, බැට්ට ඔක්කොම ඕක උඩට දාන්න ඕන.
5) වතුර - වැදගත්ම සාධකය - පොලව වේලිලා නං සතියකට සැරයක් ගහකට වතුර වැටෙන්න ඕන. අඩුම ගානෙ සති දෙකකට හරි සැරයක්.
කියන්න අමතක උනා සැරෙන් සැරේට ඩොලමයිට් දාන්න ඕන. ගහකට 250g වගේ වැටෙන්න.
පුලුවන් වෙලාවට ඔය වැව්වල ඇලවල් වල තියන ජපන් ජබර සැල්වීනියා වගේ ඒවා නැත්තං පාසි ගෙනල්ලා අර කපපු පොල් රවුම ඇතුලට දාන්න. (නියම පෝර)
මේ කරුණු තියනවා නං අක්කරෙං 1000 ෂුවර්. අත්දුටුවයි , ප්රත්යක්ෂයි.



Hey Bro, I am really sorry. I thought you are not genuine. Hope you can find a better way to solve all your financial problems very soon. Take care!![]()