සරරීමන්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    0.jpg


    "සරරීමන්" කියල ජපන් බසින් හඳුන්වන්නේ ජපානයේ සමාජ - ආර්ථික පන්තියක්. ජපානය ලෝක ආර්ථික බලවතෙක් කරන්න ප්‍රධාන දායකත්වයක් දීලා තියෙන්නෙ මේ අය​. මේ අය නූතන සමුරායි ල කියල කිව්වොත් නිවැරදියි.

    "සරරීමන්" කියන වචනය ජපන් බසට ඇවිල්ල තියෙන්නෙ "Salary Man" කියන ඉංග්‍රීසි වචන දෙකෙන්. මේ වචනයෙන් අදහස් කරන්නෙ ජපානයේ සමාගමක සුදු කරපටි රැකියාවක සේවය කරන පිරිමියෙක්. ඔහු මධ්‍යම පන්තියට අයත්, කාර්‍යාලයක සේවය කරන අයෙක්. කම්කරු රැකියාවන් කරන අය​, ඉහළ විධායක නිලධාරීන්, ඉතා ධනවත් අය සහ දොස්තරවරු, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයන් සරරිමන් ගණයට වැටෙන්නෙ නෑ.

    සරරීමන් කෙනෙකුගේ ජීවිතය​
    සරරීමන් කෙනෙක් කියන්නෙ අනිවාර්‍යයෙන්ම පිරිමියෙක්.

    ඔහු තමාගේ රැකියාව අනුව එක්කෝ පාසැලෙන් නැත්තම් විශ්ව විද්‍යාලයෙන් පිටවූ වහාම ජපානයේ "හොඳ​" සමාගමක හෝ රාජ්‍යය ආයතනයක සුදු කරපටි රැකියාවක් ලබා ගන්නවා. වයස අවුරුදු 60 දී විශ්‍රාම යන තුරු ඔහු සේවය කරන්නේ ඒ සමාගමේ මයි.

    සරරීමන් රැකියාවට යද්දි අඳින්නේ අනිවාර්‍යයෙන්ම සම්පූර්න යුරෝපීය ඇඳුම් කට්ටලයක්. බොහෝ විට මේ ඇඳුම කළු පාටයි. අනිවාර්‍යයෙන්ම මිල අධිකයි. ඔහු බ්‍රීෆ්කේස් එකක් අරගෙන යනවා.

    සරරීමන් ඉතා මහන්සි වී වැඩ කරන කෙනෙක්. ඔහු සාමාන්‍යයෙන් සතියකට පැය 50 - 60 ක් පමණ සේවය කරනවා වෙන්න පුළුවන්. ඔහු හැමදාම වැඩට එන්නේ හරියටම නියමිත වෙලාවට​. වැඩ ඇරී ගෙදර යන්න ඔහුට නිශ්චිත වෙලාවක් නෑ. කාර්‍යාලීය වේලාව අවසන් වෙලත් බොහෝ වෙලා යනතුරු කුමක් හෝ වැඩක නිරත වෙමින්, නැත්තම් අඩුම තරමින් ඊමේල් බැලීම වගේ පොඩි පොඩි වැඩක් හෝ කරමින් සරරීමන් කාර්‍යාලයට වෙලා කල් ගත කරනවා.

    ඒ ඔහුට වැඩක් තියෙන නිසාම නෙවෙයි. කාර්‍යාලය කියන්නේ ඔහුගේ ජීවිතය නිසා.

    සරරීමන් කාර්‍යාලයෙන් පිට වෙන්නේ රාත්‍රී 7 ට හෝ 8 ට වෙන්න පුළුවන්. බොහෝ විට ඒ ඔහුගේ ප්‍රධානියා කාර්‍යාලයෙන් පිට වුනාට පස්සේ.

    කාර්‍යාලයෙන් පිට වෙන සරරීමන් ගෙදර යන්නේ දුම්රියේ. ගෙදර යන ගමන් ඔහු බොහෝ විට මග දෙපස ඇති කුඩා අවන්හලකින් රාත්‍රී ආහාරය ගන්නවා.

    සතියකට සැරයක් හෝ දෙසැරයක් සරරීමන් ඔහුගේ කාර්‍යාලීය සගයන් සමඟ රාත්‍රී ආහාරයකට යනවා. මේ රාත්‍රී ආහාරයට අනිවාර්‍යයෙන්ම මත්පැන් පානය අඩංගුයි. මේ සාදයන් බොහෝ විට මධ්‍යම රාත්‍රිය පසුවෙනතුරුම පැවැත්වෙනවා. සරරීමන්ලා ට ආහාර සහ මත්පැන් සපයන රාත්‍රීය පුරාම ඇරල තියෙන අවන්හල් ජපානයේ සුලභයි. සරරීමන් කැමතිම මත්පැන් වර්ගය බීර​.

    2.jpg


    සරරීමන් පවුල් ජීවිතය ගැන එච්චර උනන්දු නෑ. සමහරවිට ඔහු විවාහ වෙන්නෙම නෑ. විවාහ වුනත් ගෘහස්ත වැඩ කටයුතු සම්පූර්නයෙන්ම වගේ කරන්නේ ඔහුගේ රැකියාවක් නොකරන බිරිඳ​. ඔහුගේ වගකීම වෙන්නේ බිරිඳට සහ දරුවන්ට මුදල් උපයා දීම​. සරරීමන් මාසේ පඩිය සම්පූර්නයෙන්ම බිරිඳගේ අතට දෙනවා. ඔහුගේ එදිනෙදා වියදමට අවශ්‍යය මුදල බිරිඳ ඔහුට ආපහු දෙනවා. සරරීමන් කාර්‍යාලයේ කොයිතරම් ලොක්කෙක් වුනත් ගෙදර ලොක්කා ඔහුගේ බිරිඳ​.

    කාලා බීලා ආපහු ගෙදර යන සරරීමන් ලා කෝච්චියේ හෝ මග දෙපස පවා තැන තැන වැටිලා නිදාගෙන ඉන්න එක ජපානයේ සුලභ දසුනක්. සමහරවිට ඒ නිදිමතෙන්. සමහරවිට ඒ වෙරිමතෙන්.

    සරරීමන් ගෙදර යද්දි ගොඩක් රෑ වෙලා. ඔහු ගෙදර එන්නෙ නිදා ගන්න පමණයි. කලින් දවසෙ රෑ කොච්චර බීල හිටියත් පහුවදා අනිවාර්‍යයෙන්ම ඔහු වෙලාවට වැඩට යනවා.

    සරරීමන් ජීවත් වෙන්නේ තෝකියෝ, ඕසකා වගේ විශාල නගරයක තියෙන ගෙදරක​.

    ඔහු විවාහක නම් බොහෝ විට මේ ගෙදර තට්ටු නිවාස සංකීර්ණයක පිහිටලා තියෙනවා. තරමින් සාපේක්‍ෂව​ කුඩා වුනත් සියළු පහසුකම් තියෙන මේ ගෙදර මිල අධිකයි.

    සරරීමන් උසස් රැකියාවක් කරන ජේෂ්ඨයෙක් නම්, බොහෝ විට ඔහුගේ බිරිඳ සහ දරුවන් ජීවත් වෙන්නේ නගරයේ සීමාවේ පිහිටි විශාල ගෙදරක​. සරරීමන් නගරය මැද පිහිටි තට්ටු නිවාසයක කුඩා ගෙදරක වාසය කරනවා. සරරීමන් අවිවාහක නම් ඒත් ඔහු තට්ටු නිවාසයක ඇති කුඩා ගෙදරක ජීවත් වෙනවා.

    මේ කුඩා ගෙවල් සමන්විත වෙන්නේ කුස්සිය නිදන කාමරය සහ නාන කාමරයෙන් පමණයි. සරරීමන් ගෙදර එන්නේ නිදාගන්න විතරක් නිසා ඒක ඔහුට ප්‍රශ්නයක් නෙවෙයි.

    සරරීමන් ට කාර්‍යාලයෙන් පිට මිතුරන් ඉන්නෙ ඉතා අඩුවෙන්. බොහෝ විට ඔහුගේ මිතුරන් වෙන්නෙ ඔහුගේ කාර්‍යාලීය සගයන්මයි. සරරීමන් කන්නෙ, බොන්නෙ, විනෝද වෙන්නේ මේ අය එක්ක​.

    සතියේ දවසක නම් වැඩ ඇරිල ගෙදර යන ගමන් සරරීමන් ඔහුගේ මිතුරන්/කාර්‍යාලීය සගයන් එක්ක කැරොකේ බාර් එකකට යනවා. එහිදී මත්පැන් බොමින් ගී ගයමින් බොහෝ වේලා ගත කරන්න සරරීමන් කැමතියි. සමහරවිට ඔහු මිතුරන් එක්ක කැසිනෝ එකකට ගිහින් සූදු කෙළින්න පුළුවන්. සමහරු රතු එළි දිස්ත්‍රික්කය පැත්තෙ රවුමක් ගහනවා.

    1960 ගණන් වලනම් සරරීමෙන් ගෙ ප්‍රියතම විනෝදාංශය වුනේ "මාජොං" නමින් හැඳින්වෙන බෝඩ්ගේම් එක​. ඒත් වර්තමාන සරරීමන් ල ඒකට එච්චර කැමති නෑ. ටිකක් ලොකු පඩියක් ගන්න සරරීමන් ල සති අන්තයේ ගොල්ෆ් ගහන්න ගොඩක් කැමතියි. ගොල්ෆ් කියන්නෙ සරරීමන් ගෙ සමාජ තත්වය පෙන්නුම් කරන සෙල්ලමක්.

    සරරීමන් අනිවාර්‍යයෙන්ම රැකියාවේ ජේෂ්ඨයන්ට ගරු කරනවා. ජේෂ්ඨයන් කියන්නේ ඔහුගේ රෝල් මොඩල් එක​. ඔහු තමාගේ ජීවිතයට අවශ්‍යය හැම දෙයක්ම පාහේ ඉගෙන ගන්නේ ජේෂ්ඨයන් දිහා බලලා.

    සරරීමන් හොඳ ආදායමක් ලබන නිසා ඔහුට ආර්ථිකය පැත්තෙන් කරදර වෙන්න දෙයක් නෑ. බොහෝ විට ඔහු ආර්ථික වශයෙන් සුවපහසු ජීවිතයක් ගත කරනවා. ඔහු සහ ඔහුගේ බිරිඳ, ළමයි ඉස්තරම්ම ඇඳුම් පැළඳුම් අඳිනවා. ඔහුගේ ළමයි යන්නෙ හොඳම පාසල් වලට​. ඔහුගේ බිරිඳ ඇයගේ යෙහෙළියන් එක්ක නිතර සාප්පු සවාරි යනවා. බිරිඳ ඔහු එක්ක හෝ ඇගේ යෙහෙළියන් එක්ක අවුරුද්දකට සැරයක් පිටරටක හෝ ජපානයේම ඈත පැත්තක සංචාරයක නිරත වෙනවා.

    ඒත් සරරීමන් නිතරම රැකියාව නිසාඅ ඇතිවන මානසික ආතතියෙන් පීඩා විඳිනවා. ඔහු මේ පීඩනය මග හරවා ගන්නේ මිතුරන්/කාර්‍යාලීය සගයන් එක්ක විනෝද වීමෙන් සහ මත්පැන් පානයෙන්.

    සරරීමන් කාර්‍යාලයේදී මහන්සිවෙලා වැඩ කරන හොඳ සේවකයෙක්. ඔහු හැමවෙලේම ප්‍රධානියාගේ අණට ගරු කරනවා. කොයිවෙලාවක වත් අනවශ්‍යය අවදානම් ගන්නෙ නෑ. හැම වෙලේම සගයන් එක්ක සාකච්ඡා කරලා තීරණවලට එළඹෙනවා. වැඩකට බැස්සම ඉතා කුඩා දේ ගැන පවා හොඳ අවධානයක් යොමු කරනවා. සරරීමන් හැම වෙලේම උත්සහ කරන්නෙ 100% පරිපූර්ණ වැඩක් කරන්න​. සමාගම වෙනුවෙන් ඕන කුණුගොඩකට කරගහන්න සරරීමන් ලෑස්තියි.

    සරරීමන් උසස් වෙන පාර ඔහු රස්සාවට ඇතුල්වෙද්දිම තීරණය වෙලා තියෙන්නෙ. ඔහුට තියෙන්නෙ මහන්සිවෙලා වැඩ කරන්න විතරයි. ඔහු මහන්සි වෙලා වැඩ කරොත් ප්‍රධානින් උසස්වීම් දෙමින් ඔහුව නියමිත පාරේ යවනවා.

    7.jpg


    අවුරුදු 60 දී සරරීමන් විශ්‍රාම යනවා. ඔහු විශ්‍රාම යද්දි ඔහු සේවය කළ සමාගම ඔහුට විශාල මුදල් පාරිතෝශිකයක් සහ තෑගි ලබා දෙනවා. හැම දෙනාම ඔහුට ගරු කරනවා. හැම දෙනාම ඔහු විශ්‍රාම යන එක ගැන දුක් වෙනවා.

    විශ්‍රාම ගියාට පස්සෙ සරරීමන් ට ගෙදර ඉන්න එක කම්මැලියි. ඒ නිසා ඔහු බොහෝ විට තවත් අවුරුදු 5 ක් උපදේශක වරයෙක් විදිහට ඒ සමාගමටම අර්ධ කාලීනව සේවය කරනවා. ඒ සඳහා ඔහුට ලැබෙන්නෙ ඔහුගේ අන්තිම පඩියෙන් බාගයක් විතර​. ඒත් සරරීමන් ට පඩිය වැදගත් නෑ. ඔහුට ඕනෙ කරන්න යමක්.

    මහළු වයසට පත් වෙන සරරීමන් බිරිඳ එක්ක (අවිවාහක නම් තනියම​) නගර සීමාවේ ඇති නිවසක ජීවත් වෙනවා. විවාහක නම් ඔහු තමාගේ මුණුපුරන් එක්ක කල් ගත කරන්න කැමතියි. ඒත් විශ්‍රාම ජීවිතය සරරීමන්ට ඔරොත්තු දෙන්නෙ නෑ. ඔහු ජීවත් වෙන්නෙ කම්මැලිකමෙන්.

    ජපන් සංස්කෘතියේ සරරීමන් ට ඇති වැදගත් කම​

    8.jpg


    ජපානය කියන්නෙ සොබාවික සම්පත් බහුල රටක් නෙවෙයි. ඒ වගේම වගාව සඳහා සුදුසු බිම් සුලභ රටකුත් නෙවෙයි. මේ නිසා 1868 දී ජපානය නවීකරණය කරද්දි ඔවුන් තමා සතු වටිනාම සම්පත විදිහට හඳුනාගත්තේ මානව සම්පත​.

    ජපානය කාර්මීකරණය වෙලා බටහිර ජාතීන් එක්ක කරට කර තරග කරන්න පටන් ගත්තම ඔවුන්ට තිබුනු ප්‍රධාන ප්‍රශ්නයක් වුනේ ප්‍රාග්ධනය සහ සොබාවික සම්පත් හිඟකම​. ඒත් ඔවුන්ට බටහිර ජාතීන් සතු නොවූ දෙයක් තිබුනා. ඒ ඔවුන් ගේ සංස්කෘතියෙන්ම ආපු අල්පේච්ඡ බව, පක්‍ෂපාතීත්වය, තමාට පෙර සමාජය ඉදිරියෙන් තැබීම සහ මහන්සි වී වැඩ කිරීමේ ගුණය.

    දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජපානය නැවත ගොඩ නංවද්දී ඔවුන් ඒ සඳහා උපයෝගී කරගත්තේ ඔවුන් ගේ සංස්කෘතියේ ඇති මේ ලක්‍ෂන​.

    ජපන් සංස්කෘතියේ වැදගත් සංකල්පයක් තමයි සමුරායි සංකල්පය​. සමුරායි වරු තමාගේ ස්වාමියා වෙනුවෙන් දිවිපිදීමට පවා දෙපාරක් නොහිතපු අය​. ඔවුන් ගේ මුළු ජීවිතයම පැවතුනේ ස්වාමියා වෙනුවෙන් සේවය කිරීමට​. එහිදී තමාගේ පුද්ගලික අභිලාෂයන්ට ලැබුනේ නොවැදගත් තැනක්. ජපන්නු සමුරායි කෙනෙක් සමාන කළේ සකුරා මලකට​. කෙටි, ඉතාම ලස්සන ජීවිතයක් සහ ලස්සන මරණයක්.

    දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ජපානය නැවත ගොඩ නංවද්දි මේ සමුරායි සංකල්පය ජපන්නු නවීන සමාජයට ගලපා ගන්නවා. සමුරායි වෙනුවට සමාගමේ සේවකයා සහ ස්වාමියා වෙනුවට සමාගම ආදේශ වෙනවා. සමාගම වෙනුවෙන් ජීවත් වෙන​, සමාගම වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්, තමාගේ පුද්ගලික අභිලාෂයන්ට වඩා ඉදිරියෙන් සමාගමේ අභිවෘද්ධිය තියන, ඉතා මහන්සි වෙලා වැඩ කරන සේවකයෙක් බිහි වෙනවා.

    මේ සංසිද්ධියේ අග්‍ර ඵලය තමයි සරරීමන්. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ජපානය ආර්ථික සමෘධිය අත් කරගන්න කරපු යුද්ධයේ සටන් වැදුනු සමුරායි වරු තමයි සරරීමන් ලා.


    සරරීමන් ගැන නූතන ජපන් සමාජයේ ආකල්පය​

    සරරීමන් ගැන නූතන ජපන් සමාජයේ හොඳ වගේම නරක ආකල්පත් තියෙනවා.

    සාමාන්‍යය ජපන් පාසල් ශිෂ්‍යයෙක් ගේ සිහින රැකියාව සරරීමන් කෙනෙක් වීම​. ඔහුව කුඩා කාලයේ ඉඳලම යොමු කරන්නේ ඒ පැත්තට​. වෙනත් රටවල කුඩා දරුවන් ගෙන් "ලොකු වුනාම කවුරු වෙන්නද කැමති?" කියල අහද්දි ජපානයේ කුඩා දරුවන් ගෙන් අහන්නෙ "ලොකු වුනාම වැඩ කරන්න කැමති මොන සමාගමේ ද​?" කියලා. කුඩා කාලයේ ඉඳලම ඔවුන් තුළ සමාගමට පක්‍ෂපාතීත්වය ඇති කරනවා.

    ඒ වගේම ජපන් සංස්කෘතියේ තමාට පෙර සමාජය ඉදිරියෙන් තැබීම ඉතා උසස් කොට සලකන නිසා සරරීමන් ලා තමාගේ පුද්ගලික ජීවිතය ගැන නොසලකා හැරීම අඩුපාඩුවක් හෝ අවාසනාවන්ත තත්වයක් කියල සලකන්නෙ නෑ. සරරීමන් ගෙ පවුල වෙන්නෙ ඔහුගේ සේවා ස්ථානය​.

    ජපානය අද අත් කරගෙන ඇති ආර්ථික සමෘධියට සරරීමන් ලා දක්වන දායකත්වය නිසා ඔවුන්ට සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා.

    ඒ එක්කම සරරීමන්ලා ගැන අයහපත් ආකල්පත් ජපන්නු තුළ තියෙනවා. පුද්ගලික ජීවිතයක් නොමැති වීම​, නිර්මානශීලීත්වයක් නොමැති වීම වගේ දේවල් නිසා සරරීමන් කෙනෙක් වීම සමහරු පිළිකෙව් කරනවා.

    සරරීමන් කෙනෙක් ගේ ජීවිතය උපහාසයට ලක් කෙරෙන පටබැඳි නම් ජපන් සමාජයේ දකින්න පුළුවන්. ෂචිකු (සමාගම් හරක් පට්ටිය​), කයිෂා නො ඉනු (සමාගමේ බල්ලා), කගියෝ සෙන්‍ෂි (සමාගම් සොල්දාදුවා) ඒ අතරින් ප්‍රධානයි.


    කරෝෂි

    කරෝෂි කියල හඳුන්වන්නේ රැකියාව සම්බන්ධ අධික වෙහෙස හෝ අධික මානසික පීඩනය නිසා සිදුවන මරණ​. ජපානයේ මේ තත්වය ලොකු ප්‍රශ්නයක්. පුද්ගලික ජීවිතයක් නොමැති වීම​, දීර්ඝ කාලයක් රැකියාවේ නිරත වීම සහ ඒකාකාරී ජීවිතය නිසා ජපන්නු අතර කරෝෂි බහුලයි. විශේෂයෙන්ම සරරීමන්ලා මේ තත්වයේ ගොදුරක්.

    නිල වශයෙන් වාර්‍ෂිකව කරෝෂි තත්වයට ගොදුරු වන ජපනුන් ගේ ගණන 2000 ක්. ඒත් නිල නොවන ඉලක්කම් මීට වඩා ගොඩක් විශාල බව විශ්වාඅස් කෙරෙනවා. සමහර ඇස්තමේන්තු වලට අනුව ඒක 30,000 තරම් ඉහළ අගයක්.

    මේ මරණ සියදිවි නසාගැනීම් හෝ ආතතිය නිසා ඇතිවන ලෙඩ හේතුවෙන් වෙන්න පුළුවන්.

    ඔෆිස් ලේඩි


    "ඔෆිස් ලේඩි" නැත්නම් "ඕ.එල්." කියල හඳුන්වන්නේ ජපන් සමාගමක සේවය කරන කාන්තාවන්.

    "ඔෆිස් ලේඩි" සාමාන්‍යයෙන් කරන්නේ වැදගත්කමෙන් අඩු රැකියා. ෆොටෝකොපි ගැසීම, තේ පිළිගැන්වීම​, උත්සව සහ අවස්ථා සංවිධානය කිරීම වගේ දේවල් ඔෆිස් ලේඩි කෙනෙක් ගේ වගකීම් අතරට එනවා.

    ඔෆිස් ලේඩි ගේ ඇඳුම "බිස්නස් සූට්" කියල හඳුන්වන ඇඳුම​. ඒක සුදු පාට කමිසයක්, ජැකට් එකක් සහ දණිස්ස ගාවට දිග සායකින් සමන්විතයි. බොහෝ විට සාය සහ ජැකට් එක කළු පාටයි.

    ඔෆිස් ලේඩි කෙනෙක් බොහෝ විට රැකියාව කරන්නේ විවාහ වෙන තුරු පමණයි. බොහෝ විට ඇය විවාහ වෙන්නේ තමාගේ සමාගමේම සේවය කරන සරරීමන් කෙනෙක් එක්ක​.

    සාම්ප්‍රදායිකව ඔෆිස් ලේඩි හැඳින්වෙන්නේ "ෂොකුබා නො හනා" කියල​. ඒකෙ තේරුම "කාර්‍යාලයේ මල​" කියන එක​.

    කරියාවූමන්

    "කරියාවූමන්" කියල හඳුන්වන්නේ සරරීමන් ගෙ කාන්තා ස්වරූපය​. ඇය විවාහ වීම වෙනුවට රැකියාව තෝරාගෙන තියෙනවා. "කරියාවූමන්" කියන එක හැදිලා තියෙන්නෙ "Career Woman" කියන ඉංග්‍රීසි වචන දෙකෙන්.

    සාම්ප්‍රදායිකව ජපානයේ කාන්තාවන් "හොඳ​" රැකියා නොකළත්, නූතන ජපානයේ යම් දුරකට ජපන් කාන්තාවන් විවාහය වෙනුවට රැකියාව තෝරා ගන්නවා. මේ කාන්තාවන් සරරීමන් එක්ක කරට කර ගැටෙමින් ජපන් ආර්ථිකයට තමාගේ දායකත්වය දක්වනවා.

    Posted by Sasara Paadadayaa

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යකෝ මමත් බලාගෙන ගියාම සරරිමන් කෙනෙක් වගේනේ..:P
    හැබැයි ඇඳුමයි, ගන්න පඩියයි වෙනස්..:sorry:

    +Rep​
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,012
    1
    28,381
    113
    Good post machan.

    Though this kind of a working culture is best to build a nation, it will not be sustainable in the long run. After a certain point a nation/ company needs to focus on work life balance of its workforce .
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    very good thread brother..
    thank you for sharing with us...
    japan people are brave ...
     
    Last edited:

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    yako supiri ne post, eka , habai mun me kiyanne operations wala wada karana ewwo gana neda, sirama eka nan atha
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    මොන ජීවිතද බං මේවා සල්ලි තියෙනවා හැබැයි ඒ සල්ලි වියදම් කරන්න ඒ සල්ලි වලින් ජීවිතේ විඳින්න වෙලාවක් නෑ ලමයෙක්ගෙ හුරතලයක් බලන්න පවුලේ අය එක්ක සතුටුවෙන්න වෙලාවක් නෑ ඉපදිලා ඉගනගෙන වැඩකරලා කොහෙවත් ඉන්න කොම්පැනි කාරයෙක් පෝසත් කරලා මැරිලා යනවා
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මොන ජීවිතද බං මේවා සල්ලි තියෙනවා හැබැයි ඒ සල්ලි වියදම් කරන්න ඒ සල්ලි වලින් ජීවිතේ විඳින්න වෙලාවක් නෑ ලමයෙක්ගෙ හුරතලයක් බලන්න පවුලේ අය එක්ක සතුටුවෙන්න වෙලාවක් නෑ ඉපදිලා ඉගනගෙන වැඩකරලා කොහෙවත් ඉන්න කොම්පැනි කාරයෙක් පෝසත් කරලා මැරිලා යනවා

    ඇත්ත මචං.. ඔහොම දියුනුවක් ලබලා වැඩක් ඇතිද කියල හිතල බලන්න ඕන..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ උනත් ඉතින් වෙනසක් නෑනෙ. සරරීමන් ල සහ සරරීමන් ල වෙන්න බලන් ඉන්න අය තමයි බහුතරයක් ඉන්නේ. ඔය විදියම තමයි. අනෙ අම්මෝ මට නම් ඕන නෑ එහෙම වෙන්න. :baffled:

    සරරීමන් ඉතා මහන්සි වී වැඩ කරන කෙනෙක්. ඔහු සාමාන්‍යයෙන් සතියකට පැය 50 - 60 ක් පමණ සේවය කරනවා වෙන්න පුළුවන්.

    මෙන්න මේක තමයි මට පුදුම හිතෙන දේ. සතියට පැය 50-60 ක් වැඩ කරාමත් ඉතා මහන්සිවෙලා වැඩ කරනව කියනව නම් සතියට පැය 90-96 වැඩ කරන අයට කොහොමද කියන්න ඕන කියලා??? :shocked::eek:

    ඒ අය මම හිතන විදියට නම් වහල්ලු. වහල්ලු හිතන්න කැමති නෑ තමන් වහල්ලු කියලා. එක එක ලස්සන වචන දාල වහල්කම ලස්සන කරන්න හදනව. නියම සරරීමන් ල ඉන්නෙ මෙහේ ලංකාවෙ. :yes::dull: