වියට්නාම්_යුද්ධයේ බෝම්බ
වියට්නාම් යුද්ධයෙන්, එහෙම නැත්නම් තුන් වැනි ඉන්දු චීන යුද්ධයෙන් තාමත් මිනිස්සු මැරෙනවා කිව්වොත් විශ්වාස කරනවද..
මේක සිද්ධ වෙන්නේ පුදුම විදිහකට.
ඇමෙරිකාව වියට්නාමෙට බෝම්බ දාපු හැටි කවුරුත් දන්නවා. යම් පලාතක් තෝරගෙන නිශ්චිත එක් ඉලක්කයක් නැතුව, ඒ මුළු පලාතම සුන්නද්දූලි වෙන විදිහට බෝම්බ දැමීම හැඳින්වූවේ carpet bombing විදිහට. වියට්නාමෙට බෝම්බ දාපු හැටි ප්‍රසිද්ධ උනාට ඇමෙරිකාව වැඩියෙන්ම බෝම්බ දැම්මේ ඊට අසල්වැසි රට වෙච්ච ලාඕසෙට. ඒ වියට්කොං ගරිල්ලන්ට අවශ්‍ය සැපයුම් ලබා දුන්නේ ලාඕසයේ ගොවි ගැමියන් හින්ද. ප්‍රධාන වශයෙන් ආහාර.
මේ බෝම්බ දැමිල්ලේ සංඛ්‍යා ලේඛන විශ්වාස කරන්නත් අමාරුයි. අවුරුදු නමයක් ඇතුලත බෝම්බ මෙට්‍රික් ටොන් මිලියන 270 ක් !
ඔව් මිලියන 270 ක් !
බෝම්බ බිම හෙළීම් 580 000 වාරයක් ! ඒ කියන්නේ අවුරුදු නමයක් ඇතුලත නොකඩවා සෑම විනාඩි අටකටම සැරයක් බෝම්බ බිම හෙලීමක්. බොහෝ විට පොකුරු බෝම්බ.
මේ විදිහට දාපු බෝම්බ වලින් පිපිරිලා තියෙන්නේ 70% ක් විතරයි. ඉතුරු 30% අද දක්වාම විටින් විට පිපිරෙනවා. ලාඕසයේ බෝම්බ පතිත නොවෙච්ච පලාතක් නැහැ. මිනිස්සු ගිහිල්ලවත් නැති නොඉඳුල් වනාන්තර තියෙනවා , නමුත් ඒවා ඇතුලෙත් නොපිපුරුණු බෝම්බ තියෙනවා.
යුද්දෙ ඉවර වෙච්ච අලුත අවුරුද්දකට 3000ක් විතර පිරිසක් මෙහෙම පහු වෙලා පුපුරපු බෝම්බ වලින් මැරිලා තියෙනවා. මේ ගාන එන්න එන්න අඩු වෙලා අද වෙනකොට අවුරුද්දකට මැරෙන්නේ පනහක් විතරලු.
නමුත් තවමත් ඒක ජාතික ව්‍යාසනයක්.
මේ බෝම්බ හෙළීම් වලින් මියගිය සම්පූර්ණ මිනිසුන් ගණන මිලියන කිහිපයක්. සියලු දෙනා දුප්පත් ගැමි ගොවියෝ. ථෙරවාදී බෞද්ධයෝ.
මේ ඔක්කොම වෙලත් ඒ රටේ ශිෂ්ඨාචාරය තාම ජීවමානයි. ඒ විතරක් නෙවෙයි ඒ ගොල්ලෝ ආර්ථික වශයෙනුත් නැගිටිමින් ඉන්නේ. ලංකාවටත් කෙලවීගෙන එන එකේ, මේ වගේ රටවල් ගැන ආදරයක් ඇති කරගන්න එක වටිනවා. අපි වගේම ථෙරවාදී බෞද්ධ. සාමාන්‍ය මිනිසුන්ගේ සිතුම් පැතුම් පවා බොහෝ සෙයින් අපට සමානයි. ලංකාවේ වාමාංශික පොරවල් වියට්නාම් යුද්දෙට එදා කොහොම සංවේදී උනාද කියල මම දන්නෙ නැහැ. මට තේරෙන විදිහට නං අපේ පකීර්ල මේ සිද්ධි දැනගෙනවත් ඉඳල නැහැ....
උපුටා ගැනිම - Dineth Mallikarachchy FB