ඉස්සුව එකක්
Sandanari Video එකේ කතාව තේරුම් ගැනීමට නොහැකි අය වෙත ( මට හැගෙන අයුරින්) කවදාවත් දැකලා නැති පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් කාලයක් තිස්සේ ලියුම් හුවමාරු කරගන්නවා. ඒ කාලෙදී දෙන්නා අතරේ ආදරයක් ගොඩ නැගෙනවා. ඒත් පිරිමි ළමයා වැඩ කරන තැන මාරුවක් ලැබුණ හින්දා ගැහැණු ළමයා එවන ලියුම් පිරිමි ළමයට හම්බවෙන්නේ නෑ.ඒ නිසා ලියුම් වලට උත්තර ලැබෙන්නෙත් නෑ. ඒ හින්දා ගැහැණු ළමයා ලියුම් එවන එක නතර කරලා හිත හදාගන්නවා. ඒ ගැහැණු ළමයා එවපු අන්තිම ලියුම තමා දවසක් කලින් වැඩ කරපු තැන Post Office එකට ගියාම පිරිමි ළමයට හම්බවෙන්නේ. ඒක කියවද්දි එයාට අතීත ආදරේ මතක් වෙනවා ගොඩක් දුක් වෙනවා..එයා පස්සේ කාලෙක විවාහ වෙනවා.එත් තමන්ගේ නොදැකපු ආදරේ මතකෙත් එක්ක එයාට තමන්ගේ බිරිඳ එක්ක සතුටින් ඉන්න බැරිවෙනවා.රණ්ඩු ඇතිවෙනවා. බිරිඳ ප්රශ්න නිසා ගෙදරින් ගියාට පස්සේ පිරිමි ළමයාට ගෙදරදී අහම්බෙන් බිරිඳ ළග තිබුණ ලියුම් වගයක් හම්බවෙනවා. ඒවා අරන් බලද්දී ඒ ලියුම් තමන් ආදරේ කරපු ගැහැණු ළමයට තමන් යවපු ලියුම් කියලා එයා දකිනවා. එවෙලේ එයා දැනගන්නවා නොදැකපු තමන් ආදරය කරපු කෙනාමයි තමන්ගේ බිරිඳ වෙලා තියෙන්නේ කියලා. ඒ හින්දා එයා බිරිඳව ආයේ හොයාගෙන යනවා. <3