අම්මටසිරි...අප්පොච්චියි පුතයි දෙන්නම හඳේ වගේ ඉන්නෙ...
අමල්ගෙ සහෝදරයෙකුත් මාටුවෙලා තිබ්බ කුඩු සමග මහරගමදි...
පත්තෙරේ තිබ්බෙ මාස කීපයකට කලින්...
මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙක් ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක් ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකිවී තිබෙනවා.
මාකඳුරේ මධුෂ් විසින් සිය පුතුනුවන්ගේ උපන් දිනය සැමරීම සදහා මෙම සාදය සංවිධානය කර තිබු බවයි වාර්තා වන්නේ. මේ වන විට ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටින ප්‍රබල පාතාල සාමාජිකයින් හට ඔහු විසින් ආරාධනා කර තිබු බව වාර්තා වන්නේ.
මධුෂ්ගේ මෙම සාදය සම්බන්ධයෙන් මෙරට සිටින ආරක්ෂක අංශ නිලධාරීන් වෙත තොරතුරු ලැබීමත් සමග මෙරට ආරක්ෂක බලධාරීන් සහ ඩුබායි පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් මෙම මෙහෙයුම සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඊයේ (04) රාත්‍රියේදී ඩුබායිහි හෝටලයේ විශේෂ අමුත්තන් සදහා වෙන් කර තිබු කොටසක මෙම සාදය පැවැත්වෙමින් තිබියදී ශ්‍රී ලංකා - ඩුබායි ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය විසින් වටලා තිබු අතර එහි සිටි මාකදුරේ මධුෂ් සහ පාතාල නායකයින් වන කෙසෙල්වත්ත දිනුක්, කනිචපානි ඉම්රාන්, අංගොඩ චුටි ඇතුළු අපරාධකරුවන් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම සිදුවූ අවස්ථාව වන විට සාදයට සහභාගී වීමට පැමිණෙමින් සිටි තවත් ප්‍රබල පාතාල නායකයින් දෙදෙනෙක් හෝටලය තුල සිටි අනෙක් පාතාල සමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති බව දැන ගත් විගස ඔවුන් එම ස්ථානයෙන් පැන ගොස් ඇති බව වාර්තා වනවා. මෙලෙස පැන ගිය එක් පාතාල නායකයෙක් වන්නේ කොස්ගොඩ සුජි බවයි වාර්තා වන්නේ.
මේ පිරිස සමග සිටි මෙරට ජනප්‍රිය ගායකයෙක් වන අමල් පෙරේරා සහ ටෙලි නාට්‍ය නළුවෙක්ද එම විශේෂ ඒකකය විසින් සිය අත්අඩංගුවට ගෙන ඇත. අමල් පෙරේරා සහ මෙම පාතාල නායකයින් සමග ඇති සම්බන්ධයක් කුමක්ද යන්න ගැන මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම පිරිස සන්තකයේ තිබී හෙරොයින් සහ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍යද සොයා ගෙන ඇත. දැනට මොවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර මොවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග පිලිබදව දෙරටේ බලධාරීන් සාකච්ජා කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
- http://nethnews.lk/article/63123

death penalty nam dena ekak na. hire daaiinternational warrant eka tiyenne madushta witaraine.uwa witarai lankawata ewanne.dubai wala drug bila ahuunoth deport karanne ne.4 years hire or death penalty.set eke anith unta lankawata enna denne ne

death penalty nam dena ekak na. hire daai![]()
international warrant eka tiyenne madushta witaraine.uwa witarai lankawata ewanne.dubai wala drug bila ahuunoth deport karanne ne.4 years hire or death penalty.set eke anith unta lankawata enna denne ne

ඒ සෞදි අරාබියේ නේද?Ai denne natte ara lankawe geniyekge bella kapala demme
UAE, ඩුබායි වලයි නීති දෙකක් නේද තියෙන්නේ?international warrant eka tiyenne madushta witaraine.uwa witarai lankawata ewanne.dubai wala drug bila ahuunoth deport karanne ne.4 years hire or death penalty.set eke anith unta lankawata enna denne ne
international warrant eka tiyenne madushta witaraine.uwa witarai lankawata ewanne.dubai wala drug bila ahuunoth deport karanne ne.4 years hire or death penalty.set eke anith unta lankawata enna denne ne
Mae inne set eka


