ඩුබායි_විහිළුව

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඩුබායි_විහිළුව

    මීළඟ ඩුබායි විහිළුව මාකඳුරේ මධූෂ්ද ?

    udayanga-madhush.jpg



    පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධුෂ් නමැත්තා ඊයේ (05) ඩුබායිහිදී අත් අඩංගුවට ගැණුනේ ඩුබායි පොලිසිය විසිනි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ලබාදුන් තොරතුරු අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කෙරිණි.

    මේ, ඩුබායි පොලිසිය විසින් ශ්‍රී ලංකාවට වුවමනා අපරාධකරුවකු අල්ලා දුන් තෙවැනි අවස්ථාවයි. පළමුවර දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාවේ මහ මොළකරු වූ මොහොමඩ් කාමිල් කුතුබ්දීන් අල්ලා දුන් අතර දෙවනවර මිග් යානා වංචාවේ සැකකරු වූ උදයංග වීරතුංග අල්ලා දෙන ලදී.

    එහෙත් ඔවුන් කිසිවකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපේ නීති අංශවලට හැකියාවක් ලැබුණේ නැත.

    විශේෂයෙන් උදයංග වීරතුංග අත් අඩංගුවට ගැණුනු අවස්ථාවේදී උදර්පණ නීති යටතේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විශාල මාධ්‍ය සංදර්ශනයක් ද පවත්වමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ඉහළම නිලධාරීන් ඩුබායි රාජ්‍යයට ගිය නමුත් ඔවුන් ආපසු පැමිණියේ හිස් අතිනි. සිදුවූයේ මෙම නිලධාරීන් පළමු පංතියේ ගුවන් ටිකට්පත් සහ පළමු පංතියේ හෝටල් කාමර වෙන්කර ගනිමින් මහජන මුදලින් කෝටි ගණනක් වැයකර සුපිරි නිවාඩුවක් ගත කර පැමිණීම පමණි.

    උදයංග වීරතුංගව මෙරටට ගෙන්වා ගන්නා බවට වහසි බස් දොඩමින් සිටි නමුත් ඊට අත්‍යාවශ්‍ය උදර්පණ ලිපිගොනුව අවසානයේ හමුවුණේ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් තම ලාච්චුවක දමා තිබියදීය. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ FCIDය ආරක්ෂක ලේකම්වරයාටත්, ආරක්ෂක ලේකම්වරයා නීතිපති දෙපාර්තමේන්තුවට සහ FCIDයටත් බැන වදිමින් සිටියා විනා අවසානයේ සිදුවූ දෙයක් නැත.

    එසේම මීට බලපාන පරිදි මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ විදේශ කටයුතු අමාත්‍යවරයා වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අත්සන් කළ ගිවිසුමක් ද පවතින බවත් අපි මීට පෙර පෙන්වා දුනිමු. එම ගිවිසුම ප්‍රකාරව එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ඉල්ලා සිටින සැකකරුවන් එම රාජ්‍ය වෙත උදර්පණය කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටිනමුත් ශ්‍රී ලංකාව ඉල්ලා සිටින සැකකරුවන් ශ්‍රී ලංකාවට භාරදීමට එම රාජ්‍ය බැඳී නොමැත. මෙය ලොවෙත් නැති ගිවිසුමකි !

    එහෙයින් මේ වතාවේත් බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇත්තේ කතා සාප්පු රාශියකට සහ දේශපාලන සංදර්ශන අටෝරාසියකට පසුව මාකඳුරේ මධුෂ් ද ඩුබායි රාජ්‍යයට ම වී ඔහේ සිටීමය. ඩුබායි රාජ්‍යය සැකකරුවන් අල්ලා ගන්නා අතර ශ්‍රී ලංකාව ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට ගොස් විහිළුකාරයින් වීමය.

    උදයංග වීරතුංග අත් අඩංගුවට ගත් මොහොතේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැමුන් ඔහු පිළිබඳ ක්‍රියාකිරීමේ අවසරය ඇත්තේ තමන්ටම පමණක් බව කියමින් ලියුම් ද ලියාගෙන තිබිණි. මෙවරත් මාකඳුරේ මධුෂ් ගැන එවන් ලියුම් ඉහළම නිලධාරීන් ලියාගනු ඇත. තව තව අය මධුෂ් ඇල්ලීම ගැන උප්පැන්න සහතික ලියාගනු ඇත. අන්තිමේ මොකුත්ම නොවනු ඇත.


    ඩුබායිහි සිදුවන නීතිමය ක්‍රියාමාර්ගයකට මුහුණ දෙමින් මධුෂ් එහිම ඔහේ සිටිනු ඇති අතර "කොහේ හෝ ඔබ සිටී නම් සතුටින් - කොහේ හෝ ඔබ සිටී නම් නිදුකින්" කියා සිංදු කියමින් අපේ අඤ්ඤාකොරොස්ලා මෙහේ සිටිනු ඇත.




    සබැඳි පුවත් - ලෝක නීති ඉතිහාසයේ හොඳම උදර්පණ ගිවිසුම මහාචාර්ය ජී.එල්.ගෙන්!


    උපුටාගැනිමකි source
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පසුගිය වාරයේ ඩුබායි සංචාරයට සහභාගී වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව මෙවර පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ (TID) නිලධාරීන් මෙම සංචාරයට එක්වීමට නියමිත බව සඳහන්.

    උදයංග වීරතුංග මෙරටට ගෙන්වා සඳහා ඩුබායි බලාගිය මෙරට නිලධාරීන් පිරිස ආපසු ආවේ හිස් අතිනි. අදටත් උදයංග ඩුබායි රාජ්‍යට වී යහතින් සිටී. සිදුවූයේ මහජන මුදල් නාස්තියක් පමණි. එය අධික වියදමක් දරා කෙරුණු මාධ්‍ය සංදර්ශනයක් පමණක් ම විය. මෙවරත් සිදු වීමට නියමිතව ඇත්තේ ඒ ටිකමය.

    මාකඳුරේ මධුෂ් නම් පාතාල නායකයා මෙරටට භාර දෙන්නේ නම් මුලින්ම ඔහුව අත් අඩංගුවට ගත් ඩුබායි පොලිසිය ඒ පිළිබඳව සිය පොලිසියේ ජාත්‍යන්තර ඒකකයට දැනුම් දිය යුතුය. එම ජාත්‍යන්තර ඒකකය එය ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනයට දැනුම් දිය යුතු වන අතර ඔවුන් එය ශ්‍රී ලංකාව වෙත දැනුම් දිය යුතුය. සිදුවිය යුතු ක්‍රියා පටිපාටිය මෙයයි.

    එහෙත් මේ කිසිවක් තවමත් සිදුව නොමැති පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ නිලධාරීන් පිරිසක් එහි යැවීම යනු මහජන මුදලින් පළමු පංතියේ ගුවන් ටිකට්පත්, පළමු පංතියේ හෝටල් කාමර සහිතව ඔවුන්ට සුපිරි සාප්පු සවාරියක් සඳහා අවස්ථාව උදාකර දීමක් පමණකි. එය උදයංග වීරතුංගගේ අත්දැකීම හරහා ම පැහැදිලි වේ.


    එහෙයින් මේ සූදානම් වන්නේ මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා පෙන්වා මහජන මුදල් ගසා කෑමට බව පැහැදිලිය.

    මධුෂ් ගෙන්වා ගැනීමේ අවංක වුවමනාවක් ඇත්නම් කළ යුතුව ඇත්තේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොව මෙතෙක් නිවැරදිව කරගැනීමට නොහැකි වූ උදර්පණ ලිපිගොනු මෙවරවත් නිසි ආකාරයෙන් සකස් කර ගැනීමය.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    udayanga sir horek ho wancha karayek newi. ekai dubai walin ethuma nidahas kale
    :yes::yes:
    Minissu rallata hora kiyanawa misak aththa danne na ban. Ape policiyen berunath dubai policiyen lesiyen berenna ba. Ehema berenawa kiyanne udayanga sir waradak karala na kiyana eka
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    • Like
    Reactions: ruchira55

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,224
    10,888
    113
    NWP
    KP (කුමරන් පද්මනාදන්) කියල කෙනෙකුවත් මතක් වුනා.....
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    KP (කුමරන් පද්මනාදන්) කියල කෙනෙකුවත් මතක් වුනා.....

    එයා දැන් හොඳ ළමයෙක් වෙලාලු , එයාට අයිති වෙලා තිබුන නැවු , යුරෝපයේ තිබුන පෙට්‍රල් ෂෙඩ් ජාලය , සුපර්මාර්කට් ජාලය කොටින්ම කියතොත් kp ගේ ඇට දෙකත් විකුනලා ඒ සල්ලි ටික රජයට පරිත්‍යාග කරාලු රටේ සංවර්ධනයට ගන්න කියලා , ඒක නිසා දැන් අපිට එහෙම කෙනෙක් මතක නෑ
     
    • Like
    Reactions: SadSandun

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    එයා දැන් හොඳ ළමයෙක් වෙලාලු , එයාට අයිති වෙලා තිබුන නැවු , යුරෝපයේ තිබුන පෙට්‍රල් ෂෙඩ් ජාලය , සුපර්මාර්කට් ජාලය කොටින්ම කියතොත් kp ගේ ඇට දෙකත් විකුනලා ඒ සල්ලි ටික රජයට පරිත්‍යාග කරාලු රටේ සංවර්ධනයට ගන්න කියලා , ඒක නිසා දැන් අපිට එහෙම කෙනෙක් මතක නෑ

    කොටියෙක් වුණත් සල්ලි තියෙනවා නම් ඌ දේශප්‍රේමී පුස් පැටවෙකි

     
    • Like
    Reactions: Oli_Vili

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Awulak naa bn, Dan thiyenne UNP anduwakne. Ranil mahaththayak anith unp mahaththurui horu tika alla hire danawa sahathikai.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Awulak naa bn, Dan thiyenne UNP anduwakne. Ranil mahaththayak anith unp mahaththurui horu tika alla hire danawa sahathikai.

    nrnAVao.png


    dTEEZo2.png


    eIoOhbw.png




    රනිල් මහත්තයට මහින්ද මහත්තය සහ ගොටභය මහත්තය හොරු අල්ලන්න උපදෙස් දෙන හැටි වෙන්න ඇති නේද මේ

    සමහර විට මදුෂ් අල්ලන්න ඇත්තේ මේ උපදෙස් වලට අනුව වෙන්න ඇති
     
    Last edited:
    • Like
    Reactions: castellain

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රනිල් මහත්තයට මහින්ද මහත්තය සහ ගොටභය මහත්තය හොරු අල්ලන්න උපදෙස් දෙන හැටි වෙන්න ඇති නේද මේ

    සමහර විට මදුෂ් අල්ලන්න ඇත්තේ මේ උපදෙස් වලට අනුව වෙන්න ඇති
    Na machan bohowita eke anith paththa. Mahindata & Gotata horu allanna upades Ranil mahaththaya denawa athi. Mokada ithin Maha banku scene eke billion ganak mahadawale kadapu horu nithiya idiriyata genaweth Ranil mahaththayane. Anith eka Mahinda nikanma nikanm manthree kenek ne bn, Gota kiyanne american purawasiyek kiyalane kiyanne.
    Ranil mahaththayala awema lamborghini, rathran assayao, helicopter horu allanawa kiyalamane awurudu 4k withara gihillath karapu nathi eke mehema hari danwath kudu horu allala hire dana eka loku deyak :yes::yes:
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    Can’t agree more ………
    Really appreciate for bringing this viewpoint to the surface ………
    Rep ++