ඩුබායි_විහිළුව
මීළඟ ඩුබායි විහිළුව මාකඳුරේ මධූෂ්ද ?
පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධුෂ් නමැත්තා ඊයේ (05) ඩුබායිහිදී අත් අඩංගුවට ගැණුනේ ඩුබායි පොලිසිය විසිනි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ලබාදුන් තොරතුරු අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කෙරිණි.
මේ, ඩුබායි පොලිසිය විසින් ශ්‍රී ලංකාවට වුවමනා අපරාධකරුවකු අල්ලා දුන් තෙවැනි අවස්ථාවයි. පළමුවර දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාවේ මහ මොළකරු වූ මොහොමඩ් කාමිල් කුතුබ්දීන් අල්ලා දුන් අතර දෙවනවර මිග් යානා වංචාවේ සැකකරු වූ උදයංග වීරතුංග අල්ලා දෙන ලදී.
එහෙත් ඔවුන් කිසිවකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපේ නීති අංශවලට හැකියාවක් ලැබුණේ නැත.
විශේෂයෙන් උදයංග වීරතුංග අත් අඩංගුවට ගැණුනු අවස්ථාවේදී උදර්පණ නීති යටතේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විශාල මාධ්‍ය සංදර්ශනයක් ද පවත්වමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ඉහළම නිලධාරීන් ඩුබායි රාජ්‍යයට ගිය නමුත් ඔවුන් ආපසු පැමිණියේ හිස් අතිනි. සිදුවූයේ මෙම නිලධාරීන් පළමු පංතියේ ගුවන් ටිකට්පත් සහ පළමු පංතියේ හෝටල් කාමර වෙන්කර ගනිමින් මහජන මුදලින් කෝටි ගණනක් වැයකර සුපිරි නිවාඩුවක් ගත කර පැමිණීම පමණි.
උදයංග වීරතුංගව මෙරටට ගෙන්වා ගන්නා බවට වහසි බස් දොඩමින් සිටි නමුත් ඊට අත්‍යාවශ්‍ය උදර්පණ ලිපිගොනුව අවසානයේ හමුවුණේ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් තම ලාච්චුවක දමා තිබියදීය. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ FCIDය ආරක්ෂක ලේකම්වරයාටත්, ආරක්ෂක ලේකම්වරයා නීතිපති දෙපාර්තමේන්තුවට සහ FCIDයටත් බැන වදිමින් සිටියා විනා අවසානයේ සිදුවූ දෙයක් නැත.
එසේම මීට බලපාන පරිදි මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ විදේශ කටයුතු අමාත්‍යවරයා වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අත්සන් කළ ගිවිසුමක් ද පවතින බවත් අපි මීට පෙර පෙන්වා දුනිමු. එම ගිවිසුම ප්‍රකාරව එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ඉල්ලා සිටින සැකකරුවන් එම රාජ්‍ය වෙත උදර්පණය කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටිනමුත් ශ්‍රී ලංකාව ඉල්ලා සිටින සැකකරුවන් ශ්‍රී ලංකාවට භාරදීමට එම රාජ්‍ය බැඳී නොමැත. මෙය ලොවෙත් නැති ගිවිසුමකි !
එහෙයින් මේ වතාවේත් බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇත්තේ කතා සාප්පු රාශියකට සහ දේශපාලන සංදර්ශන අටෝරාසියකට පසුව මාකඳුරේ මධුෂ් ද ඩුබායි රාජ්‍යයට ම වී ඔහේ සිටීමය. ඩුබායි රාජ්‍යය සැකකරුවන් අල්ලා ගන්නා අතර ශ්‍රී ලංකාව ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට ගොස් විහිළුකාරයින් වීමය.
උදයංග වීරතුංග අත් අඩංගුවට ගත් මොහොතේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැමුන් ඔහු පිළිබඳ ක්‍රියාකිරීමේ අවසරය ඇත්තේ තමන්ටම පමණක් බව කියමින් ලියුම් ද ලියාගෙන තිබිණි. මෙවරත් මාකඳුරේ මධුෂ් ගැන එවන් ලියුම් ඉහළම නිලධාරීන් ලියාගනු ඇත. තව තව අය මධුෂ් ඇල්ලීම ගැන උප්පැන්න සහතික ලියාගනු ඇත. අන්තිමේ මොකුත්ම නොවනු ඇත.
ඩුබායිහි සිදුවන නීතිමය ක්‍රියාමාර්ගයකට මුහුණ දෙමින් මධුෂ් එහිම ඔහේ සිටිනු ඇති අතර "කොහේ හෝ ඔබ සිටී නම් සතුටින් - කොහේ හෝ ඔබ සිටී නම් නිදුකින්" කියා සිංදු කියමින් අපේ අඤ්ඤාකොරොස්ලා මෙහේ සිටිනු ඇත.
සබැඳි පුවත් - ලෝක නීති ඉතිහාසයේ හොඳම උදර්පණ ගිවිසුම මහාචාර්ය ජී.එල්.ගෙන්!
උපුටාගැනිමකි source

Last edited: