බොබ් මාලේ
රස්තෆරි (Rastafari / Rastafarianism) යනු අප්‍රිකානු මහාද්වීපයේ ඉතියෝපියාව කේන්ද්‍රකොටගෙන ඇතිවී ජැමෙයිකාව තුල වර්ධනය වූ ඇබ්රහිමියානු ආගමික මෙන්ම සමාජයීය ව්‍යාපාරයකි. ලෝක පූජිත රැගේ සංගීත නිර්මාපකයා වන බොබ් මාලේ නිසා මෙම ව්‍යාපාරය ලෝකයාගේ අවධානයට පාත්රවිය. ලොව කොතැනක විසුවත් ස්වකීය අනන්‍යතාව දිවිහිමියෙන් සුරැකීමට රස්තාවරු කැපවී සිටිති. රැගේ සංගීතය හා මරිජුවානා (ගංජා) තම ආත්මය සුවපත්කරන පරම ඖෂධ ලෙස ඔවුහු සලකති. කොල, කහ, රතු සහ කළු වර්ණයන් මුසු ඇඳුම් ආයිත්තම් සහ හිස්වැසුම් වලින් සැරසී සිටින රස්තාවරු හිසකෙස් නොපීරූ කරල් වශයෙන් බැඳ, දිගු රැවුලක් සහිතව බස්තමක් අතැතිව සැරිසරති.
Last edited:



