ආදරේ කරලා බදින එක තමයි හොද. මොකද දෙන්නට දෙන්නා තේරුම් ගන්න පුලුවන්. අවබෝධ කරගන්න පුලුවන්. ප්‍රශ්නයකදි හැසිරෙන විදිහ කලින් දැනගන්න පුලුවන්. ලොකුම දේ සෙක්ස් ලයිෆ් එක හොදට ලැජ්ජාව නැතිව කතාබහ කරලා එක එක්කෙනාගෙ ප්‍රියමනාප දේවල් ඉල්ලගන්න පුලුවන්. සරලවම කිව්වොත් සතාව ටිකක් අදුරගන්න පුලුවනි.
ප්‍රපෝසල් වලදි ඔය උඩ කිව්ව දේවල් අඩු හෝ වැඩියෙන් ලැබෙන්නත් පුලුවන් උනාට ගොඩක් තැන්වලදි ෆේල්. 60 - 90දශක වල ලෙවල් එකෙ ප්‍රපෝසල් වගේ නෙමෙයි බං දැන් එව්වා. ඉන්නෙ නටන්න ඔන හැම වන්නමම නටපු අම්මණ්ඩිලා හෝ නැත්නම් මානසික අවුල් එවුන්. නැත්නම් මෙලෝ රහක් නැති උන්.
මේකෙ ඉතින් ලව් කරන උන් කියන්නෙ ලව් මැරේජ් හොදයි කියලා කෙල්ලෙක් දාගන්න බැරුව වේලිලා ප්‍රොපෝසල් වලින් ගෑණු හොයන , හොයපු උන් කියන්නෙ එව්වා හොදයි කියලා.
ඒ මොක උනත් පිරිසිදු ආදරයක්, කරුණාවන්ත හැම දේටම සමාව දෙන, හොද ඉවසීමක් තියෙන, තමන් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න පුලුවන් යශෝධරාලා අදටත් මේ ලෝකෙ ඉන්නවා. එහෙම කෙනෙක් ලැබෙන්න නම් ලොකු පෙර පිනක් සහ ආදරය වෙනුවෙන් සංසාරයේ ලොකු කැපකිරීම් කරපු කෙනෙක් වෙන්න ඕනෙ.