අභිනන්දන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අභිනන්දන්: ගුවන් නියමුවාගේ 'වීරත්වයේ රැවුල' ඉන්දියාව පුරා පැතිර යයි

_105893668_e707e642-a68a-4f00-9502-0b48fc838534.jpg

පාකිස්තානය විසින් පසුගිය දා නිදහස් කරන ලද ඉන්දීය යුද ගුවන් යානා නියමු අභිනන්දන් වර්දමන් මේ වන විට ඉන්දියාව තුළ ජාතික මට්ටමේ චරිතයක් බවට පත්ව ඇති අතර කලාත්මක නිර්මාණ, ප්‍රචාරණවලට යොදා ගැනීම පමණක් නොව ඔහුගේ උඩු රැවුල ද විලාසිතා අතර ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. ඔහුගේ රැවුල් විලාසිතාව මේ වන විට ඉන්දීය තරුණයින් විශාල පිරිසක් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

පාකිස්තාන ආරක්ෂක හමුදා විසින් ඔහු පියාසර කරවූ යුද්ධ ගුවන් යානය බිම හෙළා ඔහු අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු පැය කිහිපයක් තුළ ජාතික වීරයෙකු බවට පත් විය.

_105893670_b5e79bf0-8997-4ef3-999e-7d362c15112a.jpg

අභිනන්දන් වර්දමන්

ඔහු පසුගිය සිකුරාදා (මාර්තු 01) යළි මව් රටට පැමිණියේ උණුසුම් පිළිගැනීම් මධ්‍යයේය. ගුවන් නියමුවා සමාජ මාධ්‍යවල දැඩි ලෙස ජනප්‍රිය වීම ආරම්භ වීමත් සමග බොහෝ ඉන්දියානුවන් පැවසුවේ, ඔහුගේ උඩු රැවුල නිර්භීතත්වයේ සලකුණක් බවය. ඉන්දියාවේ වඩාත් ම ජනප්‍රිය කිරි ආහාර සන්නාමය වන අමුල් සමාගම සිය ප්‍රචාරණ කටයුතුවලට ගුවන් නියමුවාගේ උඩු රැවුල යොදාගෙන තිබේ.

53057926_10157204888834446_8874819072664010752_o.jpg

මෙම රැවුල් විලාසිතාව ඉන්දියාව තුළ දුර්ලභ වූවක් නොවේ. බොලිවුඩ් දුෂ්ටයින්, ආරක්ෂක භටයින්, පොලිස් නිලධාරීන් පමණක් නොව ජාවාරම්කරුවන් ද එවැනි ආකාරයට රැවුල කපා ඇති අවස්ථා තිබිණි. එහෙත්, මෙම රැවුල් විලාසිතාවට පසුගිය දින කිහිපයේදී ලැබුණු අර්ථකථනය, ධෛර්යය සහ වීරත්වයට සමාන විය.

_105893669_d6390278-f342-458d-b4d1-0caab74f1b02.jpg

රැවුල් විලාසිතාව කපා ගැනීමට පැමිණ සිටි තේජාස් චෞද්රි

බැංගලෝරයේ ඇතැම් කොණ්ඩා කපන ස්ථානවල සඳුදා දිනයේදී අවශ්‍ය පුද්ගලයින්ට නොමිලේ එම උඩු රැවුල් විලාසිතාව කපා ගැනීමේ අවස්ථාව උදා කර දී තිබිණි.

"අභිනන්දන් අපේ රට වෙනුවෙන් ලොකු දෙයක් කළා. මට හිතුණා හැම මූණක් ම ඒ වගේ පේන විදිහට වෙනස් කරන්න," සැලෝන් හිමිකරුවෙකු වන නනේෂ් තකූර් බීබීසී හින්දි සේවයේ ඉම්රාන් කුරේෂි සමග පැවසීය. එම උඩු රැවුල් විලාසිතාව කපා ගැනීමට පැමිණි තේජාස් චෞද්රි පැවසුවේ, "එයා අපේ රට වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. මට මේ වගේ දෙයක්වත් කරන්න බැරි නම් වැඩක් තියෙනව ද?" ඉන්දියාව පුරා විසිරී සිටින ඇතැම් පුද්ගලයින් එම රැවුල් විලාසිතාව සමගින් පෙනී සිටි ඡායාරූප ට්විටර් ඔස්සේ පළ කර තිබුණේ, වින්ග් කමාන්ඩර් අභිනන්දන් නිසා ඇති වූ උද්යෝගය නිසා එලෙස කළ බවය.

abinadan-cut.png

_105893671_7a29d95b-77a1-4635-a35f-913a3020e3e1.jpg

BBC News- Sinhala
 
Last edited:

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මුන්ට අමු කැවිලද ??? පකිස්තානෙට ගහන්න බලෙන් ඇතුළුවෙලා , පාකිස්තානේ උන් වෙඩිතියලා බිමදාලා, උන්ගේ මනුස්සකම හින්දා , උන්ගේ අනුකම්පාව යටතේ ආපහු සිරකරුවෙක් විදිහට ඉන්දියාවට බාරදුන්නු එකා වීරයෙක්ලු ...:(:(:(

    නියම ගුවන් වීරයෝ බලන්න ඕනෙනම් මේක බලපන්

    Operation Entebbe 1976

    • Like
    Reactions: randext86

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    :baffled: ඇත්තම වීරයෙක් නම් අහු වෙන්න කලින් දෙතුන් දෙනෙක් මරාගෙන අත්බෝම්බයක්වත් පුපුරව ගන්න තිබ්බා.... :dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුන්ට අමු කැවිලද ??? පකිස්තානෙට ගහන්න බලෙන් ඇතුළුවෙලා , පාකිස්තානේ උන් වෙඩිතියලා බිමදාලා, උන්ගේ මනුස්සකම හින්දා , උන්ගේ අනුකම්පාව යටතේ ආපහු සිරකරුවෙක් විදිහට ඉන්දියාවට බාරදුන්නු එකා වීරයෙක්ලු ...:(:(:(

    නියම ගුවන් වීරයෝ බලන්න ඕනෙනම් මේක බලපන්
    Operation Entebbe 1976

    ඉංදියාවේ ඉන්නේ සයිකො යක්කුනේ. අනිවා බ්‍රො
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,632
    113
    ඕකා අනිවාර්යෙන්ම ලොකු පාවාදීමක් කරලා එන්න ඇත්තේ...තොප්පිගල අහුවෙච්ච සෙබලෙක් ගේ අත් කපලා බෙල්ලේ එල්ලුවත් මොනවත් කියලා තිබ්බේ නෑ..ඉතින් ඇස් උගුල්වලා කළුතෙල් දාලා තිබ්බේ...ඉතින් එතන හිටපු කොටි ටික අපේ එවුන්ට අහුවුණා පස්සේ....තාම පාරේ නම අපේ කොල්ලාගේ නමින් තියෙන්නේ...උටත් මොනවාහරි පාවාදීමක් කරන්න තිබ්බා, බේරිලා එන්නත් තිබ්බා...
     
    • Like
    Reactions: richlife

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඕකා අනිවාර්යෙන්ම ලොකු පාවාදීමක් කරලා එන්න ඇත්තේ...තොප්පිගල අහුවෙච්ච සෙබලෙක් ගේ අත් කපලා බෙල්ලේ එල්ලුවත් මොනවත් කියලා තිබ්බේ නෑ..ඉතින් ඇස් උගුල්වලා කළුතෙල් දාලා තිබ්බේ...ඉතින් එතන හිටපු කොටි ටික අපේ එවුන්ට අහුවුණා පස්සේ....තාම පාරේ නම අපේ කොල්ලාගේ නමින් තියෙන්නේ...උටත් මොනවාහරි පාවාදීමක් කරන්න තිබ්බා, බේරිලා එන්නත් තිබ්බා...

    :sorry::sorry: බුදුඅම්මොහ්....... :(:(:(:love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    ඕකා අනිවාර්යෙන්ම ලොකු පාවාදීමක් කරලා එන්න ඇත්තේ...තොප්පිගල අහුවෙච්ච සෙබලෙක් ගේ අත් කපලා බෙල්ලේ එල්ලුවත් මොනවත් කියලා තිබ්බේ නෑ..ඉතින් ඇස් උගුල්වලා කළුතෙල් දාලා තිබ්බේ...ඉතින් එතන හිටපු කොටි ටික අපේ එවුන්ට අහුවුණා පස්සේ....තාම පාරේ නම අපේ කොල්ලාගේ නමින් තියෙන්නේ...උටත් මොනවාහරි පාවාදීමක් කරන්න තිබ්බා, බේරිලා එන්නත් තිබ්බා...

    මොදීයා හැදුවේ ඔය ජෙට් එක යවල ඕක පකිස්ටන් උන් බිම දාල පයිලට් ව අරං isis කාරයෝ වගේ ලයිව් බෙල්ල කපයි කියල. ඊට පස්සේ ඉතිං පකිස් ලෑන්ඩ් දෙක තුනකට ගහල ඊළඟ චන්දෙ දිනන්න පුළුවන්.

    හැබැයි වැඩේ දෙල් උනා පකිස්ටාන් උන් මොදීයා ව හිවලෙක් කළා පව් වැඩේ අරු බේරිලා ආවේ නෑ නේ එහෙම උනා නං වීරයෙක්. උව නිදහස් කරපු ඉම්රාන් වීරයෙක් උනේ

    ඉන්දියන් උන් ලංකාවේ උන් වගේම පට්ට මෝඩ වහල්ලු කියල මේකෙන් පේනවා පක්කො තව හොඳයි
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මොදීයා හැදුවේ ඔය ජෙට් එක යවල ඕක පකිස්ටන් උන් බිම දාල පයිලට් ව අරං isis කාරයෝ වගේ ලයිව් බෙල්ල කපයි කියල. ඊට පස්සේ ඉතිං පකිස් ලෑන්ඩ් දෙක තුනකට ගහල ඊළඟ චන්දෙ දිනන්න පුළුවන්.

    හැබැයි වැඩේ දෙල් උනා පකිස්ටාන් උන් මොදීයා ව හිවලෙක් කළා පව් වැඩේ අරු බේරිලා ආවේ නෑ නේ එහෙම උනා නං වීරයෙක්. උව නිදහස් කරපු ඉම්රාන් වීරයෙක් උනේ

    ඉන්දියන් උන් ලංකාවේ උන් වගේම පට්ට මෝඩ වහල්ලු කියල මේකෙන් පේනවා පක්කො තව හොඳයි

    :yes::yes::yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    මුන්ට අමු කැවිලද ??? පකිස්තානෙට ගහන්න බලෙන් ඇතුළුවෙලා , පාකිස්තානේ උන් වෙඩිතියලා බිමදාලා, උන්ගේ මනුස්සකම හින්දා , උන්ගේ අනුකම්පාව යටතේ ආපහු සිරකරුවෙක් විදිහට ඉන්දියාවට බාරදුන්නු එකා වීරයෙක්ලු ...:(:(:(

    නියම ගුවන් වීරයෝ බලන්න ඕනෙනම් මේක බලපන්

    Operation Entebbe 1976

    :lol::lol::lol::lol::lol: completely true
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවා මොනවද යකෝ..ඇම්බුෂ් එකකට අහුවෙලා හොස්පිටල් එකක හිටිය ජෙසිකා ලින්ච් බේරගෙන ඒකිට පදක්කම් පිට පදක්කම් දුන්නේ ඇමෙරිකාවේ. :lol: