බුද්ධාගම සහ නැන්දම්මා
මචං මේක දාන්නේ බලාගෙන ඉදලා බැරිම තැන.. අපේ නැන්දම්මා රිටයර් ටීචර් කෙනෙක් ඒ ලෙවල් ක්ලාස් වලට උගන්නපු කැළණි කැම්පස් එකෙන් ඩිග්රි එකකුත් තියෙන. එයා කොහොමත් ඉස්සර ඉදන්ම බුදු දහමට ගොඩක් ලැදියි, කඨින පිංකම්, කංචුක පූජා වගේ හැමදෙයක්ම කරනවා.
ඔන්න දැන් තමයි සීන් එකට එන්නේ, මේ ලඟදි ඉදන්, ලඟදි කියන්නේ දැන් මාස 8-10ක වගේ ඉදන් එයා ගෙදර ආවම කියවනවා බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනාලු, මීරිගම පැත්තෙ ඒ හැම පුරාවස්තුවක්ම තියෙනවලු, බුද්ධගෝෂ කියලා කෙනෙක් ඉතිහාසෙ වැරදියට ලියලා ඇත්ත බුද්ධාගමේ පොත් ගිනි තියලලු,මේ වගේ ගොඩාක් දේවල් කියවනවා,වෙලාවකට මාත් එක්ක ගේමටත් එනවා,මොකද මම කියනවා බුදුහාමුදුරුවො කොහේ ඉපදුනත් අපි කරන්න ඕන බුදු දහමේ හැටියට ජීවත් වෙන්න උත්සාහ කරන එක කියලා, ඕවා කිව්වම උන්දැට ෆුල් මල. මම කිව්වා හැම ආගමකම ඇතුලෙන්ම තමයි ඒ ආගම විනාශ කරන අය පහල වෙන්නේ ඒ වගේම වැඩක් තමයි මේකත් කියලා, තව හිරිවඩුන්න කියලා තැනක් තියෙනව එතනලු ලෝකෙ ගුරුත්වාකර්ෂනය අඩුම තැන, මේ වගේ දාහක් දේවල් කියනවා..
මම ඉස්සෙල්ලම මම ඉන්න මතේ කියන්නම්, මම නම් මේවා විශ්වාස කරන්නේ නැහැ, බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනා නම් මිහිදු හාමුදුරුවො බුදුදහම අරගෙන ලංකාවට ආවෙ ඇයි කියන එකෙන්ම ඒක බිදෙනවා, රෝමානු කතෝලික ආගම පෙන්තකොස්ත, බයිබල්, ඇන්ග්ලිකන්, මෙතෝදිස්ත වගේ කොටස් ගොඩකට කැඩුනා වගේ මේක බෞද්ධ ආගමත් කඩන්න කරන වැඩක් වෙන්නත් පුළුවන්..
මේ ගැන ඔය ගොල්ලන්ගේ මතේ මොකද්ද?
මේක තර්ක කරන්න, රණ්ඩු වෙන්න දාපු ත්රෙඩ් එකක් නෙමෙයි..
සමාජෙ මේ ගැන තියෙන මතය සහ කොයි තරමින් මේක සමාජගත වෙලාද කියලා දැනගන්නයි ඕන..

Last edited:

ඔන්න තව ටිකකින් ඒවි 