wife kamathi naha help karanawata.

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Oya kathandarema thamai ban.. Weda tika okkoma karanava.. samahara velavata kiyava kiyava.. udauvak karanna heduvama nahe ona nehe kiyanava.. A velavata mala pennoth mama karanne wifege muna dihama balan innava. davasak ai kiyala ahuvama mama kiuwa "Hithe thiyana kenthiyata ara cartoon vala vage dena mama oyata hithin gahala gahala chappa karala paththara pituvak vage den oya. den oyage oluva vate kurullo piyabanava kiyala" genita hina giya.. den mama muna diha balan hitiyath ahanava oya den mata hithin gahanava neda kiyala.:lol::lol::lol:
    Anaaaaaaaaa sweeet :love:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,815
    4,453
    113
    දැන් එක දිගට අහවල් වැඩේ කරලා එපා වෙලා නේද බන් ඇත්තේ....

    දනිස් රිදෙන්නේ නැද්ද

    pissuda ban,ewagen denna athra thiyena adare wadi wenawa
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මල්ලියෙ, කාන්තාවකට උදවු ඕනෙ වෙලාවල් තියෙනව, එහෙම වෙලාවට ඒගොල්ලන්ට උඩවු කරන්න ඕනෙ,

    ඒත් වැඩියෙන්ම ඕනෙ කරන්නෙ කරන දේ අගය කිරීම..
    උබ උදෙන්ම නගිටල උයන තැන වාඩිවෙලා චැට් එකක් දාගෙන ඉදල බලපන්, ඒක එයාට හොදටම ඇති..

    ගැහැනු කියන්නෙ
    පිරිමින්ට වඩා සම්පූර්නයෙන්ම වෙනස් ප්‍රොග්‍රෑම් එකක්...


    this.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගෑනිට ඒ වැඩ ටික කරන්න දීපං. මොකද ගෑනිට හිතෙනවා එයා නැතිව උඹ ඒක කලොත් වැඩේ දෙක වෙනවා සහ ගෑනි කරන්නෙ නැතුව මේ වැඩේ කොහෙත්ම කරන්න බැහැ කියලා.

    උඹ කළ යුතු දේ:
    උඹ ගිහිං බුදිය ගන්න එපා. උඹ වෙන වැඩක් කරපන්. මොකද ගෑනි විතරක් නෙවෙයි උඹත් වැඩ කරනවා කියල පෙන්නපන්. හැබැයි ඒ අතර ගිහින් හොම්බ දාල පොඩ්ඩක් ගෑනි කරන වැඩේ අගේ කරලා හුරතල් කරල වරෙන්.
    ඉඳල හිටල ගෑනිව කොහෙ හරි ළඟ තැනකට (snack) එකකට වගේ දේකට එක්කං ගිහිං පොඩි දෙයක් අරන් දීල ගෑනි කරන වැඩේ අගේ කරල චැට් එකක් දාල වරෙන්.
    (ගෑනුන්ට ලොකු දේවල් ඕනේ නෑ බං උන් ආස කරන දේකට කරන පොඩි වියදමක් හොඳටම ඇති.)
    පුතෝ මේ ගෑනු කියන ජාතිය කිසි දෙයක් කෙලින් කියන්නෙ නෑ. උඹට හෙන කට්ටක් කාල තමයි ගෑනි කැමති පොඩි දේ හොයාගන්න වෙන්නේ. මාත් මේ හෙන කට්ටක් කාල තමයි ගේම ගහගෙන යන්නේ.
    සුබ අනාගතයක්!
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :D:D අඩෝහ් මේ වගේ තව බැදපු ඩෑල්ස් වල සීන් කෝන් මේකෙ දාහල්ලකො.. :D මරු රස කතා :D දවසක අපිටත් ගොඩක් වැදගත් වෙයි මෙවුවා
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මම උදේට නැගිටලා කේතලේ ලිපේ තියලා තේ හදන්න වතුර දාලා නෝනට කතා කරනවා.
    රම්පේ කරපිංචා කඩලා ගෙනත් දෙනවා. පොල් ගානවා. එදිනෙදාට ගෙදර සියලු රෙදි හෝදනවා අතින්.
    මල් පූජා කරනවා
    තව ඔය කියන කියන පොඩි පොඩි වැඩ කරලා දෙනවා.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මගේ ප්‍රශ්න වගයක් තිබ්බ වයිෆ් එක්ක පහු ගිය ටිකේ. දැන් ඒව ගොඩක් දුරට හොදයි. මට හිතුන මම ටිකක් දරදඩු වැඩියි ටිකක් වැඩිපුර එයා ගැන කෙයා කරන්න ඕන කියල. එයා උදේ 4ට විතර නැගිටල කෑම හදන්නේ තනියම. මම නිදි. ඉතින් මම හිතාගත්ත මාත් ඒ වෙලාවට නැගිටල එයාට උදව් කරන්න. මමදවස් කීපයක්ම ට්‍රයි කරා. නමුත් එයා ඒකට කැමති නෑ වගේ. එයා කියනව ඔයා ගිහින් නිදියන්නලු. මම මුලින් හිතුවේ නිකන් එහෙම කියනව කියල. දවස් කීපයක් කරාම කියනව. ඔයාට මොකද වෙලා තියෙන්නේ, ගිහින් වෙනද වගේ නිදාගන්න මට තනියම මේ ටික කරගන්න පුලුවන් කියල.

    අනිත් එක ගෙදර අස්පස් කරන එක, රෙදි ටික හෝදන එක. මොකද ඒව තනියම තමා කරන්නේ එයා මගේ ඒවත් එක්ක. මම ඒව කරන්න හදන කොට ඒවටත් කැමති නෑ. මට තේරෙන්නෑ බන් මේ ගෑනු. උන්ට කරත් හොද නෑ නොකරත් හොද නෑ. මොන මගුලක්ද මන්ද. දැන් මම ඊයෙ ඉදන් වෙනද වගේ නිදාගන්නව ඔය දේවල් මුකුත් කරන්නෑ මොකද එපා කියද්දී කරන්න ඕන නෑනේ. උබලගෙ වයිෆෙත් මෙහෙමද? :rolleyes:

    මමයි වයිෆුයි උදේට නැගිටිනව. මම නැගිට්ටෙ නැත්තම් කකුලෙන් ඇදල නැගිට්ටවනව. මම පොල් ගානව. මස් කපනව පොල් බිඳිනව. මටනම් දැන් පොල් ගාලම එපා වෙලා :rolleyes:
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මම උදේට නැගිටලා කේතලේ ලිපේ තියලා තේ හදන්න වතුර දාලා නෝනට කතා කරනවා.
    රම්පේ කරපිංචා කඩලා ගෙනත් දෙනවා. පොල් ගානවා. එදිනෙදාට ගෙදර සියලු රෙදි හෝදනවා අතින්.
    මල් පූජා කරනවා
    තව ඔය කියන කියන පොඩි පොඩි වැඩ කරලා දෙනවා.

    :confused:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මමයි වයිෆුයි උදේට නැගිටිනව. මම නැගිට්ටෙ නැත්තම් කකුලෙන් ඇදල නැගිට්ටවනව. මම පොල් ගානව. මස් කපනව පොල් බිඳිනව. මටනම් දැන් පොල් ගාලම එපා වෙලා :rolleyes:

    ලව් අෆයාද ප්‍රපෝසද බැන්දෙ :eek: