රත්තරං_අයියාහ්_අපිව_දාලා_ගිහින්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    රත්තරං_අයියාහ්_අපිව_දාලා_ගිහින්

    දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිශාන්ත පුෂ්ප කුමාර මහතා (රත්තරන්) පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් සහ සියලුම දේශපාලන කටයුතු වලින් ඉවත්විමට තිරණය කර තිබේ.

    ඒ මහතා අද (18) උදැසන සිය නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි තමාගේ ඉල්ලා අස්විම ප්‍රකාශයට පත්කල අතර දැනට අධිකරණයේ තමාට විරුද්ධව පවතින නඩුවෙන් නිදොස් කොට නිදහස්වු දිනයක නැවත දේශපාලනයට එන බවද කියා සිටියේය.

    එහිදි ඒ මහතා මෙසේ කිය“දැනට මට විරුද්ධ අධිකරණයේ නඩුවත් තිබෙනවා.එහෙම නඩුවක් තියෙනවිට දේශපාලය කිරිම මට ඡන්දය දුන් ජනතාවටත් පක්ෂයටත් නායකයින්ටත් කරන අගෞරවයක් කියල හිතනවා.එනිසා කෙළින් කතා කරන කෙලින් වැඩ කරන මේ රත්තරන් දේශපාලනයෙන් ඉවත් විමට තිරණය කලා.

    යම්කිසි කෙනෙක් හිතයි මම මේ චෝදනාවට බයේ ඉල්ලා අස් වෙනව කියලා.මේ චෝදනාව මට එල්ල කරපු අභුත චෝදනාවක්.චෝදනාව මා පිළිගන්නේ නැහැ.මටත් ඉන්නේ දූලා. ඒ අය පාරෙ බැහැල යන්න ඕනෑ.මම කව්ද කියල මගේ බිරිඳ දන්නවා.ළමයි දන්නවා.දෙමව් පියන් දන්නවා.අධිකරණය ස්වාධිනයි.එනිසා මා දරණ සියලුම තනතුරුවලින් ඉල්ලා අස් වෙලා අධිකරණ ක්‍රියාදාමයට මුහුණ දෙනවා.

    මම දේශපාලනයට ඇවිල්ල සියලු සේසතම දන්දුන් කෙනෙක්.මුලු ජිවිතයම දේශපාලනයට කැප කලා.මේක මගේ තනි තින්දුවක්.අධිකරණයෙන් නිදොස් කොට නිදහස්වු පසු දේශපාලනයට එනවා.මට සහාය දුන් සියලුම දෙනාට ස්තුතිය පල කරනවා“

    දහසය හැවිරිදි දැරියකට බර පතල ලිංගික අපයෝජයක් සිදු කිරිම සම්බන්ධයෙන් ඒ මහතාට විරුද්ධව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වනවිට නඩුවක් පවරා තිබේ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොහොමත් ලබන මාසේ විසුරනවනේ. ඊට කලින් බයිසන්ලගේ විස්වාසය ගන්න අයියගේ මොලේ වැඩකලා.:P:P:P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොහොමත් ලබන මාසේ විසුරනවනේ. ඊට කලින් බයිසන්ලගේ විස්වාසය ගන්න අයියගේ මොලේ වැඩකලා.:P:P:P

    උබලගෙ ලොක්ක ලගදි
    සාටක ලොක්කව හම්බෙනව දැක්ක.. සාටකේ එල්ලුනොත් නම් උබලට රත්තරං එක්ක තමයි දේශපාලනේ කරන්න වෙන්නෙ.. :P
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,146
    113
    මම හිතුවා කිරියෙ රත්තරන් කියලා.හෙන අවුල් ගියා.මේ ටිකේ පොරගේ ත්‍රේඩ් ටික කියවන්නෙ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබලගෙ ලොක්ක ලගදි
    සාටක ලොක්කව හම්බෙනව දැක්ක.. සාටකේ එල්ලුනොත් නම් උබලට රත්තරං එක්ක තමයි දේශපාලනේ කරන්න වෙන්නෙ.. :P
    අපිට එයාගෙන් ඕන 20 සම්මත කරගන්න චන්ද ටික විතරයි. රජු කැමති නෑ දොරටුපාල එනවට. සෝ මිනිහා මේ වෙලාවේ 20 ට කැමති.:Pදෙමල සන්ධානේ හම්බෙනවා දැක්කේ නැතෙයි? රනිලුත් හම්බෙයි ඉස්සරහට.එකත් බලාගෙන ඉඳපන්..:yes:
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපිට එයාගෙන් ඕන 20 සම්මත කරගන්න චන්ද ටික විතරයි. රජු කැමති නෑ දොරටුපාල එනවට. සෝ මිනිහා මේ වෙලාවේ 20 ට කැමති.:Pදෙමල සන්ධානේ හම්බෙනවා දැක්කේ නැතෙයි? රනිලුත් හම්බෙයි ඉස්සරහට.එකත් බලාගෙන ඉඳපන්..:yes:

    උබල මහින්දව පාවිච්චි කරන්නද හදන්නෙ.. :rofl: රනිල් කලා වගේම තමයි, මහින්දත් උබලව පාවිච්චි කරල පස්සෙ විසික් කරල දානව.. :yes:

    උබල 20 ගෙනත් කරන්නෙ මහින්දටයි රනිල්ටයි කඩේ යන එක විතරයි.. මහින්දටයි, රනිල්ටයි ජනාධිපති වෙන්න බැරි නිසා උන් ජනාධිපතිකම උබලව ඉස්සරහට දාල අහෝසි කරවනව.. :yes:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේ විදියට බාල වයස්කාර දැරියක් බරපතල ලෙස දූෂනය කරල කරල ඔහොම නිදැල්ලේ ඉන්න පුලුවන්ද. අපේ අදිකරන පද්දතිය මොන තරම් දූෂිතද කියල උබලට හිතෙන්නැද්ද. මම ඉන්නේ විදේශ් රටක මෙහේ ඔය කේස් වලට දැඩි දඩුවම් දෙනවා.අව්. 7- 10 ඇතුලේ මම නම් කියන්නේ කුඩු කාරයන්ට ඉස්සෙල්ල ඔය ඇප දීපු නඩුකාරයව එල්ලල මරන්න ඕන.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    කොහොමත් ලබන මාසේ විසුරනවනේ. ඊට කලින් බයිසන්ලගේ විස්වාසය ගන්න අයියගේ මොලේ වැඩකලා.:P:P:P

    ජෙප්පොන්ට විතරයි කියල හිතුවද කපටි වැඩ පුළුවන්?:rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,545
    113
    රූකඩ රාජ්ජේ
    මේ විදියට බාල වයස්කාර දැරියක් බරපතල ලෙස දූෂනය කරල කරල ඔහොම නිදැල්ලේ ඉන්න පුලුවන්ද. අපේ අදිකරන පද්දතිය මොන තරම් දූෂිතද කියල උබලට හිතෙන්නැද්ද. මම ඉන්නේ විදේශ් රටක මෙහේ ඔය කේස් වලට දැඩි දඩුවම් දෙනවා.අව්. 7- 10 ඇතුලේ මම නම් කියන්නේ කුඩු කාරයන්ට ඉස්සෙල්ල ඔය ඇප දීපු නඩුකාරයව එල්ලල මරන්න ඕන.

    වෙන රටවල එහෙම උනත් - ලංකාවේ එහෙම වෙන්නේ නෑ

    :yes::yes::yes::yes:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ විදියට බාල වයස්කාර දැරියක් බරපතල ලෙස දූෂනය කරල කරල ඔහොම නිදැල්ලේ ඉන්න පුලුවන්ද. අපේ අදිකරන පද්දතිය මොන තරම් දූෂිතද කියල උබලට හිතෙන්නැද්ද. මම ඉන්නේ විදේශ් රටක මෙහේ ඔය කේස් වලට දැඩි දඩුවම් දෙනවා.අව්. 7- 10 ඇතුලේ මම නම් කියන්නේ කුඩු කාරයන්ට ඉස්සෙල්ල ඔය ඇප දීපු නඩුකාරයව එල්ලල මරන්න ඕන.

    :lol::lol::lol::lol:

    image.png
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මචන්ලා එළකිරි එකේ හිටපු රත්‍රන් නානාට මොකද උනේ ....