අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

Stigozank

Member
Mar 6, 2019
7
1
0
කැම්පස් ගිහින් මුල් අවුරුදු 3.5 විතර කිසිම අවුලක් තිබ්බේ නෑ. ඒත් පස්සෙ පස්සෙ මෙයාගේ ආකල්ප ටික ටික වෙනස් වෙනව කියල දැනුනා. මම නිකම් technician, එය ඩොක්ටර්. එයාට මට වඩා හොදම කෙනෙක් හොයා ගන්න පුලුවන් වගෙ කතා විහිලුවෙන් වගේ මට කියනවා. මමත් ඉතින් බර බර දානවා ඇයි මටත් කෙල්ලෝ නෑ කියලද හිතන්නෙ කියලා. මොකද තාත්තගේ දුවෙක්ගේ proposal එකකුත් මම එපා කිඋවා මෙයා නිස.ඒ කෙල්ල කෝටිගානක දේපල තියෙන නිලියක් වගෙ ලස්සන කෙල්ලෙක්. කොහොම උනත් අපි හොදට හිටියා. මෙයා ටික ටික මාව පාලනය කරන්න එනවා වගෙත් දැනුනා.ඒත් මම ඔහේ හිටියා. මෙයාට මගේ car එකටත් ලඩියක් වගේ පෙනුනා.ඒ අස්සෙ මේ කෙල්ල වෙඩින් එකටත් දුවල පැනල වැඩ. මොනව කලත් මගේ මත්තෙම නැහීගෙන හිටිය. හැබැයි මෙයාගෙ කතා වලට ගොඩ්ක් වෙලාවට හිත රිද්දගෙන හිටියෙ මම. අන්තිමට වෙඩින් හෝල්, studio,saloon, book කලා. ආ ඒ අස්සේ මෙයා අපේ අක්කලට එක එක ඒව කිඋවා. අක්කලා දෙන්නගේම අයියල රට. අපේ ගෙවල් කිට්ටුවමයි හිටියේ. මම එයාල ගැන හොයලා බලනකොට මෙයා රන්ඩු වෙනවා. ඇත්තටම කල කිරිලා හිටියෙ. දවසක් ඔය ප්‍රශ්නෙකට අපි ලොකු රන්ඩුවක් ගියා. මම කිඋවා මේක නවත්තලා දාමු.ඔය විදියේ ආකල්ප එක්ක අපිට ඉන්න බෑ කියලා
 
sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    අපි බුක් කරපු හොල් එකේ අද වෙන වෙඩින් එකක්....
    අපේ photographer අද වෙන couple එකක photo ගන්නවා...
    අපි දෙන්න අද තැන් දෙකක..
    කවම දාකවත් අපි මුන නොගැසුනාම් අපි දෙන්නාම අද සතුටින්... ...

    කාටවත් මෙවන් දුකක්නම් සිදු නොවේවා....

    පොරොන්දම් නොබලා කේන්දර ගැලපෙනවද කියලා බැලුවනම් නොවේ මෙවන් විපතක් ...............පොරොන්දම් යනු බොරුවකි
     
    Stigozank

    Member
    Mar 6, 2019
    7
    1
    0
    මෙයා ඔව් අපි මේක නවත්තමු කියලා අපේ අම්මටත් ලත කරල . ඔයාගෙ පුතාට බැරිනම් කෙලින්ම කියන්න,එයාට වදින්න බෑ කියලා. එයා කවදාවත් surrender වෙන කෙනෙක් නෙමේ. වලියක් ගියත් එය 2nd වෙන්නේ නෑ. මම කතා කරනක්ම් ඉන්නවා මාසයක් හරි. ඇත්තටම මම නවත්තමු කිවුවේ තරහට.ඇත්තට තුන් හිතකවත් තිබ්බේ නෑ. හැබයි මම මේ පාර සද්දයක් නැතුව හිටියා. මෙයා පස්සෙන් ඇවිත් රන්ඩු වෙනවා.මට බනිනව. ඒ වෙලාවේ මම හිතුවා මේක නවත්තනව කියලා.මම බැන්නා.හොදටම බැන්නා. ඇත්තටම කුනුහරුපෙන් බැනුනා මට. මෙයා ඒක තරහට රෙකෝඩ් කරලා අම්මට දීල එයාගේ. අම්ම මට කතා කරලා එයාලගේ වතු ගතිය පෙන්නුවා කුනු හරුපෙන් මටත් බැන්නා.මරනවා කිඋවා පවුලම. අපේ ගෙදරටත් කතා කරලා තර්ජනය කලා. අපේ අම්මලා මාව හන්ගලත් තියන්න හැදුවා. මොකදා ඒ අය ගැන, ඒ පැත්ත ගැනත් හොදට තාත්තලා දන්න නිසා. තරහට කලාට ටික දවසක් යනකොට එයාට තේරුනා එයා කරගත්තේ මෝඩ වැඩක් කියලා.මොකද එයාට මම නැතුව බෑ.මට එයා නැතුව බෑ. ඒත් ප්‍රශ්න අපිට ආයිත් ලන් වෙන්න බැරි තරම් දුර ගෙනිහින්. එයා අඩා වැටුනා. අපි දෙන්නම. අම්මල මට තර්ජනය කලා කෝල් කරල මැරුවත් දෙන්නෙ නෑ කියලා. මෙයාව ගෙදරටම හිර කලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,748

    Uba ariye nedda?
     
    Stigozank

    Member
    Mar 6, 2019
    7
    1
    0
    එයා පස්සෙන් ඇවිත් පින්සෙන්ඩු උනා සමාව ඉල්ලලා. එයා අම්මල ගාව දන ගාල සමාව ඉල්ලන්නම් කිවුවා. මටත් සමාව ඉල්ලුවොත් දෙයි කිවුවා. මොකදා ඒ පැත්තේ ඉගෙන ගත්තේ මෙයා විතරයි. දන්නව න්හ් වතු කෙල්ලෝ. මිනිස්සු ඒකට හරි ඊරිසියයි මේ පවුලට. අනික මම එහේ ගියා ආවා. මිනිස්සු කතා හදනවා නෙහ්. ඒත් මම බෑම කිවුවා.මෙයා වැද වැටුනට මගේ හිත එච්චර ගලක් උනේ කොහොමද හිතා ගන්න බෑ අදටත්. ඒ මැසේජ් තාම මගේ ගාව තියනවා. ඇයි මම එච්චර නපුරු උනේ,ගලක් උනේ කියල හිතාගන්න බෑ. ඒව කියව කියව අඩනව මම තාම. ටික දවසක් ගියාම එයාටම එපා වෙලා i hate u කියලා ගියා. තව ප්‍රශ්න ගොඩක් ඇති කලා මෙයා. කොහොමහරි අදටත් පසු තැවෙනවා වැදලා හරි ප්‍රශ්න ඉවර කරගෙන බදින්න තිබ්බකියල. කොහොමහ්රි එයාට proposal එකක් ඇව්ත් september බදිනවා. මාත් තව මාස 4කින් බදිනවා. මේක උනේ හෝල් බුක් කරල දවස් 10කින්
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    උබ සයිකෝ ඩයල් එකක්. සිරාවටම උබෙන් ගැලවුන කෙල්ල ගැන සතුටුයි.
     
    Stigozank

    Member
    Mar 6, 2019
    7
    1
    0
    Uba ariye nedda?
    පිස්සුදා බන්.මම අවන්කවම බැදාලා කරන දෙයක් කරන්න හිටියේ. ඕනතරම් චාන්ස් තිබ්බා. අදටත් සතුටුයි මම එහෙම එකක් නොකර අවන්කවම ආදරය කල එක ගැන.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,748
    113
    පිස්සුදා බන්.මම අවන්කවම බැදාලා කරන දෙයක් කරන්න හිටියේ. ඕනතරම් චාන්ස් තිබ්බා. අදටත් සතුටුයි මම එහෙම එකක් නොකර අවන්කවම ආදරය කල එක ගැන.

    :dull:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    danna ekkuth ohoma una 7 years affair ek , ade mun denna bandala eka wahalakata awa witharaiyi 5 months thibee na marriage eka, dan kella ammalage gedara , aru thaniyama innawa, Divorce eka file karala kiyala kiuwa :( , loke hama dema anthiyayi bung , ube duke danne uba thama , hama dema hodin wewi !
     
    දැන් අර බලපන් ඕෂදී ඉස්කෝලේ කාලේ ඉදන් යාලු වෙලා හිටපු එකාව බැදලා අවුරුදු 6කුත් ඉදල දැන් වෙන එකෙක් බැදලා :eek:

    ඉතිං .......
    ඔයාට දුකයි ද මචං .......
    ගනං ගන්න එපා මතං :sorry::sorry: