කැම්පස් ගිහින් මුල් අවුරුදු 3.5 විතර කිසිම අවුලක් තිබ්බේ නෑ. ඒත් පස්සෙ පස්සෙ මෙයාගේ ආකල්ප ටික ටික වෙනස් වෙනව කියල දැනුනා. මම නිකම් technician, එය ඩොක්ටර්. එයාට මට වඩා හොදම කෙනෙක් හොයා ගන්න පුලුවන් වගෙ කතා විහිලුවෙන් වගේ මට කියනවා. මමත් ඉතින් බර බර දානවා ඇයි මටත් කෙල්ලෝ නෑ කියලද හිතන්නෙ කියලා. මොකද තාත්තගේ දුවෙක්ගේ proposal එකකුත් මම එපා කිඋවා මෙයා නිස.ඒ කෙල්ල කෝටිගානක දේපල තියෙන නිලියක් වගෙ ලස්සන කෙල්ලෙක්. කොහොම උනත් අපි හොදට හිටියා. මෙයා ටික ටික මාව පාලනය කරන්න එනවා වගෙත් දැනුනා.ඒත් මම ඔහේ හිටියා. මෙයාට මගේ car එකටත් ලඩියක් වගේ පෙනුනා.ඒ අස්සෙ මේ කෙල්ල වෙඩින් එකටත් දුවල පැනල වැඩ. මොනව කලත් මගේ මත්තෙම නැහීගෙන හිටිය. හැබැයි මෙයාගෙ කතා වලට ගොඩ්ක් වෙලාවට හිත රිද්දගෙන හිටියෙ මම. අන්තිමට වෙඩින් හෝල්, studio,saloon, book කලා. ආ ඒ අස්සේ මෙයා අපේ අක්කලට එක එක ඒව කිඋවා. අක්කලා දෙන්නගේම අයියල රට. අපේ ගෙවල් කිට්ටුවමයි හිටියේ. මම එයාල ගැන හොයලා බලනකොට මෙයා රන්ඩු වෙනවා. ඇත්තටම කල කිරිලා හිටියෙ. දවසක් ඔය ප්‍රශ්නෙකට අපි ලොකු රන්ඩුවක් ගියා. මම කිඋවා මේක නවත්තලා දාමු.ඔය විදියේ ආකල්ප එක්ක අපිට ඉන්න බෑ කියලා