දෛවයේ කෲරතම සරදමක්
(විනීතා එම් ගමගේ)
ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් තම දියණියත් බිරිඳත් මියගිය පසුව සිය එකම පුතු
සොයමින් ඇවිද ගිය පියාට රෝහල් මෘත ශරීරාගාරයේදී පුතා හමුවී තිබේ.
තම දියණියත් බිරිඳත් මියගිය පසුව 20 හැවිරිදි පුත්‍රයා සොයා ගැනීමට නොහැකි වී සිටි බ්‍රිතාන්‍ය
ජාතිකයෙක් තමන්ගේ නම හෝ ජාතිකත්වය කුමක්ද යයි කීමට නොහැකි තරමට කැළඹී සිටියේය.
එම ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි ඔහු ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා සිටි නමුත් රෝහල් භූමිය
පුරා තම පුතු සොයමින් ඇවිද ගියේය. එහෙත් ඔහුට ඇලෙක්ස් නිකල්සන් නම් වූ සිය පුතා හමුවූයේ
කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ ස්ථානයක් වන රෝහල් මෘත ශරීරාගාරයේදීය.
බිරිඳ හා දරුවන් දෙදෙනා සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිණි බව කී ඔහු ෂැංග්‍රිලා හෝටලයේ
දී අද උදෑසන ආහාර ගනිමින් සිටිය දී මෙම අනතුරට ලක්වූ බව ද කියා සිටියේය.
Lankadeepa




