ජනාධිපති බබා විසින් ජාතියට අමතා කියපු ස්ලීපින් ස්ටොරි එකේ බබාරංශය.
තාමත් නින්ද ගිහින් නැති බබාලා වෙත,
එක එක නෝටි බබාල එක එක නෝටි වැඩවලට පුරුදු වෙනවා කියල මට ආරංචි වුනා. පිටරට බබාලත් කියල තිබ්බ. අපේ බුද්ධි බබාලත් මටයි අපේ අනිත් වී අයි පී බබාලටයි රට ඇතුලෙ එහෙ මෙහෙ සෙල්ලම් කරන්න යන්න එපා කීව. ඒ හින්ද මම සති අන්ත නිවාඩුවේ පිටරටම ගියා කෝම්පිට්ටු උයන්න.
මගේ ආරස්සක ලේකම් බබා කීව වගේ මෙච්චර ලොකු කෙලියක් වෙයි කියල බුද්ධි බබාල මට කීවෙ නෑ. කීව නම් මගෙ වැඩ කිඩ බලන්න තිබ්බ. මම හිතුවෙ එයාල පල්ලියට ඇවිත් කලිසම පාත් කරල කක්ක පැත්ත පෙන්නල ආපහු දුවයි කියල.
දැන් ඔය බබාල තැන් තැන් වල ඉස්ලාමීය දේශපාලන බබාලට වලි දාන්න එපා. ත්‍රස්තවාදී බබාලට බනින්න එපා. අන්තවාදී බබාලගෙ හිත රිද්දන්න එපා. ඔයාල නෝටි වෙයි කියල අපි පොඩිම පොඩි හදිසි නීතියක් දාල තියෙන්නෙ.
ඔක්කොම බබාලට පාඩමක් උගන්නන්න මම ඊලග පැය 24 ඇතුලෙ 'ජනාධිපතිව මාරු කරනවා'. සොලි සොලි මම ආරස්සක බබාලව මාරු කරනවා.
අයියෝ සෑ 10ත් වෙලා. මම දොයිය ගන්න යනවා.
මාව ජනාධිපති බබා කරපු බබාල හැමෝම දැන් කුක්කු බීල දොයිය ගන්න
ජනාධිපති බබා