sarath fonseka speech ISIS

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    දේශපාලනඥයෙක් විදිහට මම කැමති නැති පුද්ගලයෙක්,, නමුත් හමුදාපතිව ඉද රටට ඉමහත් සේවයක් කලා, ඒකට ගරැකරනවා, ඒ වගෙම මේ පාර්ලිමේන්තුවේදී කල කතාවට ගරු කරනවා, පක්ශ, පාට නැතුව ජනතාවගේ පැත්තේ ඉදගෙන කල ඉතා වටින කතාවක්...
    අපරාදේ ජරා දේශපාලනය නිසා විනාශ උනා... ගරු කරනවා අපි තවමත්...

    සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙන් උපුටාගත් වැදගත් කොටස්

    🔴යුද්ධයෙන් පසු ජනතාව කානිවල් ජීවිතයක් ගත කළා. එය ගැටලුවක් නොවේ. නමුත් දේශපාලනඥයන් සහ ආරක්ෂක අංශත් එවැනි සැහැල්ලුවෙන් ක්‍රියා කිරීම ගැටලුවක් වුණා. ත්‍රස්තවාදය එකවරම ඇතිවන දෙයක් නෙවේ.

    🔴ජාතික බුද්ධි ප්‍රධානියා පොලිස්පති යටතේ සිටින්නෙකු නොවේ. ඔහු යටත් වන්නේ ජනාධිපති සහ ආරක්ෂක ලේකම්ටයි. ජනාධිපති ඒ ගැන දැනුවත් නෑ කියන එක පිළිගන්න බෑ. එසේ නොවුණේ නම් එය ගැටලුවක්. පොලිස්පතිට චෝදනා කිරීම පදනම් විරහිතයි.

    🔴නිදහසට කාරණා අවශ්‍ය නෑ. වෙන රටක නම් අදාල අය ඉල්ලා අස්වෙනව. අර නාමල් කුමාර කියන නරුමයගෙ ඔත්තුවට දුන්න තරම්වත් උනන්දුවක් මේකට දුන්නෙ නෑ. ආරක්ෂාව විහිළුවක් වෙලා තිබ්බෙ.

    🔴අගමැති තුමාට මාස හයක් රැස්වීම්වලට එන්න නොකීව නම් ඇයි ඔබතුමා බලන් හිටියෙ. ඔබතුමාට ඒකට යන්න තිබ්බ. ක්‍රියාත්මක වෙන්න තිබ්බ. පාර්ලිමේන්තුවෙ කියන්න තිබ්බ. අපි කවුරුත් ඒ ගැන දැනගෙන හිටියෙ නෑ. නැත්තම් අගමැති හැටියට කොහොමද ඔබතුමා වගකීම ඉෂ්ට කරන්නෙ? ඒක කාටවත් නිදහසට කාරණයක් නෙවේ.

    🔴නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාට ආරක්ෂක කවුන්සලේට එන්න දෙන්නෙ නැත්තම් එතුම නිදහස් වෙලා මොකටද? එහෙනම් එතුමා අස්වෙන්න ඕනි. ආරක්ෂක කවුන්සලේට යන්න බැරි නියෝජ්‍ය ඇමතිකමෙන් වැඩක් තියෙනවද?

    🔴මේ තනතුරු වලට ගැලපෙන මිනිස්සු අපි දාල හිටියද? ඒ ප්‍රශ්නෙ මගෙ හිතේ තියෙනව. සමහර නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරු වැදගත් සුන්දර මිනිස්සු. නමුත් අවශ්‍ය දැනුම තියෙන්න ඕනි. ඒ නීතිය හා සාමය ඇමතිවරුන්ට ඒ පිළිබඳ පසුබිමක් තිබුණෙ නැහැ. නීතිය පිළිබඳ දැනුමක් නැහැ. මේ කාරණාවලට මෝරපු මිනිස්සු ඕනි. තරුණ මන්ත්‍රීවරු දාල මේව කරන්න බෑ. කොහොමද අවුරුදු 55ක් 60ක් වෙච්ච පොලිස්පති කෙනෙකුට හමුදාපති කෙනෙකුට අවුරුදු 40ක් වෙච්චි මන්ත්‍රී කෙනෙක් උපදෙස් දෙන්නෙ? අපිත් ඒ තනතුරු වල හිටිය. අපේ කාලෙත් එහෙම හිටිය නම් ඒක අපහසුතාවට පත්වන තත්ත්වයක්. ආණ්ඩුවෙ තව තැන් තියෙනව සුදුස්සො ඒ තැන්වල නැති.

    🔴 අපි කිව්ව පරිපාලන නිලධාරියෙක් ආරක්ෂක ලේකම් වෙන්න ඕනි කියල. එක්කෙනෙක් දෙන්නෙක් එහෙම හිටිය ඊටපස්සෙ ඒ සෙල්ලම එපා වුණා. ඊටපස්සෙ දුන්නෙ තමුන්ගෙ හිතවතුන්ට. ඒ ඔක්කොමල අසාර්ථකයි. ඉන්දියාවෙ ඉන්නව පරිපාලන නිලධාරින් ආරක්ෂක ලේකම් විදිහට නමුත් ඒ අය ආරක්ෂක විද්‍යාලයට ගිහින් ඒ ගැන අවබෝධයක් ලබාගත් අය. උපාධියක් තිබ්බ පලියට ආරක්ෂාව ගැන තේරෙන්නෑ. ප්ලැටූන් එකක 25ක් ඉන්නව කියල දන්නෙ නෑ සමහර ආරක්ෂක ලේකම්වරු.

    🔴මේ සිද්ධිය වෙලා පැය 48ක් යනකම් මට අගමැතිවරයා හම්බවෙන්න වෙලාවක් දුන්නෙ නෑ. මම ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්. මම ෆීල්ඩ් මාර්ෂල් උනේ ගෝල්ෆේස් එකේ කඩල විකුණල නෙවෙයි. මට මේවට ආරාධනාවක් ලැබෙන්න තිබුණ.

    🔴මට අවශ්‍ය ආරක්ෂාව වත් නෑ.මට තාම තියෙන්නෙ ඔබතුමා (මහින්ද රාජපක්ෂ මහතා පෙන්වමින්) දුන්න 17 දෙනාගෙ ආරක්ෂාවයි අර කැඩි කැඩි යන ජීප් එකයි විතරයි.මේ ආණ්ඩුවෙ ඉන්නවද මට වඩා කවුරුත් ආරක්ෂාව ගැන දන්න අය? අපෙන් ප්‍රයෝජන ගන්න. අපි වැඩ කරන්න ලෑස්තියි.

    උපුටා ගැනීම - ධනංජය චතුරංග
     
    • Like
    Reactions: richlife

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දේශපාලනඥයෙක් විදිහට මම කැමති නැති පුද්ගලයෙක්,, නමුත් හමුදාපතිව ඉද රටට ඉමහත් සේවයක් කලා, ඒකට ගරැකරනවා, ඒ වගෙම මේ පාර්ලිමේන්තුවේදී කල කතාවට ගරු කරනවා, පක්ශ, පාට නැතුව ජනතාවගේ පැත්තේ ඉදගෙන කල ඉතා වටින කතාවක්...
    අපරාදේ ජරා දේශපාලනය නිසා විනාශ උනා... ගරු කරනවා අපි තවමත්...

    mona unat atta kiyala tiyana ridennama meda paranam..
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    mona unat atta kiyala tiyana ridennama meda paranam..

    attatama gattot me prasne gena hitata ekagawa awegayen kata kare mahindai wijedasai sarath fonsekai witarai bun...ekai etta..monawa unat awrudu ganak udda karala karalama ratak beragatta pudgalayek hatiyata me unu deta fonsekata hitata ekagawama ridenna ati bun...
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    attatama gattot me prasne gena hitata ekagawa awegayen kata kare mahindai wijedasai sarath fonsekai witarai bun...ekai etta..monawa unat awrudu ganak udda karala karalama ratak beragatta pudgalayek hatiyata me unu deta fonsekata hitata ekagawama ridenna ati bun...

    aniwa :yes:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    attatama gattot me prasne gena hitata ekagawa awegayen kata kare mahindai wijedasai sarath fonsekai witarai bun...ekai etta..monawa unat awrudu ganak udda karala karalama ratak beragatta pudgalayek hatiyata me unu deta fonsekata hitata ekagawama ridenna ati bun...

    me wage aya tama ratata one. Great speech SF

    Jayawewa
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ISIS nawatanna nam JVP eke inna list ekai jvp unui okkoma maranna wenwa SF ta:yes::yes: Ada ara gon vijitha heratha buruwa kiyanwa ibrahim danne nathuwa athilu kohomada wena paksheka oka hitiyanam JVP higanna internet eka kala ewama dala:D
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ada hoda kathawak kale.
    ranilata dawas 2k gihin appointment ekak denna.
    methuma danwath therum ganna one ranila methuma thiyagena inne mokatada kiyala
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    දේශපාලනඥයෙක් විදිහට මම කැමති නැති පුද්ගලයෙක්,, නමුත් හමුදාපතිව ඉද රටට ඉමහත් සේවයක් කලා, ඒකට ගරැකරනවා, ඒ වගෙම මේ පාර්ලිමේන්තුවේදී කල කතාවට ගරු කරනවා, පක්ශ, පාට නැතුව ජනතාවගේ පැත්තේ ඉදගෙන කල ඉතා වටින කතාවක්...
    අපරාදේ ජරා දේශපාලනය නිසා විනාශ උනා... ගරු කරනවා අපි තවමත්...

    ඔය කතා කරන්නේ ඇමති සරත් ෆොන්සේකා කියන කාලකන්නියා නෙමෙයි මචන්...:yes:
    ඔය කතා කරන්නේ කෙලින්ම හිටපු හමුදාපති සරත් ෆෝන්සේකා මහත්තයා.. ඔය නලියන්නේ එතුමගේ ඇඟේ තියෙන නියම හමුදා ගතිය.. හමුදාපතිකම තාම ඒ මනුස්සයගේ ඇඟේ තියෙනවා..:yes:
    දේෂපාලනේ නිසා පසු කාලිනව සුදුකොඩි කතා කිය කිය කෑ පතේ !@3#$ ගත්තට හිටපු හමුදාපති වරයා කියන්නේ තමන්ගේ ජීවිතෙන් සෑහෙන කාලයක් රට වෙනුවෙන් කැප කරපු මනුස්සයෙක්..
    මේ වගේ වෙලාවක අපිට වැඩිය ඒ මනුස්සයට අවධානම සහ බරපතලකම දැනෙනවා වැඩි.. බෝම්බ කාගෙන, සෑහෙන කට්ටක් කාපු මනුස්සයෙක් නිසා මේ වගේ ලොකු ජීවිත හානියක් උනාම ඒ ලේ වලටත් එක්කම අමාරුව දැනෙනවා..ඒක තමයි ඔය පිට වෙන්නේ ජනාධිපති, අගමැති එක්කත් ගේම ඉල්ලගෙන..:cool:
     
    :yes::yes::love: