Career path in Human Resource Management

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    oya HR kiyana caurse wala monawada bn karanna thiyenne? a kath note padam karala exam liyana seen ekakda? kisima adahasak ne
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Contact ona bung nathuwa ba. Competition eka wadii. Topjobs dana ewa nam godake boru vacancy. But oya unge job portals walata doucment upload karala culture questioner karana ewa nam boru ewa newe :rolleyes:

    mama hr newei bn :P

    mama ahuwe " dis didin name thiyanawa thama "

    onna oka gana
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,027
    2,265
    113
    Srilanka
    තිය තියා ඉන්නේ නැතුව වර ඇතුලට පුතීලද

    Career path in Human Resource Management


    නින්ද යන්නෙත් නැති එකේ එකපාරටම මේ වගේ දෙයක් ගැන thread එකක් දන්නා ඕනේ කියල හිතුන , මුලින්ම කියන්න ඕනේ මට IPM එකේ වැඩ කරන එකෙක් නෙමේ හරිය

    කස්ටිය A/l එහෙමත් කරගෙන යන හින්ද ඉවර උනාට පස්සේ කරන්න ඕනෑ දේවල් ගැන අහයි,කල්තියාම මේක දැම්මේ අපේ කිරියේ ඉන්න පුතිලගේත් අදහස් එක්ක තීරණයක් ගන්නා පුළුවන් thread එකක් වෙයි කියල හිතල.


    A/l කරල හොදට පාස් උනා කියා අවාසනාවකට අපි හැමෝටම campus යන්න බෑ.එහෙමයි කියල රජයටවත් කාටවත් බැන බැන ඉදල වැඩකුත් නෑ. A/l කරල campus යන්න තරම් හොදට කරගන්න බෑ කියල හිතුනනම්(අයෙත් A/L කරන්න බෑ වගේනම්) කාලය කන්නේ නැතුව හොදම දේ ඉක්මනට තමන් job එකක් කරන්න පුළුවන් side එකෙන් දෙයියනේ කියල පිළිගත් තැනකින් course එකක් කරන එක, මානව සම්පත් කළමණාකරණය (HRM) side එකෙන් job එකක් කරනවානම් මගේ තියන experience එකේ හැටියට(මම FCHRM,CCHRM,PQHRM complete කලා පුතීල) මමනම් කියන්න IPM එක තෝරාගන්න කියල. මොකද HRM field එකේ හොද පිළිගැනීමක් තියනවා IPM එකට,ඉතාමත් කෙටි කාලෙකින්(කෙටිකාලයක් කිවුවට මාස 6ක් අවුරුද්දක් නමේ යකුනේ) field එකේ හොද තැනක එන්න පුළුවන්.


    මානව සම්පත් කළමණාකරණය කියන්නේ මොකක්ද ?

    මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක් හිතාගනිල්ලා අපිට job එකක් කරද්දී එක්තරා විදිහකට පිනක් කරගන්න පුළුවන් job එකක් කියල, ඕනෑම company එකක වැඩ කරන්නේ මිනිස්සු,සරලවම කියනවනම් HRM කියන්නේ අන්න ඒ මිනිස්සුන්ව බලාගන්න එක,හරි මනුස්සයව තෝරලා job එකට ගන්නා එක, ගත්තට පස්සේ බලාගන්න එක,ඔවුන්ගේ තියන ප්‍රශ්න වලට ඇහුන්කන් දෙන එක,HR කරල කවද හරි Recruitment side එක බලන්න උනොත් උබ ගාවට එයි අහිංසක දුප්පත් මිනිස්සු එයි job interview වලට(ගොඩක් වේලාවට minior category එකේ job වලට) ඒ මිනිස්සුන්ට job එකක් සෙට් කරල දෙන්න පුලුවන්නම් ගැලපෙන අපි job එකක් කරනවට වඩා තෘප්තියක් ලබන්නා පුළුවන්. මම නම් HRM කලේ අයියා කෙනෙක් කියපු හින්ද :P:P:P


    A/l ඉවර උන ගමන් එකෙක්ටනම් IPM එකේ කරන්න පුළුවන් course තමා

    Foundation Course in Human Resource Management (FCHRM) - 22500/=

    Certificate cource in Human Resource Management (CCHRM) -39500/=

    Professional qualification in Human Resource Management (PQHRM) - 280,000/=


    වැඩි විතර site එකෙන් බලාගන්න https://ipmlk.org/



    මේ තුනම එක දිගට කරගෙන ගියොත් අවුරුදු 2.5 වගේ කාලයක් ඇතුලත කරල ඉවර කරන්න පුළුවන් , හැබැයි පුතෝ CCHRM එක කරද්දී හරි කලාට පස්සේ හරි අනිවාර්යෙන්ම company එකක Intern job එකක් වත් සෙට් කරගන්න ඕනේ කොහොම හරි නැත්නම් වැඩක් නෑ,PQHRM කරන්න පටන්ගද්දිම intern කෙනෙක් විදිහට කරන්න ඕනේ.

    IPM තෝරාගැනීමේ වාසි

    1.අඩු කාලසීමාවකදී ඉතාමත් ඉහල වෘතීය සුදුසු කමක් ලබා ගන්න පුළුවන් (HRM side එකේ vacancy බලපන් Degree or PQHRM කියලා ඉල්ලලම තියනවා,topjobs වගේ බලපන් මොනාද ඉල්ලන qualification කියල.


    2.අනිත් ඒවත් එක්ක බලද්දී පිරිවැය අඩුයි.


    3.ඇත්තම කිවුවොත් බං කරන්න ලේසි :yes:

    PQHRM එක වෙනකම් කරනවනම් මේ දේවල් අනිවාර්යෙන් ඔලුවේ තියාගනින්

    1.කලිනුත් කිව්වා වගේ අනිවාර්යෙන්ම PQHRM එක කරද්දීවත් Intern job එකක් සෙට් කරගන්න ඕනෙමයි.NSBM,SLIIT වගේ එවල කරනවා වගේ නෙමෙයි week days වල clz යන හින්ද job එකක් කරගන්න පුළුවන් , අවුරුදු 4ක් degree එකක් කරල එකෙක් එලියට එද්දී PQHRM කරල 2 years working experince එකකුත් ගන්න පුළුවන්. හැබයි පුතී ඔළුවට ගන්න එපා PQHRM එක Gov හරි NSBM වගේ degree වලට වඩා පට්ටම valid කියල,එහෙම හිතල නිකන්ම ඔහේ PQHRM කරනවා කියන්නේ ගොන් වැඩක්.

    2.PQHRM එක වෙනකන් කරද්දී ඇත්තම කිවොත් අපිට presentation වලින් 95% ක් වගේ බේරිලා ඉන්න පුළුවන් ,එත් එක කරන්න එපා charter වෙවී හරි කරපන් ,lecturers විදිහට එන්නේ company එකක් manager කෙනෙක් නැත්නම් ඊට වඩා ඉහල කෙනෙක් , සමහර වේලාවට උඩින් පල්ලෙන් කරල දාන උනුත් ඉන්නවා , ගොඩක් වේලාවට තමන්ගේ experience share කරල interesting විදිහට lessons කරන අයත් ඉන්නවා, ඉතින් කොහොම උනත් අපි දැනගන්න ඕනේ class cut කරන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න, ඉස්සරනම් module vice exam තිබ්බේ දැන්නම් semester විදිහට තියන්නේ.

    3.කඩ්ඩ අනිවාර්යෙන්ම හදාගනින්


    දැන්නම් PQHRM එකෙන් පස්සේ Msc එකත් තියනවා IPM එකේ , ඒක කරන එකෙක් කිරියේ ඉන්නවනම් විස්තරයක් දාන්න


    මේක බලල එකෙක් ගොඩ යනවනම් ඊට වඩා දෙයක් නෑ , elakiriye ලොකු අයියල එහෙම මම කිව්ව අදහස් වල වැරදි දෙයක්, add වෙන්න ඕන දෙයක් තියනවනම් කොටන් යමු එහෙනම් , bump එකක් වත් දාල thread එක Up කරන්න තව එකෙක්ට දකින්න , rep භාරගනු ලැබේ , ජය වේවා !!

    IPM එකේ MBA එක කරන්න කොච්චර experience ඕනෙද බන්. ඕකේ mba එකට වඩා colombo mba එකේ පිලිගැනීම හොදයිද??