කුසල කර්මයන්ගේ ආනිශංස වැඩිවෙන අයුරු
කුසල කර්මයන්ගේ ආනිශංස වැඩිවෙන අයුරු......
තෙරුවන් සරණ නොගිය අයෙකුට අවුරුදු ගණනක් දෙන දානයට වඩා තෙරුවන් සරණ ගිය අයෙකුට දෙන එක් දානය ආනිශංස සහිතයි..
මෙසේ අදාල දානය ලබන පුද්ගලයාගේ ගුණය වැඩිවන විට ආනිශංසයද වැඩිවේ
මේ ආකාරයෙන් බුදුන් හා මහා සංඝරත්නයට දෙන දායටද වඩා මහා සංඝරත්නයට ආවාසයක් තනා පූජා කිරීම ආනිසංස සහිත වේ..
ආවාසයක් පූජාකිරීමටත් වඩා තෙරුවන් සරණයාම ආනිසංස සහිතයි,ඊටත් වඩා තෙරුවන් සරණගොස් පන්සිල් සමාදන්වීම ආනිසංස සහිතයි...
නහයට සුවඳක් දැනීමට ගතවන කාලය තරම් සුලු මොහොතක් මෛත්‍රිය වඩයිද එය මේ සියල්ලටම වඩා ආනිසංස සහිතවේ..
ඇඟිලි දෙකකින් අසුරු ගැසීමට යන තරම් සුලු කාලයක් සංස්කාරයන් පිළිබඳව විදර්ශනා වශයෙන් දකීද(ලොව ඇති සියලුම දේ, නැසෙන සුලු,දුක් සහිත වූ, මාගේය මමය යැයි සැලකිය නොහැකි බව, මෙනෙහි කිරීම )
එය මේ සියල්ලට වඩා ආනිශංස සහිත වන්නේය....
-වේලාම සූත්‍රය-
.................................
දානයක් මහත්ඵල වීම සඳහා තිබිය යුතු දේ..
දානය දෙන පුද්ගලයා ශීලයක් රකින්නෙකු වීම
දානය ලබාගන්නා පුද්ගලයා ශීලවන්තයෙකු වීම
ධාර්මිකව යහපත් අයුරුන් උපයාගත් දෙයකින් දානය ලබාදීම
පැහැදුණු සිතකින් දානය ලබාදීම
දානය දෙන කෙනා පින් පව් හා ඒවාට ප්‍රතිඵල ඇති බවට විශ්වාස කිරීම...
මේ අයුරින් ඉහත එක් එක් කරුණු වල වැඩිවීම අනුව දෙනු ලබන දානයේ ආනිශංසයද වැඩිවේ....
-දක්ඛිණවිභංග සූත්‍රය -