ඩොකා අල්ලලා.....

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    61342890_1260254730790666_8707598584033312768_n.jpg

    ඊයේ නිව්ස් බලපන් ටොයියෝ..ඔක්කොම සනාත උනා.ජාතකේම දිගඇරියා :lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඊයේ නිව්ස් බලපන් ටොයියෝ..ඔක්කොම සනාත උනා.ජාතකේම දිගඇරියා :lol:

    අනේ උඹ දන්න LRT! ඉස්කෝලේ ගෙදර වැඩ කරලා චූ කරලා බුදියගනින්.



    සිසේරියන් සැත්කම්‍ සහ වඳ සැත්කම් පිළිබඳ ඇත්ත වෛද්‍ය ඇසින් කියවමු
    Piyal-Perera.jpg


    වෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය හදාරා, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති අතර, දැනට බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරයි)
    ##
    මම මහාචාර්යවරයෙක් නොවෙමි. නමුත් වසර විසි දෙකක් තිස්සේ මගේ සහ මගේ පවුලේ ජීවිත ගැටගසා ගැනීම සඳහා ඩිම්බකෝෂ,පැලෝපීය නාළ, ගර්භාෂය, යෝනි මාර්ගය සහ සමහර විට ගුද මාර්ගය සහ මුත්‍ර මාර්ගය අතපත ගාන්නෙමි. එබැවින් බොහෝ දෙනකුගේ ඉල්ලීම මත කෙටි පැහැදිලි කිරීම් කිහිපයක් ඉදිරිපත් කිරීමට සිතුවෙමි.
    සිසේරියන් සැත්කම් දස දහසකට වඩා සිදුකර ඇති වෛද්‍යවරුන් සිය ගණනකි. වඳ සැත්කම් දසදහසකට වඩා සිදුකර ඇති වෛද්‍යවරුන් අතලොස්සක් ඇත. නමුත් සිසේරියන්, වඳ සැත්කම් හාරදහසක් සිදු කිරීමට එක් වෛද්‍යවරයෙකුට ලැබෙන ඉඩකඩ ඉතාම අල්පය.
    සියල්ලටම රහසේ එතරම් ප්‍රමාණයක් සිදුකිරීම ඇත්තෙන්ම හිතළුවකි.
    සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමක් සිදු කිරීමේ දී ගර්භාෂය කපා දරුවා සහ වැදෑමහ ඉවත් කර ගර්භාෂ නැවත මසා අවසන් වන තුරු පැලෝපීය නාල දෙස අත ඇස හිත යොමන්නේ නැත. එනමුත් සැත්කම දෙස සැම විටම ඇස් හයක් යොමුවේ. ඒ සැත්කම සිදුකරන්නා, සහායකයා සහ සහායක හෙදියගේ ය. සමහරු ගර්භාෂය බඩේ කැපුම හරහා ඉවතට ඇද මසන අතර එවිට ඕනෑම අයකුට පැලෝපීය නාලයන් දැකගත හැක.
    වඳ සැත්කමක් සාර්තකවීම සඳහා පැලෝපීය නාලය අවහිර කිරීම හෝ කොටසක් කපා ඉවත් කළයුතුය. සිසේරියන් වඳ සැත්කමකදී දෙවන එනම් පැලෝපීය නාල කොටසක් ඉවත් කිරිමේ ක්‍රමය අනුගමනය කරන අතර එම සැත්කමක් අසාර්ථක වීමේ හැකියාව දෙසියට එකකි.
    යතුරු සිදුරු වඳ සැත්කම කරන විට ලෝහ හෝ ප්ලාස්ටික් වලලුවලින් පැලෝපීය නාලය අවහිර කරනු ලැබේ.
    මෙය වඳ සැත්කම් කිරිමේ පිලිගත් ක්‍රමවේදයයි. සමහරු මේවා යම් වෙනස් කිරීම් සහිතව සිදුකරයි. ඒ අනුව වෙනත් ක්‍රම මගින් පැලෝපීය නාලවලට තුවාල කිරීම වඳ සැත්කම් ලෙස සැලකිය නොහැක. පැලෝපීය නාලය සැත්කම් අඬුවකින් තද කරතැබීම, ඩයතමි තාපය යෙදිම සහ සැත්කම් නූලකින් පැලෝපීය නාලය ගැට ගැසීම වැනි අසම්මත ක්‍රම අසාර්තක වන්නේ නාලය නැවත සැකසෙන(Re-Canalisation) නිසා සහ ගර්භාෂයෙන් පිටත (Ectopic pregnancy )පිළිසිඳීම වන නිසාය.
    සීසර් සැත්කමක් කරන අවස්ථාවකදී සාමාන්‍යයෙන් Artery Forceps යන අඬුව හෝ ඩයතමි උපකරණය පැලෝපීය නාල වෙත ගෙන එනු නොලැබේ. නමුත් ගර්භාෂ බිත්ති උදර බිත්තියට ඇලී පවතින අවස්ථාවකදී අමතර අඩු හෝ diathemy උපකරණ පාවිච්චි කරනු දැකිය හැක.
    සාමාන්‍ය සිසේරියන් සැත්කමකදී ගර්භාෂය තුළට භාවිතා කරන අඬු වර්ගය මගින් පැලෝපීය නාලවලට තෙරපුමක් ඇති කර නොහැක.
    ඒවාට ග්‍රීන් ආර්මිටේජ් අඬුයයි කියනු ලැබේ. හොඳ පුහුණු වෛද්‍යවරයෙක් මේ හැර වෙනත් කිසිදු අඬුවක් යොදා නොගන්නා අතර කාටත් රහසින් එසේ යොදා ගැනීම හිතලුවක් පමණි. එසේ වුවද වෙනත් විශේෂ අවස්ථාවලදී අමතර වෙනත් අඬු පාවිච්චිය සිදුවිය හැකි නමුත් හැමවිටම සහායක වෛද්‍යවරයා හෝ සහායක හෙදිය නොදැනුවත්ව එය සිදු කළ නොහැක.
    සිසේරියන් සැත්කම් හාරදහසක දී වඳ සැත්කම හෝ පැලෝපීය නාලවලට හානි කිරීම් හොරෙන් කිසි විටෙකත් සිදු කළ නොහැකි වන්නේ ඔහුට අවම වශයෙන් එම කාලය තුළ දහ දෙනකුට වඩා සහයක වෛද්‍යවරුන් සහ විසි දෙනෙකුට වඩා සහයක හෙදියන් සිටිය යුතු බැවින් ඔවුන් කිසිවකු හෝ සැක කොට අදාල තැන් වලදී සාකච්ඡා කිරීම හෝ ඉහලට ගෙන යෑම සිදු නොවේ යැයි සිතන්නේ නම් එය මුලාවකි.
    නමුත් මෙම ක්‍රියාව මෙම වෛද්‍යවරයා හෝ වෙන වෛද්‍යවරයකු විසින් මහා පරිමාණ ලෙස අහබුවක් ලෙස සිදුකළ හැකිය. නමුත් එවන් අවස්ථාවලදී එය වාට්ටු භාර ප්‍රධාන වෛද්‍යවරයා හෝ වෙනත් ඉහළ නිලධාරීන් දැනගැනීමෙන් පසු ඔවුන්ට අවවාද කරනු ලැබේ.
    නමුත් සමහර ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් ජනගහනය පාලනය කිරීම වෙනුවෙන් යම් යම් උපක්‍රම භාවිතා කළ හැකිය පවසනු අසා ඇත. එනම් පළවෙනි දරුවා ලැබෙන විට එම දරුවා සීසර් සැත්කමකින් බිහිකිරීමයි. එවිට දෙවැනි හා තෙවැනි සිසේරියන් සැත්කම කර ඒ සමගම මවගේ කැමත්තෙන් වඳ සැත්කම සිදුකරනු ලබයි.
    සමහර විටෙක මෙම ගර්භාෂය තවදුරටත් දරු ගැබක් පිහිටා දරු ප්‍රසූතියක් සදහා සුදුසු නොවන බව පවසා වඳ සැත්කම් සිදුකර වෛද්‍යවරුන් සිටිය අතර ඔවුන් ඒ බවට රෝගියා ව දැනුවත් කර ඇත. නමුත් සමහර සිංහල බෞද්ධයන් පළමු දරුවා සිසේරියන් සැත්කමකින් ලබා දීමේ උපක්‍රමය කරන බවට පුරසාරම් දොඩනු අසා ඇත. එසේම පැලෝපීය නාල තුවාල කළ හැකි බවට පුරසාරම් දොඩනු අසා ඇත. නමුත් ප්‍රායෝගිකව මහා පරිමාණයෙන් මෙම කටයුත්ත සහයක හෙදියන් සහ සහයක වෛද්‍යවරුන්ගේ සහාය නැතිව කල නොහැක.
    අද අපට අවශ්‍යව තිබෙන්නේ මෙහි සත්‍යතාවයක් තිබේදැයි නිවැරදි විද්‍යානුකූලව සොයා බැලීමයි.
    මේ සඳහා ක්‍රම කිහිපයක් භාවිතාකර හැකිය.
    1. මෙම පුවත්පතේ(මේ පිළිබද පුවත සදහන් වූයේ දිවයින් පුවත්පතෙහිය. සංස්කාරක) සඳහන් වෛද්‍යවරයා ඔහුගේ සේවා කාලය තුළ කරන ලද සැත්කම්වල රෝගීන් සහ ලේඛන සොයා එම රෝගීන් ට සිසේරියන් සැත්කම් සමග වඳ සැත්කම කර ඇති බව සඳහන් කර නොමැති නම් ඒ ගැන සැක නම් ඒ සඳහා එච්.එස්. ජී. (Hysterosalpingography) හෝ Hysterosalpingo contrast sonography (HyCoSy) පරීක්ෂාවක් සිදුකිරීම මගින් නාල අවහිරතා සිදුවී ඇති දැයි පරික්ෂා කර ගත හැක.
    2. වෛද්‍යවරු හෝ හෙදියන් කිසියම් වෛද්‍යවරයෙක් විසින් තමන්ගේ සේවා කාලය තුළ එසේ කරනු දැක හෝ අසා හෝ ඇතිනම් ඒ බව දැනුම් දීමට රෝහල් අධ්‍යක්ෂකට හෝ අමාත්‍යාංශයට දැනුම් දීමට චක්‍රලේඛයක් නිකුත් කර එමගින් සැක සහිත වෛද්‍යවරුන්ගේ සැත්කම් පිළිබඳ තොරතුරු සහ රෝගීන්ගේ තොරතුරු එකතු කර ගත හැකිය.
    3. තමාට එසේ සැත්කම් කර ඇති බව සැක රෝගීන්ට ළඟම පොලීසියට පැමිණිල්ලක් කර ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ හැකිය.
    එසේම අදාල පුවත අසත්‍ය පුවතක් පළ කලේ නම් එමගින් ජාතිවාදය ඇවිස්සීමට සහ රටේ ජනයා නොමඟ යැවීම හේතුවෙන්, නීති මාර්ගයෙන් ක්‍රියාත්මකවීම සහ පුවත්පත තහනම් කිරීම ද කළ යුතුව ඇත. මේ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ විද්‍යාලය, සෞඛ්‍ය අමාත්‍යංශය ,පොලිසිය සහ ජනතාව එක්ව කටයුතු කල යුතුය.
     
    • Like
    Reactions: waca

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යූ.එන් පීය සහ බදියුදිනුත් සම්බන්ධ බව හෙලි වෙයි .ඩොකාගේ ජාතකේම ඊයේ එළිවෙයි.දිවයින ,හිරු , දෙරණ ආදී වූ රටට හිතැති මාධ්යයට දේශයේ උත්තමාචාරය .....:cool::cool::cool::cool::cool:

    තව්හිඩ් ඩොකා යූඑන්.පී කාරයෙක් බව හෙළිවෙයි.බදියුදීන්ගේ නියෝජිතයෙක් ලෙස චන්දේ ඉල්ලලා :shocked::shocked::shocked:

    දිවයින තම තොරතුර යලි තහවුරු කරයි :shocked:

    කුරුනෑගල රෝහල් සේවකයන්ට වදසැත්කම් කරන ලෙස බලකරලා .:shocked:

    කුරුනැගල පොලිසියට තමන්ට දෙවන දරුවා නොලැබෙන බව වදසැත්කම් වලට ලක්වූ මව්වරු පැමිණිලි කරලා .:shocked:

    තව්හිඩ් ඩොකා පුවත්පතකට ප්‍රකාශයක් කරමින් තමන් සැත්කම් 8000ක් කල බව තහවුරු කරලා :shocked:

    උපත ලැබු දැරියකුත් මාරු කරලා:shocked:

    තව්හිඩ් ඩොකා පැලොපීය නාල අවහිර කිරිමේ අඩු වලින් සැත්කම් කල නිසා ඉක්මනින් ඔපරේෂන් ඉවර කරගන්න පුලුවන් වෙලා :shocked:

    මෙලෙස තව ඩොක්කු වදසැත්කම් කලාදැයි සැකයක් :shocked::shocked::shocked:


    තව්හිඩ් ඩොකා නිදහස් කරනු - මුස්ලිම් ඇමතිවරු කියයි.:shocked:
     
    • Haha
    Reactions: waca

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688
    113
    යූ.එන් පීය සහ බදියුදිනුත් සම්බන්ධ බව හෙලි වෙයි .ඩොකාගේ ජාතකේම ඊයේ එළිවෙයි.දිවයින ,හිරු , දෙරණ ආදී වූ රටට හිතැති මාධ්යයට දේශයේ උත්තමාචාරය .....:cool::cool::cool::cool::cool:

    තව්හිඩ් ඩොකා යූඑන්.පී කාරයෙක් බව හෙළිවෙයි.බදියුදීන්ගේ නියෝජිතයෙක් ලෙස චන්දේ ඉල්ලලා :shocked::shocked::shocked:

    දිවයින තම තොරතුර යලි තහවුරු කරයි :shocked:

    කුරුනෑගල රෝහල් සේවකයන්ට වදසැත්කම් කරන ලෙස බලකරලා .:shocked:

    කුරුනැගල පොලිසියට තමන්ට දෙවන දරුවා නොලැබෙන බව වදසැත්කම් වලට ලක්වූ මව්වරු පැමිණිලි කරලා .:shocked:

    තව්හිඩ් ඩොකා පුවත්පතකට ප්‍රකාශයක් කරමින් තමන් සැත්කම් 8000ක් කල බව තහවුරු කරලා :shocked:

    උපත ලැබු දැරියකුත් මාරු කරලා:shocked:

    තව්හිඩ් ඩොකා පැලොපීය නාල අවහිර කිරිමේ අඩු වලින් සැත්කම් කල නිසා ඉක්මනින් ඔපරේෂන් ඉවර කරගන්න පුලුවන් වෙලා :shocked:

    මෙලෙස තව ඩොක්කු වදසැත්කම් කලාදැයි සැකයක් :shocked::shocked::shocked:


    තව්හිඩ් ඩොකා නිදහස් කරනු - මුස්ලිම් ඇමතිවරු කියයි.:shocked:

    baba hambenna wage yanne :shocked::shocked::shocked:
     

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    කුරුණෑගල නාරි හා ප්‍රසවවේද වෛද්‍ය ශාෆි ශිහාබ්දීන් අත් අඩංගුවට ගෙන ඇත්තේ සැකකටයුතු ලෙස මුදල් ඉපයීම මත ය.... වඳ සැත්කම් ගැන කතාවක් එතැන ඇත්තේ ම නැත...වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් 8000 ක් පමණ කර ඇති බවට පිළිගෙන ඇති නමුත් එමගින් 4000 ක් වද කළා කියන ඔය දිවයින පලකළ චෝදනාව සනාත වුවා නොවේ.. සමහරු ඔය සැත්කම් 8000 කළා කියන එක පිළිගත්තා කියන එකත් අර්ථ දක්වන්නේ හරියට ඔහු වද සැත්කම් කල බවට පිළිගත්තා වගේ.. ඔය කියන 4000 ක් මව්වරු වද කළා කියන කතාව හා චෝදනාව කියන්නේ දිවයින පුවත්පත පමණි..රෝහල හා පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ ඔහු අධික මුදල් ඉපයූවේ කෙසේද යන්නත් තව්හිද් ජමාත් සන්විධානය සමග අහුගේ ඇති සම්බන්ධතාවය ගැනත්ය. ඔහු වැරැදී කරුවෙකු නම් හෝ අදාළ චෝදනාවලට අඩු වැඩියෙන් හෝ සම්බන්ධ වී ඇත්නම් ඔහුට උපරිම දඩුවම ලබා දිය යුතුය, ඒ වැනි වැරැදී කරුවෙකුට කඩේ යැමට මට කොහෙත්ම අවශ්යතාවයක් නැත. නමුත් සමාජය කැලබෙන බරපතල ප්‍රකාශයක් ඔප්පු නොකර සමාජයේ සංසරණය වීම යහපත් දෙයක් නොවේ. සමහරුන්ට අවශ්‍ය මොකක් හෝ අල්ලාගෙන රට තුළ වෛරය වැපිරවීම පමණකි... එයට අවශ්‍ය අමුද්‍රව්‍ය දිවයින වැනි මාධ්‍යය මේ වැනි කරුණු මගින් ලබා දෙමින් සිටි.

    එම වෛද්‍යවරයා පිලිබදව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කල සදහන හා පොලිසිය විසින් නිකුත් කල සදහන් පහත දැක්වේ... (දැන් මේ ප්‍රකාශ අල්ලාගෙන තමයි දිවයිනේ වද සැත්කම් 4000 චෝදනාව ඔප්පු වුනා වගේ බුකියේ,එළකිරියේ කැ ගහන්නේ)

    "ඔය කියන වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000ක් පමණ සිදුකරපු බවට පිලි අරන් තියෙනවා. ඒ වගේම ඒ සැත්කම් වලින් 4000ක් විතර ඔහු වඳ සැත්කම් කලා කියලා චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි ඒ ගැන විමර්ශනයක් සිදුකරනවා. ඊට අමතරව මේ වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේදි අලුත උපන් දරුවෙක්ව වෙනත් පවුලකට ලබාදිලා තියෙනවා. ඒ දරුවා බිහිකරපු මවගේ කැමත්ත මත. හැබැයි එහෙම කරලා තියෙන්නේ දරුවගේ නම වෙනස් කරලා
    . අපි ඒ ගැන විමර්ශනයක් සිදුකලා. ඒ වාර්තාව මේ වෙන කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරලා තියෙන්නෙ"

    61031657_2147822151934445_8303128255204950016_n.jpg
     
    • Like
    Reactions: waca

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    අද මේ දොස්තර සිසේරියන් සැත්කම් කරපු 5 දෙනෙක් කුරුණෑගල රෝහලට පැමිණිලි කළාලු නේ? නිව්ස් වලට කිව්වෙ :yes:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අද මේ දොස්තර සිසේරියන් සැත්කම් කරපු 5 දෙනෙක් කුරුණෑගල රෝහලට පැමිණිලි කළාලු නේ? නිව්ස් වලට කිව්වෙ :yes:


    ඔව්. ඒ හැමෝම වගේ 2011දි ඒවා.
    2019-2011 = 8 years :(
     

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.​
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මන් හිතන්නේ දිවයින මේක මිනිස්සුන්ගේ අවධානෙ ගන්ඩ කරපු වැඩක් අපේ එවුන්ට් ඕක වඳ කරේ 100 200 කිව්වත් ගානක් නෑ 4000 කිව්වම තමා රත් උනේ, අනිත් එක පරීක්ෂණ ඉවර වෙන්ඩත් කලින් මේකේ ඉන්න එවුන් ඩොකා නිදහස් කරලත් ඉවරයි. එක මිනිහෙක් මැරුවත් 100 මැරුවත් වැරැද්ද වැරැද්දමයි.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි 16 ක්

    සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහිව අද (27) කාන්තාවන් 16 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කර ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.

    කුරුණෑගල , වාරියපොළ , ගලේවෙල , දඹුල්ල , මාවතගම , මැල්සිරිපුර ආදි ප්‍රදේශවල විවාහක කාන්තාවන් ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කර ඇත.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හම්බයා මොන පාහර වැඩේ කරත් උන්ගේ ජාතිය කටක් ඇරල වරදක් කියන්නේ නෑ. ඒකට අපේ උන්....උන් කොහොමහරි ට්‍රයි කරන්නේ එහෙම උනේ නැ කියල හිත හදාගන්න... අනේ මන්ද අපේ උන් නම්... පල්ලිවල කඩු දාස් ගණන් අහුවෙද්දි..... අම්මල වදකලා කියල මාට්ටු වෙද්දි... වද බෙහෙත් දීපුව අතටම අල්ලගනිද්දිත් නෑරෙන් උන්ගේ ඇස්....
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Chameera Jeewantha Dedduwage
    1 hr

    වෛද්‍ය ශාෆි විසින් "වඳ" සැත්කම් කළායැයි පුක පොළොවේ ගසාගෙන මැරෙන්න හදන මහතුනි, දෙවෙනි ළමයා හම්බවුණේ නැති ගෑණු කීපදෙනෙක් අඬාගෙන ඇවිත් මීඩියා ස්ටේට්මන්ට් දුන්න පමණින් චෝදනා සියල්ල සත්‍ය වන්නේ නැත.... පළමු දරුවාගෙන් පසුව මඳසරුබව ඇතිවීමට හේතු ඕනෑතරම් තිබේ... එබැවින් ඔබ සියලුදෙනා මෙහි කොටන සියලු බකපණ්ඩිත තර්ක කිසිවක් "සාක්කි" නොවේ... ඔබට මේ කරුණට සාක්කි දෙන්න අවශ්‍යනම්, පහත පියවර අනුගමනය කරන්න....

    1. නීතිඥයකු හමුවන්න.
    2. ඔබේ බකපණ්ඩිත තර්කය දිවුරුම් පෙත්සමක් (affidavit එකක්) ලෙස සටහන් කරන්න.
    3. කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෙත රෙජිස්තර තැපෑලෙන් යවන්න.

    චෝදනාව ඔප්පුවන තුරු, ජීවිත දහස් ගණනක් ගොඩදැමූ වෛද්‍ය ශාෆි මට නම් වීරයෙකි.


    Copied from FB
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    61123022_125156308687186_4190977384620490752_n.jpg

    මේ කඳාන රෝහලේ වෛද්‍යවරයෙක්!


    ජීවිතේට සයන්ස් පොතක් පතක් නොඅල්ලපු, විද්‍යාත්මක ක්‍රමය ආදිය ගැන මෙලෝ හසරක් දන්නේ නැති, අනුමාන සහ නිවැරදි නිගමන අතර වෙනසවත් නොදන්නා කබ්බනි! තවත් ජෝක් නොවී නිහඬ වන්න!

    :cool::cool:
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මන් හිතන්නේ දිවයින මේක මිනිස්සුන්ගේ අවධානෙ ගන්ඩ කරපු වැඩක් අපේ එවුන්ට් ඕක වඳ කරේ 100 200 කිව්වත් ගානක් නෑ 4000 කිව්වම තමා රත් උනේ, අනිත් එක පරීක්ෂණ ඉවර වෙන්ඩත් කලින් මේකේ ඉන්න එවුන් ඩොකා නිදහස් කරලත් ඉවරයි. එක මිනිහෙක් මැරුවත් 100 මැරුවත් වැරැද්ද වැරැද්දමයි.

    සැත්කම් 8000 ක් කරලා තියනවනම් උඹ කියන්නේ 4000ක් වෙන්න බෑ කියලද?:lol::lol::lol::lol::frown: