ලින්ඩා අයියගේ කතාවට එකඟ වෙනවා,
ඕක හැබැයි ඔහොම කිව්වට මේකේ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.
ඕක කියන්න ඕනේ සංඛ්‍යාත්මක අගයන්, මිනුම් එක්ක...
මම උදාහරණයකට මෙහෙම කියන්නම්,
ElaKiri.com - Members: 560,601 මෙතන ෆේක් ටික අයින් කරලා අපි හිතමු 300 - 400K අතර මෙම්බර්ස්ලා ඉන්නවා .
එලකිරිය කියන්නේ සමාජ පැතිකඩක් වුනාට එක හරියටම ලඝු කලොත්, රටේ සමස්ත අන්තර්ජාල පරිශීලකයන්ගේ හොඳ නියඳියක් විතරයි.
ශ්‍රිලංකාවේ ෆේස්බුක් යුසර්ලා මිලියන 5 - 6 අතර ඉන්නවා කියල ගත්තොත්,
රටේ මුළු ජනගහනය මිලියන 21 ඒ කිව්වේ ලක්ෂ 210.එතකොට ෆේස්බුක් පාවිච්චි කරන පිරිස කියන්නේ රටේ මුළු ජනගහනයෙන් ආසන්න වශයෙන් 1/4 වගේ.
ඒ අතරිනුත් ෆේස්බුක් පාවිච්චි කරන අවුරුදු 18 අඩු පිරිස නොසලකා හැරියොත්, රටේ සමස්ත ජනගහනයෙන් බහුතරය තවම සමාජ මාධ්‍ය වැඩිය ගැවසෙන තැනක් නෙමේ.
එතකොට ෆේස්බුක් හරහා ඇත්තටම තවමත් රටේ ඇති කරන්න පුළුවන් රැල්ලක් විතරයි. ඒ කිව්වේ හුළඟ ගහන් ගියාට පස්සේ ආපහු තිබ්බ තත්වෙට වැටෙනවා.
හැබැයි කැරැල්ලක් ඇති කරන්න නම් සමාජ මාධ්‍ය තරමටම ශක්තිමත් බිම් මට්ටමේ යාන්ත්‍රණයක් ගෙනියන්න ඕනේ.
අන්න ඔතනදි තමයි, නාගානන්ද, පල්ලෙවත්ත, ධම්මික වගේ මිනිස්සු නිකම්ම පැරෂුට් කාරයෝ වෙන්නේ.
මොකද අපි සමාජ මාධ්‍ය ඔස්සේ ඒ මිනිස්සුන්ගේ කල් ක්‍රියාවල් දැක්කට, ඈත දුර ගමක වෙලක් අයිනේ තියෙන තේ කඩේක කයිය ගහන මිනිස්සුන්ගෙන් අහන්න ඔය මිනිස්සු ගැන.
ඕක නිසා තමයි තවමත් අපේ මිනිස්සු ඡන්දෙකදී පෝස්ටර්, බැනර් ගහල කොඩි දාන්නේ.
ඕක වෙනස් වෙන්න නම් අපි අවුරුදු 50 - 60 වෙලා ජෙය්ෂ්ඨ පුරවැසියෝ වෙනකන් ඉවසන්න වෙනවා.
එහෙම නැත්තම් කවුරු හරි එක හොඳ මිනිහෙකුට රටේ බලය දෙන්න වෙනවා.