සාලිට, හිස්බුල්ලාට හා රිෂාඩ්ට එරෙහිව ඔබටත් පැමිණිලි තිබේද ? කළ යුතු දේ මෙන්න.!
2019-06-05 FacebookTwitter
267
Views
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියූදීන් හා හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව සාමාන්‍ය ජනතාවට පවතින පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා පොලීසිය විසින් කමිටුවක් පත් කර තිබේ. පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර ඒ සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.
මෙම පැමිණිලි ඉදිරිපත් කිරීම අද (5) සිට ලබන 12 වැනිදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සිදු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
සාක්ෂි තිබේ නම් ඒවා ද සහිතව ලිඛිතව ඉදිරිපත් කරනු ලබන එවන් පැමිණිලි පිළිබඳ අදාළ නිලධාරීන් මූලිකව පරීක්ෂා කිරීමෙන් පසු ඒවා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.
අදාළ කමිටුවට පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.