|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    XaA5T8t.jpg


    :P:P
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    රැජිනගෙ රටේදි රැජිනගෙ ටීම් එකටයි .ඉන්දියාවටයි ගහලා කප් එක උස්සං එන්න ඔන්නෙ .
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දෙගොලොම පැරදින්න ඕනේ😁

    ඉන්දියාවයි ලංකාවයි ෆයිනල් එන්න ඕනේ😢

    ලංකාවා 75කට විතර ඔල් අවුට් වෙන්න ඕනේ.

    පසසෙ ඉන්දියාව 50 කට ඕල් අව්ට් කරලා මැච් එක දිනන්න ඕනේ.

    :lol::lol:
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ලෝක කුසලානයට ක්‍රීඩා කරනා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට පුහුණු දැල තුළ හොඳින් පුහුණුවීම සඳහා අවශ්‍ය පන්දු යැවීමට යොවුන් ක‍්‍රීඩක බිනුර ප‍්‍රනාන්දු එක්ව තිබේ. ඒ වේග පන්දු යවන පුහුණුකරු රුමේෂ් රත්නායකගේ ආරාධනයකට අනුවය.

    23 හැවිරිදි බිනුර ප‍්‍රනාන්දු ශ්‍රී ලංකාව නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් වන අතර ශ්‍රී ලංකා වේග පන්දුවේ අනාගතය යැයි දැඩිව විචාරක පැසසුම් ලැබූ පන්දු යවන්නෙකි.

    බිනුර මේ දිනවල එංගලන්තයේ යෝක්ෂයර් ප‍්‍රාන්ත පි‍්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරමින් සිටියදී මෙලෙසින් ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ සහයට පැමිණ තිබේ.

    ඕනෑම කණ්ඩායමක් විදේශයකදී පුහුණුවීම් කරන අවස්ථාවකදී දැල් තුළ පන්දු යැවීමට ක්‍රීඩකයන් ලබා දීම සම්ප්‍රදායයි. කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානයේදි ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට එතරම් හොඳ පන්දු යවන්නන් ලබා දීමට අයි.සී.සීය පියවර ගෙන නැත.

    එම හේතුවෙන් යෝක්ෂයර් ප‍්‍රාන්ත පි‍්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරමින් සිටි බිනුර ප්‍රනාන්දුට රුමේෂ් රත්නායක පුහුණුකරුගෙන් ආරාධනාවක් ලැබී තිබේ. ලෝක කුසලාන සංචිතයට නම් නොවුනද, දැල් පන්දු යවන්නෙක් වීම තුල කිසිඳු ප්‍රතිලාභයක් නොවුනද, සිය තරගාවලිය අතහැර බිනුර රට වෙනුවෙන් පැමිණීම ප්‍රශංසා කළ යුත්තකි.

    ශී‍්‍ර ලංකාව සතු වේග පන්දු යවන්නන් අතුරින් වැඩිම උසකින් (අඩි 6.6) යුත් ක‍්‍රීඩකයා වන්නේද බිනුර ප‍්‍රනාන්දුය. ඔහු 2015 වසරේදී පාකිස්තානයට එරෙහිව ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ අතර එම විස්සයි විස්ස තරග දෙකේදී කඩුු 3 ක් දවා ගැනීමට බිනුරට හැකිවිය. එහිදි ඔහු විසින් දවා ගත් ෂාහිඩ් අෆ්රිඩිගේ කඩුල්ල මෙරට රසිකයන්ගේ මතකයේ තවමත් රැඳී පවතියි.

    මේ පිළිබඳව අදහස් දක්වන බිනුර ‘‘රුමේෂ් සර් මගෙන් ඇහුව්වා පන්දු යවන්න එනවද කියලා. ඒ නිසා මම ආවා. මම ක‍්‍රීඩා කරන්නෙ ප‍්‍රාන්ත තරගවලදී අසාර්ථක වන ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කරන පි‍්‍රමියර් තරගාවලියට. ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක්.

    මෙහෙ තියෙන්නෙ වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු. මම දැනට තරග හතරකට කී‍්‍රඩා කරලා කඩුලූ 15 ක් දවා ගෙන තියෙනවා.’’

    ‘‘පාකිස්තානය සමග 2015 වසරේදී විස්සයි විස්ස තරග දෙකකට ක‍්‍රීඩා කළා. ඊට පස්සෙ මගේ පාදයේ ආබාධයක් ඇති වුණා. ඒ ආබාධයෙන් පස්සෙ 2018 වසරේදී මාව ආයිත් ජාතික කණ්ඩායමට කැඳෙව්වා. ඊට පස්සෙ යළිත් අවස්ථාවක් ලැබුණෙ නැහැ.

    ඒ නිසා එංගලන්තයට ඇවිල්ලා අත්දැකීම් ලබා ගන්න මම හිතුවා. ඉදිරියේදී මම හිතනවා යළිත් ජාතික කණ්ඩායමට එන්න පුළුවන් වෙයි කියලා. අපිට හොඳ වේග පන්දු යවන්නන් ඉන්නවා.’’ යනුවෙන් වැඩිදුරටත් පවසනවා.
     
    Jul 17, 2010
    142
    1
    0
    ෆාස්ට් බෝලින් පුහුනු වෙනකොට සයි බෝල් නේද දන්නේ.බොලේන් දමල ගහනවා.පුහුනු වෙනකොට චකින් ෆකින් වැඩක් නෑ.බොලේ ෆාස්ට් ස්වින්ග් ඕන විදිහට දාගන්න පුලුවන් ස්පිනර්ස්ල උනත් චක් කරලා දාන්නේ ට්‍රේනින් වල.අනිත් එක ස්පිනර්ස්ලා ලග ඉදන් දාන්නේ ස්පින් එක වැඩි කරන්න
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    jofra archer ට fitness ටෙස්ට් එකක් තිබිල නේද අද :P ඉන්ජරියකට අත වනනවා වගේ :P:yes: