දල වශයෙන් 920W විතර AC එකෙන් ගන්නවා (දල වශයෙන් කිවුවෙ Power = Voltage*Current කියන එක AC සප්ලයි වලට හරියටම හරියන්නෙ නැති නිසා)
පවර් සප්ලයි එකේ සියලුම DC අවුට්පුට් වල එකතුව 500W වෙනකන් උපකරණ වලට පවර් දෙන්න පුලුවන්
AC එකෙන් 920W අරගෙන අවුට්පුට් එක 500W දෙනවා කියන්නෙ 55%ක විතර වගේ එෆිශන්සි එකක් තියන පවර් සප්ලයි එකක්. සෑහෙන්න විදුලිය අපතේ යනවා
පවර් සප්ලයි එක අම්බානක රත් වෙන්න ඕන
තව එකක් මේ කියලා තියෙන්නෙ කන්ටිනුවස් පවර් එකද පීක් පවර් එකද කියලා සදහනක් නැහැ. මම හිතනවා මේ කියලා තියෙන්නෙ කන්ටිනුවස් පවර් එක ගැන වෙන්න ඇති කියලා. එහෙම නම් මේක චාටර් පවර් සප්ලයි එකක්. මේ පවර් වේස්ට් එක හීට් එක විදියට අපතේ යන නිසා ඇතුලෙ කෑලි රත් වෙනවා ඒක නිසා මේකෙ ආයු කාලෙ පට්ටෙට අඩු වෙනවා
පවර් සප්ලයි එකක් ගන්නකොට අඩුම තරමෙ 80%ක වත් එෆිශන්සි එකක් තියන එකක් ගන්න ඕන. සාමාන්යෙන් පීක් පවර් එක ගන්නවා නම් එෆිශන්සි එක තවත් අඩු වෙනවා