නිවාස ණය ගැන ..
ගොඩක් දෙනෙක් මේ ගැන අහලා තිබුන නිසා පොඩි විස්තරයක් දාන්නම්
* ලබාදෙන උපරිම ණය මුදල රු මිලියන 10යි
* වාර්ශික පොළී අනුපාතය 6%
* ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා ගන්න පුලුවන්.
මේ අනුපාතය ලැබෙන්නේ මුල් අවුරුදු 15 විතරයි. ඊට පස්සෙ අදාල බැංකුවේ පවතින පොළී අනුපාතයට ගෙවන්න ඕනි.
*ආපසු ගෙවීමට ලබා දෙන උපරිම කාලය වසර 25
*ගෙයක් නැති කෙනෙක්ට අලුතින් ගෙයක් හදන්න, ගෙයක් සමග ඉඩමක් මිලදී ගන්න, අපාර්ට්මන්ට් එකක් ගන්න. දැනට තියෙන පරණ ගේ කඩලා අලුතෙන් හදන්න මේ ණය ගන්න පුලුවන්.
විශේෂ කොන්දේසි
*දැනට තමන්ට හරි බිරිඳට/ස්වාමි පුරුෂයාට නිවසක් තියෙනව නම් මේක ගන්න බෑ..
(ඒකට නිවසක් නෑ කියල ග්‍රාම සේවක හා ප්‍රාදේශීය ලේකම් හරහා තහවුරු ලිපියක් ලබාදෙන්න ඕනි)
*බාගෙට හදපු හරි හදාගෙන යන හරි ගෙවල් වලට ගන්නත් බෑ..
*ගේ හදන ඉඩම තමන්ගෙ නමටම තියෙන්න ඕනි. (BOQ එකෙන් 90%ක් දක්වා ණය දෙනවා)
*ගෙයක් තියෙන ඉඩමක් මිලදී ගන්නත් ගන්න පුලුවන් (වටිනාකමින් 80% දක්වා ණය දෙනවා)
*දැනට පරණ ගෙයක් තියේ නම් ඒක කඩලා අලුතෙන් හදන්න ගන්න පුලුවන්.
*ගෙදර ස්වාමිපුරුෂයා/බිරිඳගේ මුලු ආදායම 150,000 ට වඩා අඩුවෙන්න ඕනි.
*රජයේ හා පෞද්ගලික අංශයේ මධ්‍යම පාන්තිකයන්ට විතරයි ගන්න පුලුවන්. අනියම්, තාවකාලික හෝ ස්වයං රැකියා කරන අයට ගන්නත් බෑ..
*වයස උපරිම අවුරුදු 60 වෙනකන් ගෙවන්න ගන්න පුලුවන් (උපරිම කාලය අවු 25ට යටත්ව)
*දැනට තියෙන Loan ගෙවන්න බෑ මේ Loan එකෙන්
*මේ Scheme එකෙන් එක්කෙනෙක්ට/ එක ගෙදරකට ගන්න පුලුවන් ණය ගන්න පුලුවන් එක් වරක් විතරයි
BOC , NSB , Peoples Bank ඕනෑම ශාඛාවකින් ණය අයදුම් කරන්න. වැඩිදුර විස්තර දැනගන්න පුලුවන්.
Copied by Design Inspiration Studio Facebook Page
Thank You Deshan Thanuja Ratiyala